Startup Folder - සිංහලෙං නමක් නැත




මේ කියන්නට යන්නේ තවත් පරිගණක කතාන්දරයක්ය. ප්‍රෙයා්ජනවත් වන කටයුතු සිදු කර ගත හැකි වන්නේය. Windows සංස්කරණ වල භාවිතා වන දෙයක් ගැනය. සුභ අලුත් අවුරුද්දේ කොරන්ටයිං වෙමිං සැමට සුභ පතමින් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමින් මේ කතාන්දරය ලියන්නේය.

මේ කියන්නේ සිංහලෙන් නම නොදන්නා ඉංග්‍රීසියෙන් නං Startup Folder ගැනය.

Startup folder හි වැදගත්කම වන්නේ පරිගණකය පණගැන්වීමේන් පසු මෙහෙයුම් පද්ධතියට  ප්‍රවේශ වීමේදී පරිශීලකයාට අවැසි අන්දමට වැඩසටහනක් හෝ දෙකක් ඉබේ ක්‍රියාත්මක වීම සිදු කිරීමට යොදා ගත හැකි එක මාර්ගයක් නිසාවෙන්ය. කල යුත්තේ සරල කටයුත්තක්ය.

වින්ඩෝස් 10 වලට පෙර සංස්කරණ වල Startup folder පිහිටා ඇත්තේ start - > All Programs වලය. එහිදී රූපයෙ ඇති ආකාරයට right ක්ලික් කිරීමෙන් Startup folderය විවෘත කර ගත හැකිය.

right click on startup and click open all users


ඉන්පසු කල යුත්තේ ඔබට ඉබේ ක්‍රියාත්මක වීමට අවැසි වැඩසටහනේ shortcut ලිංකුවක් Startup folder 
තුලම නිර්මාණය කිරීමය.
ඒ කරනා අයුරු පහත දක්වා ඇත.
step 01 - right click and click create shortcut




click browse and select the program from program files
ඉන් පසු පරිගණකය restart කිරීමෙන් ප්‍රතිපල දැක බලා ගත හැකිය. කෙසේ වුවත් මෙය වැදගත් වන්නේ පරිශීලකයාට
 අවශ්‍ය වැඩසටහන් auto launch කර ගැනීමට මිස හතුරාගේ පරිගණකයේ ෂෝට් කට් සීයක් පමණ සාදා ඌට ඇනයක්
 වී ආතල් ගැනීමට නොවන්නේය.

මෙහි විශේෂත්වය වන්නේ sinhala tamil Kit වැනි ප්‍රකට වැඩසටහන් පවා මෙම Startup folder හි පිහිටෙං 
ඉබේ ක්‍රියාත්මක වීමය. එමෙන්ම අදාල වැඩසටහන් ක්‍රියාත්මක කර විය හැකි ආකාරද එම වැඩසටහනේ shortcut 
properties වලින් සැකසිය හැකිය. එයද රූපයේ දක්වා ඇත.

shortcut properties හි run යටතේ ඇති විධාන වලින් සැකසිය හැකිය.
ඒ කීවේ පැරණි කතා ටිකක්ය.
 
නමුත් දසවැනි ජනේලයට පැමිණීමේදී Startup folder හි කටයුතු වෙනස් වී ඇත. 
මේ ලියන්නට හිතුනේද අන්න ඒ නිසාය.

එහිදී Startup folder ය පාලක පුවරුව (control Panel) වෙත යොමු කර ඇත. 
නමුත් පරිශීලකයාට අවැසි ආකාරයට පෙර සේම වැඩසටහන් ඉබේ ධාවනය වීමට අවස්ථාව සලසා දී ඇත.

එමෙන්ම වර්තමානයේදී Start මෙනුව තුල මෙම Startup folder නොමැත. 
එය පහත ක්‍රමයෙන් ලබා ගත යුතුය
ඒ සදහා start -> run හි shell:startup ලෙස ටයිප් කර ok කල යුතුය. ඉන්පසු ක්‍රියාවලිය පෙර සංස්කරණ සේමය. එසේම මෙම විධානය ජනේලය 10ට පෙර සංස්කරණ වලටද අදාල වේ.
shell:startup


දසවැනි ජනේලයේදී පාලක පුවරුවේ ඇති startup settings පහත දක්වා ඇත.



startup හි ඇති වාසි පහතින් දක්වා ඇත

1. ඔබට නිතිපතා අවැසි වන වැඩසටහන් ස්වයංක්‍රීයව  ධාවනය වීම
2. Run background - තිරය පිටුපස ධාවනය වීමට අවැසි මෘදුකාංග මෙමගින් ධාවනය වීමට සැලැස්වීමට හැකිය

මේ ආදී නොයෙකුත් පහසුකම් සහිත startup folder සම්බන්ධව කල හැකි තක්කඩිකම් ඇති අතර ඒවා කියා දීමට මාධවගේ කැමැත්තක් නැත. නමුත් පලි ගැනීමකදීද මෙම ෆෝල්ඩරය මනා සේ උපකාරී වන බව තරයේ සිහි තබා ගන්නා ලෙසද මාධව කියන්නේය.

ඒනං හෑව් අ හැපී කොරෝනාය.

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form