සුදු පියකරු නෑනන්ඩී
සිත් මඩලම කළඹන්නී
හිමි නැති මුත් උඹ සොදුරී
සිතින් අඹුව කර ගනිමී
දිය රෙද්දෙන් වැසී තිබෙන
නුඹේ සොදුරු කල එලි බව
පිට දේසෙක පිටරැටියෙක්
වෙත පුදදෙනු බැහැ දරන්න
නෑනන්ඩිට උරුම කියන
මා හට නැතිදෝ අවසර
පිපුනු කුසුම සිප ගන්නට
රැයක් පුරා සැනසෙන්නට
නිදි යහනේ සුව ලැබුනද
නුඹ ලග ඇති සුවය සොයමි
ලැබුනොත් යම් දිනක පහස
ගෙනයමි නුඹ සොදුරු ලොවට
පුදා ඔහුට නුඹෙ වත්කම්
දිනෙක වෙයන් මට වත්තම්
එකම එක් වරක් දෑසින්
ඉගියක් දීපන් සැනසෙමු
රැයක් පුරා දග කරමූ
දිවි මඩලේ සුවය සොයා
නුඹේ නාඩි නිල මත්තෙන්
සුසර කරමි නුඹ නිසි ලෙස
සුරකිමි මණි මේඛලාව
නුඹගේ මතු දිවිය නිසා
අකමැත්තෙන් වුවත් සිඹිමි
බඹරිඳු මල පෙති නොතලා...........................
No comments:
Post a Comment
Your Comments / ඔබේ ප්රතිචාර