Friday, November 20, 2020

මෘදුකාංග ඉන්ජිනේරුවෙකු වීමට නම්

 


ඒ්ක උතුම් අදහසක්ය! මාධව ද ඒ් සිහිනයේ කරවටක් ගිලී සිටියද දැන් ඒ් ගැන උනන්දුවක් නැති වුවද තවමත් සොප්ටෙයා ඩිවලොප් කරන්නට නං ආසාවෙන් ඒ්වා කර කියාගෙන (ලාවට කාරිය) පාඩුවේ ඉන්නා නමුත් මාධවලාට එකල නොසිටි නමුත් දැන් උන්ට මග පෙන්වා උන්ව හරිමග යැවීමට වත් උත්සහ දරා ඒ් පිනෙන් වත් කෝටි පනහක පමණ ලොතරැයියක් ඇදී දිවි මග සරු වේ යැයි බලාගෙන ඔහේ සිටින්නේය!


කේසේ වෙතත් මේ කෙටියෙන් කියන්නට යන්නේ සොෆ්ට්වෙයා ඉන්ජිනේරුවෙකු වීමට නම් කල යුතු දෑ කීපයක්ය! ඒ්ක අමාරු කටයුත්තක් වුවද පොසිබල් කටයුත්තක් වන්නේ ඔනෑ තරම් අයවලුන් එසේ ඉංජිනේරුවරුන් වී සිටිනා නිසාය!

Friday, November 06, 2020

intel මොල පරම්පරා වර්ගීකරණය - intel processer generations

 



පළමුවෙන්ම කිව යුත්තේ මෙය ඉන්ටෙල් වලට කඩේ යෑමක් නොවන බවය!!!
දැනුම ලබා ගැනීම සහ ලබා දී උදෙසා ලියන ලද්දක් පමණක් බවය!!

පරිගණක මිලදී ගැනීමට ගිය විටදී මෙම ගැටළුව ඇති වන නිසා ඒ ගැන කියන්නට සිතුනේය. පරම්පරාවන් වල වෙනසක් දැනෙන්නේ කාටද? වැදගත් වන්නේ කාටදඝ? වැදගත්වන්නේ මොනවාටද යනුවෙන් දැනගැනීම වැදගත්ය! පරම්පරාවල විශේෂත්වයන් ගැනද එහි වාසි අවාසි ගැනද නව්‍යකරණයට ලක් වීම ගැනද තවත් දේවල් ගැනද කියන්නට සිතුනේ සැබැවින්ම මාධව ද ඒ ගැන හරියට නොදැන සිටි නිසාය!

මේ කියන්නට හදන්නේ ඉන්ටෙල් මොල ගැන කතාවය! විශේෂයෙන් දැන් භාවිතා වන core i වර්ගයේ ප්‍රොසෙසර පරම්පරා ගැනය!

Monday, October 19, 2020

කිහිලි කරුව සහ මල ගෙදර කතාන්දරය!

 


මාධව ඉගෙන ගත්තෙ ගම්බද පාසලක. මේ කතාව කියවනවත් ඇති ඒ් පාසලේ ඉගෙන ගත්තු අය. කතාව අර්ධ සත්‍යයක්ද සැබැවින්ම සත්‍යක්ද ඔබ විශ්වාස නොකලද කතාව මෙසේ කියමි.  හැබැයි මූලිකවම මල ගෙදර සිදුවීම සත්‍යක්. එනම් පාසලේ විදුහල්පති තුමා මිය ගියා. හදිසියේම.

දැන් කතාන්දරය කියන්න පටන් ගන්නම්.

Saturday, October 10, 2020

මාළුවෝ

 


මාළුවෝ

පිහිනා යති උනුන්

නොදැන තවත් ලෝකයක්

ඇතැයි කියා උන් මතින්

ගලන වතුර තුලට වැදී

පිහින පිහින සැරි සරණා

මාලුවෝ................. මාලුවෝ.................

