ඔබ එතැයි කියා සිතුවත්..................





තරු එළිය දිස්නෙ දුන්නා.............

මල් සුගන්දයක් දැනුනා...............

ඔබ එතැයි කියා සිතුවත්..................

එය සිහිනයක්ම වූවා......................

 

“ සෙංකඩගල පුරවරයේ විඩාව වඩන ගිනි අව්වෙන් මුලු ගතම දවන වෙලාවක පුංචි සිසිලසක් බලාපොරොත්තුවෙන් ඔහු ඔරලෝසු කනුව දිහාවට ඇදුනා. පුංචි සිගිති රුවක චායාව දකින්නට බලාපොරොත්තු ඔහු තුල ඇති වෙමින් තිබුනා.  ගිනි දහවල ඔහුව දහඩියෙන් තෙත් කලා. හුඟක්! නමුත් ආදරය ඔහුගේ වෙහෙස දුරු කරනවා. ගත නිවාලන්නට අවැසි නොවුවත් ඔහුට ඔහුගේ සිත නිවාලන්නට උදක්ම ඕනෑ උනා. ජීවිතයේ ඔහුගේ බලාපොරොත්තු වලින් මේ පුංචි බලාපොරොත්තුව වත්, මේ පුංචි  ප්‍රාර්ථනාවවත් අද දිනයේ නම් සැබෑ වනු ඇද්ද? ඉටු වනු ඇද්ද?  ඔහු තුලම විචිකිච්චාවක් පවතින්නට උනා....


ඇය ඒවිද?? “


සිත ඉකිබිඳිනව ඇසුනා...............

නෙතු කඳුලැල්ලෙන් පිරුණා..............

ඔබෙ සුරතේ පහස දැනී...............

දුර නොපෙනී යනු පෙනුනා...............

 

“ කාලය ගෙවෙමින් පැවතියා. ඔහුට දැනුනා... අදත් ඔහුගේ බලාපොරොත්තුව නිසැකවම සැබෑ නොවන බව. ආදරය කළත් එය නොලැබීමක් තුල, කිසි දෙයක් තේරුම් ගැනීමක් සිදු නොවූ කල, ඇය පිළිබඳව මතකය පමණක් තුරුලු කරන් ඔහු සිතින් වැලපෙන්න උනා. එයයි ඔහුට උරුම! ඔහු සිතුවා... තව දුරටත් පලක් නෑ මෙහි හිඳීමෙන්... අදත් ඇය නොඑන බව නිසැකයි.  කාලය ඔවුන්ව වෙන් කළ හැටි.. ආදරය මේ යැයි තේරුන් ගැනීමට හැකි අයුරින් කාළය ඔවුන්ව ඈත් කර දමා යැයි ඔහුට සිතුනා. ගෙවී යන කාලය අතින් අල්ලා නවතන්නට නොව අතීතය දක්වාම ආපසු හරවන්නට ඔහුට ඕනෑ උනා. මිතුරන් සේ ළගින් උන් ඔවුන් පෙර දිනකයදීම එක් සැන්දෑවක අවසන් වරට කතා කර මිතුරන් සේම වෙන් වී ගිය හැටි ඔහුගේ දෑස් ඉදිරිපිට මැවි මැවී පෙනුනා. ආදරය නම් වූ හැඟීම දෙහදක දරාගෙන නිහඩව අවසන් වරට දෑත් පැටලී සමු දුන් හැටි ඔහුට මැවී පෙනුනා. දාඩිය බිඳු අතරින් කඳුලු බිඳුද නෙතග පිරෙන බවත් එම උණුසුම් කඳුලු බින්දුවද දෑස් අගින් බිමට කඩා හැලී ඔහුගෙන් සමු ගන්න සූදානම් බව ඔහුට යලි යලි දැනුනා.



එකම  එක මොහොතකට ඇය ආවානම්.........!“

 

තරු එළිය දිස්නෙ දුන්නා.............

මල් සුගන්දයක් දැනුනා...............

ඔබ එතැයි කියා සිතුවත්..................

එය සිහිනයක්ම වූවා......................

 

“ ඔහු හැරුනා. ඔහු ආපසු හැරී එන්න පිටත් වුනා. අදත් නොදුටු ඒ රුව මියෙන්නට පෙර එක් වරක් ඔහුට දැක ගන්න වුවමනා බව හිත කීවා. ජීවිතය හරිම කෙටියි. එහෙත් ඒ කෙටි කාලය තුල තමාගේ කර ගන්න බැරි ඈව එකම එක වරක් දැකගන්න ඔහුට වුවමනායි. නමුත් දෛවය ඔහුට වෙනදා මෙන් දුක් විඳීමට සැලැස්වූවා. ඇයට ඔහුව හමු වීමට දෛවය ඉඩක් නොදෙන බව, ඇය ළගින් හිඳ ඈට ආදරය කරන්නට දෛවය ඉඩක් නොදෙන බව ඔහු තේරුම් ගත්තා. අවසාන වරට යලිත් හැරී බැලූ ඔහුගේ දෙනෙත මත තිබූ බලාපොරොත්තු සහගත බැල්මටවත් දෛවයාගේ හිත උනු උනේ නෑ! සිනමා සිත්තමක මෙන් මියුරු සංගීත නාදය, කෙහෙ රැල් නලවා ඇයව වඩාත් සුන්දර කරන සුළං රැල්ල මෙහි නොමැති බව ඔහු දැන සිටියා. නමුදු ආදරයේ හැඟීම පිරුණු ඔහුගේ සිත ඈව කෙසේ හෝ දැක ගැන්මට අදහස් කරන් සිටියා. බලාපොරොත්තු සුන් වූ පසු දැන් ඔහුට කළ හැක්කේ දුක දරා ගැනීම පමණයි.. එය ඔහුට උරුම දෙයක්. ඔහු හැරුනා. යලිත් නොබලන පොරොන්දුව සිතට දෙමින්...

එහෙත් බලාපොරොත්තුව තවමත් මැරිලා නෑ.......

නමුදු ඇය  ආවෙත් නෑ....................

ඉතිං ඔහු යන්න ගියා........................

ආදරය එසේම සිත තුල පරිස්සම්කරගෙන.....................“

 

 

පද පෙළ උපුටා ගැනීම -

ගීතය - තරු එළිය

ගීත රචකයා - සුමිත්‍රා බෝපිටිය

ගායනය  - සුබුද්ධි

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form