Wednesday, September 30, 2020

ජංගමයෙන් පරිලෝකනය කිරීම

 

කුණුහරුප කීම මීට වඩා පහසුය! සිංහලෙන් පරිගණක ඉගෙනීමට වඩා ඒක හරිම පහසුය! “පරිලෝකනය කිරීම“ යන ක්‍රියාව ගැන දන්නා උන්ට වඩා “ස්කෑන් කිරීම“ ගැන දන්නා උන් වැඩිය! නමුත් කරුමයක මහත වන්නේ ලාංකික අනික්වා වගේම පරිගණක අධ්‍යාපනයද සිංහලීකරණය හා ද්‍රවිඩකරණය කිරීමට යාමෙන් කෙලවෙන අනාගතය නුදුරේම ඇත්තේය! ඒ නිසා කඩ්ඩෙන්ම කියන්නා සේම ස්කෑන් (SCAN) කිරීම කියාම කියන්නට මාධව කැමැත්තේය! පරිගණක අධ්‍යාපනය ජාත්‍යන්තරයට ගැලපෙන ලෙස කඩ්ඩෙන් උගන්වන ලෙසද කියන්නේය! නැත්තං ඒවා කරන උන්ට සිද්ධ වන්නේද අර කැම්පස් “අනාථ කොට්ඨාශයේ“ ගොඩට එක්කාසු වී කොටුවේ ගී ගයන්නටය! අට්ටාල පරිස්සං කරන්නටය!!! මේක සෙල්ලමක් නොවන නිසා තිත්ත උනත් ඒමම කියන්නේය!!!!

Sunday, August 30, 2020

නෑනන්ඩී……………………………..!!



 

සුදු පියකරු නෑනන්ඩී

සිත් මඩලම කළඹන්නී

හිමි නැති මුත් උඹ සොදුරී

සිතින් අඹුව කර ගනිමී

 

Monday, July 27, 2020

වසර දහයක ඉතිහාසයක්! මාධවගේ කතා!



වසර දහයකට කලියෙං මාධව ආසාවට වැඩක් පටන් ගත්ත! සල්ලි මල්ලි මුකුත් හොයන්න නොවේ! ආසාවට!
දැන් වසර දහයක් ගිහිං! දැන් යූ ටියුබ් සල්ලි හොයන්න වගේ ඒ කාලෙ ලස්ස ගණන් හෙව්වෙ බ්ලොග් අටවගෙන! නමුත් මාධව ඒක කලේ සල්ලි හොයන්න නෙමෙයි!! අතීතෙ දවසක ඒ වැඩේ පටං ගන්න අනුරාධ මල්ලි හුඟක් උදව් කලා! ඌ දැං උගේ බ්ලොග වහල! ඌ මූනුපොතේ ඉන්නවා!! ඇවිද ඇවිද!!

ඉතිං,
වසර දහයක්......
සුලුපටු කාලයක්ද මිත්‍රවරුණි!!

Friday, June 19, 2020

ඒයි - AI


ඒ අයි  = ඒයි = AI යනු කෘතීම බුද්ධිය වන්නේය! මේ කියන්නට යන්නේ අපට නොදැනීම කෘතීම බුද්ධිය අප වටා කැරකෙන ආකාර කීපයක් ගැනය! අප දිහා බලාන ඉන්නා අවස්ථාවන් ගැනය.

මාධවට අත්දැකීම් ඇති අවස්ථාද මේ සමගින් කියන්නේය. වැඩිදුර නොසිතුවද වර්තමානය වන විට අප සැම මේ කියන්නා වූ කෘතීම බුද්ධියේ බැල්මට හා තාක්ෂණයේ ගොදුරක් බවට පත් වී හමාරය.

Tuesday, June 16, 2020

සාතන් ඉන්නවා.


 

ඒ පාර අද්දර නුඹ එනකම්ම

වෛරයෙන් සිත පුරවා මග බලන්

රෝස  වෙනුවට කිණිස්සක් අරන්

සාතන් ඉන්නවා රත්තරන්

Saturday, June 13, 2020

ඔබ එතැයි කියා සිතුවත්..................





තරු එළිය දිස්නෙ දුන්නා.............

මල් සුගන්දයක් දැනුනා...............

ඔබ එතැයි කියා සිතුවත්..................

එය සිහිනයක්ම වූවා......................

 

Friday, June 05, 2020

ඔන්න ඔහේ.......!!





හදවතක ගින්දර
අවුලවා කම්හල
ගිනිදවා නිපදවයි
වාචික මූනිස්සම්

Sunday, May 31, 2020

අලිපේර වල කතාව


මේ කියන්නට යන්නේ කෑම කතාවක්ය.

මාධවගේ කතා තුලින් කියනා කතාන්දර අතුරේ ලියවෙන රසවත් කතාවක් ලෙස ඉතිහාසගත විය හැකි අලිපේර කතාන්දර ය මෙසේ ලියවෙන්නේය.
 
අලිගැට පේර, අලි පේර ආදී නං වලින් හදුන්වන Avocado පළතුර මාධව ද ඉතාමත් ප්‍රිය කරනා ආහාරයක්ය. අලිගැට පේර ඇත්නං මාධවට ඒ සෑහෙන්නේය. බඩජාරියා සේ අලිගැට පේර ගිලීමට මාධව කැමැත්තේය. ඉතිං මේ කියනා අලිපේර කතාන්දරය මෙසේ ඇරඹෙන්නේය

Wednesday, May 27, 2020

දත්ත තැටි ලියවන්නා්!




දත්ත තැටි ලිවීමට ලංකාවේ උං බහුතරයකට ඇත්තේ nero මෘදුකාංගය පමණක්ය. නමුදු උබන්ටු සහ වින්ඩෝස් මෙහෙයුම් පද්ධති වල වර්තමානයේ දී Burning මෘදුකාංගයක් බාහිරින් ස්ථාපනය කර ගැනීමකින් තොරව DVD, CD, හා අනෙකුත් දෑ කර ගැනීමට අවකාශ ඇත.

කෙසේ වුවත් මේ කියන්නට යන්නේ වෙනම කතාවක්ය. ලොකු කතාවක් නොව චූටි කතාවක්ය. ඒ්නං නීරෝ නැතිව වීණා වයණා ආකාරයය.

ඒ්නං අද කියන්න යන්නේ NERO වෙනුවට භාවිතා කල හැකි ආදේශක මෘදුකාංග පිළිබදවය.

Sunday, May 17, 2020

ආසයි යන්නට අතීතෙට!




 මෙය අතීතයේ ලියූ කතාවක්ය! එකින් එක පෙල ගස්වා දැමීමට බලාපොරොත්තු වන්නේය! ඒනං කියවන ලෙස ආරාධනා කරන්නේය! නම් ගම් මේ කොටසේ සත්‍ය වන්නේය!
-- - - - - - - - - -- - - - - - - - - -- - - - - - - - - -- - - - - - - - - -- - - - - - - - - -- - - - - - - - -
උපාසක සුපුනා සහ මාධව එකතු වී පිහිටුවා ගත් m7vidu කෝපරේෂන් හි අතුගෑමට ලේනා මහතා පත් කර ගත්තේ අතු ගෑම වැනි කටයුතු සඳහා එතුමා මහතාට එල පුහුණුවක් ලැබී ඇති නිසාය. අතුගෑම පිළිබඳව PHd එකක් කර ඇති ලේනා මහතා ප්‍රධාන කසල භාර තනතුරට පත් කල පසු සිය තනතුරේ දිවුරුම් දුන් පළමුවැනි දිනයේ අති උතුම් කතාන්දරයක් කලේය.

Thursday, May 14, 2020

බැටරියට බඩු ද? Dead Battery?




අද කියන්නට යන්නේ තාක්ෂණික කතාවක්ය. ඒ නං ලැප්ටොප් එකේ බැටරිය ගැනය. මේ දිනවල මාධවටද කරුමයක් වී ඇති මෙම මහගු උතුම් ලේ රත් වන ගැටලුවට විසදුම් ලෙස සැවොම ගෙන ආවේ බැටරිය හා චාජරය මාරු කල යුතු බවය.

නමුත් මේ කතාව හාත්පසින්ම වෙනස් ය. බැටරිය මාරු කිරීමට සහ චාජරය මාරු කිරීමට පෙර කළ යුතු දෑ එමටය. මේ කියන්නට යන්නේ ඒවාය. මාධව චාජරයක් ගත්තද ඒකට පෙර කළ යුතු දෑ බොහෝය. නැත්තං නිරපරාදේ සාක්කුවට ගින්දර පත්තු වන්නේය. 

ඉතිං මේ කියන්නට හදන්නේ ඔබට ඉතුරුවක් විය හැකි ක්‍රම කීපයක් ගැනය. තට්ටු වීමට යෑමෙන් ඔබව ගලවාගන්නා “සුරදූතයාගේ“ දැනුමැති වැදගත් කතාන්දරයක් වන්නේය.

Saturday, May 09, 2020

ලියවන්නෝ!!



මේ කියන්නට යන්නේ පරිගණක කතාවක්ය. “ලියවන්නෝ“ යනු කෝඩිං ලිවීමට ගන්නා සරල සොෆ්ට්වෙයා ටිකක් ය. මාධව ඒවාට ඒම කියන්නේ ආදරේටය. ඒනං අද කියන්නට යන්නේ වැඩ්ඩෙක් වෙන්න භාෂා ලිපියට අදාල  කතාවක්ය. 

ඒ කෝඩිං ලියන්නට උපකාරී වන සරලම සරල මෘදුකාංග කීපයක් ගැනය. ඉගෙන ගන්නෝ ඉගෙන ගත්වා ය!!

Saturday, April 18, 2020

Startup Folder - සිංහලෙං නමක් නැත




මේ කියන්නට යන්නේ තවත් පරිගණක කතාන්දරයක්ය. ප්‍රෙයා්ජනවත් වන කටයුතු සිදු කර ගත හැකි වන්නේය. Windows සංස්කරණ වල භාවිතා වන දෙයක් ගැනය. සුභ අලුත් අවුරුද්දේ කොරන්ටයිං වෙමිං සැමට සුභ පතමින් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමින් මේ කතාන්දරය ලියන්නේය.

මේ කියන්නේ සිංහලෙන් නම නොදන්නා ඉංග්‍රීසියෙන් නං Startup Folder ගැනය.

Monday, March 23, 2020

කකන හුවි දෙක



මල් ගොමු ව තුල පිප්පි
ඉම්ඹ නොවැ සුදු චූටි
මල් පිපුණි රොන් සැලුනි
පිප්පි චූටිට බැදුනි

චූටි අද ඉපිලිලා
පළමු වර පිබිදිලා
පිප්පිගේ වද නිසා
පිබිදෙන්නෙ විලි මකා

Saturday, March 21, 2020

කකන හුවි!!


එහා ගෙදර පිප්පියා
මෙහා ගෙදර චූටියා
දෙන්නම එක්වී ඊයේ
රෑ මැද ගමනක් ගියා
 

Friday, February 28, 2020

වියලි ලිවිල්ල

අයිස් ඒජ් එකේ අන්න අර තක්කඩි මුගටියා බක්..
අන්න ඒකා රූඩිගෙ උගුරේ තියන ඇටේ පැද්ද වගේ උගුර පුරා වේදනයි..
වේලිලා ගොහිං...

Sunday, February 23, 2020

පුංචි ගුරු යුවතී පංතියේ


සිත් වසඟ කල කුමාරී
මතක අවුලයි යලි යලිත්
ප්‍රාග්දර්ශය නුඹද ඇයගේ
ඒදා මා සිත් සයුර කැළඹු 

Saturday, February 01, 2020

වැඩ්ඩෙක් වෙන්න භාෂා! 


පරිගණක වැඩ්ඩෝ වෙන්ට හැමෝටම බැරිය. හැබැයි රියල් වැඩ්ඩෝ ඇති පදම් ලංකාවේ ඇත. ඒ වගේම මාධව, ලේනා මහතා, උපාසක, වැඩ බැරි නුවනා ආදී හොරගෙඩියෝ රැල මෙන් වැඩ්ඩෝ ලෙසට පෙනී ඉන්නටත් පුලුවංය. වැඩිපුර ඉන්නේ ආං ඒම උංය.  කෙටියෙං කිව්වොත් සක්විත්තෝ ලෙසට කප් ගැසිය හැකිය. මේ කියන්නට යන්නේ අන්න ඒක ලංකාවේදී කරනා විදියක්ය.

එසේනං අද “වැඩ්ඩෙක් වෙන්න භාෂා“ නමින් පරිගණක භාෂා ටිකක් ගැන සරලව කියන්නේය.

ඉතිං ආයුබෝ වේවාය............

Tuesday, January 28, 2020

එක දවසක කතාන්දරයක්





ඉතාමත් දිගු කලක සිට ගෙවී ගත වන  කාලය පුරාම මාධව ඇය ගැන හිතුවෙ නෑ. එදා මෙන් ප්‍රභලව ඒ හැඟීම් මතු වෙන්න ඉඩක් ඔහු දුන්නෙ නෑ. කිසි විටකදී. නමුදු ඇතැම් විට ඔහු පැරදුමට ලක් වී තිබෙනවා. සිහින කෙසේ වලකන්නද? සැබෑ ජීවිතයේදී ඉඩ නොදුන්නද, සිහින ඇයව ඔහු කරා ගෙන ඒමට පුරුදු වෙලා. ඒ මන්ද? තවමත් යටි සිත ඇයට ඇලුම් කරන නිසාද?

Monday, January 27, 2020

අත්තම්මා එන්න! ඇවිත් කයි කතාන්දර කියන්න.







අත්තම්මා එන්න
ඇවිත් කතන්දර කියන්න
නොනිදනා මේ පුංචි ජීවය
නලවමින් සනසන්න

Tuesday, January 21, 2020

සම්බන්ධතා ඇති කරවීම


මාධව කෙටියෙන් කියන්නට යන්නේ පරිගණක කතාවක්ය. දිගු වැඩි වීම නිසාම බෝරිං වනු ඇතැයි සිතා කෙටියෙං අධ්‍යාපනය ලබා දීමට තීරණය කරන්නේය. ඒ් අනුව මේ කියන්නට යන්නේ දැන ගත යුතු කාරණා කීපයක් ගැනය

ඒ් නං පරිගණක අවට ගැටගැසී ඇති වයර් කැබලි ගැනය.

Friday, January 10, 2020

හරි විදියට වැරදි පෙන්වීම



අනුන්ගේ වැරදි තැන් තැන් වල කියවීම හැමෝම ප්‍රිය කරනා විනෝදාංශයක් වන්නේය. කෙසේ වුවත් කාගේ වුවත් කියන වැරැද්දක් හරියට නිවැරදිව සාක්ෂි සහිතව ප්‍රකාශ කිරීම අගනේය. පරිගණකයේ වැරදි අනුන්ට (අනුන් යනු IT උං ය!) කීමේ දීද නිවැරදිව පැවසීමෙන් වැරදි නිවැරදි කිරීම පහසු වේ. මාධව අද කියන්නට යන්නේ කොම්පීටර වල වැරදි නිවැරදිව පැවසීමේ ක්‍රමයක් ය. 

ඒ්කට කෙටියෙන් PSR කියා කියන්නේය 

දිගු වැකිය  Steps Recorder වන්නේය. එනම් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ ලබා දෙන පහසුකම් වලින් එකක් වන්නා වූ Steps Recorder ගැන මාධව දැං කියන්නට යන්නේය.

Tuesday, January 07, 2020