මාධව ඉගෙන ගත්තෙ ගම්බද පාසලක. මේ කතාව කියවනවත් ඇති ඒ් පාසලේ ඉගෙන ගත්තු අය. කතාව අර්ධ සත්‍යයක්ද සැබැවින්ම සත්‍යක්ද ඔබ විශ්වාස නොකලද කතාව මෙසේ කියමි. හැබැයි මූලිකවම මල ගෙදර සිදුවීම සත්‍යක්. එනම් පාසලේ විදුහල්පති තුමා මිය ගියා. හදිසියේම.
දැන් කතාන්දරය කියන්න පටන් ගන්නම්.
මාධවගේ පාසලේ 2001 – 2002 කාලයේ වගේ හිටියා විදුහල්පතිතුමෙක්! එතරම් උස මහත නැති සැර පරුෂ බව ටිකක් ඇති වයසක පෙනුම තියන මනුස්සයෙක්. මාධවලා එකල 8 ශ්‍රේණියේ වගේ මතක! කොහොම හරි මාධවලා විදුහල්පතිවරුන්ට අකමැති වීම සාමාන්‍ය කරුණක්නේ. හැමෝම විදුහල්පතිවරුන්ට සාප කරන ඒකම තමා කරන්නේ පාසල් කාලේ! පාසලෙන් පස්සේ දන ගහල වැන්දට!! කෙසේ වෙතත් මහ රෑ මැදියම මහා පාරේ සිදු වුනු අනතුරකින් විදුහල්පතිතුමා රෝහල්ගත කල පසු අවසන් ගමන් යන්නට යෙදුනා! ඒ් හන්දිය සාප ලත් හන්දියක්! තවමත් අනතුරු බහුල ස්ථානයක්! වැසි කලට හරිම භායානකයි!
කුමක් හෝ හේතුවක් මත අවමංගල්‍ය උත්සවය පැවැත්තුනේ පාසලේ ගුරු නිවාසේ. දැන් තමා කතාවේ හොඳම ටිකට යන්නේ.
පාසල ඒ් දවස් වල සැබැවින්ම මල ගෙයක්! මාධ්‍ය ඒ්කකය දිනය පුරාම මල වාදනය විකාශ්‍ය කරමින් සිටියා. ඉගැන්නුම් කටයුතු සිදු වුනේ නෑ. පාසලේ හැමෝම මල ගෙදර කටයුතු! ළමයි පාසල් එන නමුත් ඉන්නේ මල ගෙදර! හැම පන්තියකින්ම විනෝදසාගරයක සිරි ගනිමින් කුප්ප කතා කියමින් සතුටින් මල් වඩම් නිර්මාණය කරමින් ඉගැන්නුම් කටයුතු වලින් තොරව කල් ගෙව්වා! මතක හැටියට දින දෙකක් හෝ තුනක්!
කොහොම වෙතත් මේ කාලයේදී පාසලේ කැඩෙට් කණ්ඩායමට විශේෂ රාජකාරියක් පැවරිලා තිබුනා. ඒ් තමයි ප්‍රභූ අවමංගළ්‍යකදී මල මිනිය සතර කොනට වී තනි රැකීමේ කාර්ය හමුදාවෙන්, පොලීසියෙන් කරනවා සේ විදුහල්පතිතුමාගේ මල මිනියට තනි රැකීම. ඒ්ක පාසල් කැඩෙට් කණ්ඩායමට ලැබුනු ගෞරවයක් මෙන් උනා.
හැමදාම උදේ සවස සහ මහ රෑ වෙනතුරු කැඩෙට් කණ්ඩායම ඉතා උනන්දුවෙන් තමන්ගේ කටයුත්ත සිදු කලේ මහත් කැපවීමෙන්! නමුත් අවසන් කටයුතු කිරීමට පෙර දින මහ රෑ සිදු වූ සිදුවීම් මාලාව මාස ගණනක් දක්වා ඇදී ගියා!
ඒ් පුවත මෙසේය......
පළමුවෙන් සිදු වූයේ ලීයක් පොලවේ ගැටෙන විට නැගෙන ආකාරයේ හඩක් ඇසෙන්නට පටන් ගැනීම. පළමුවෙන් ඒය ඇසී තිබුනේ මෘත කලේබරය ට තනි රැක්ක කැඩෙට් සිසුන් හට. එතන සිසුන් හතරක් සහ මිනිසුන් කිහිපදෙනෙක් ඉන්නට ඇති.
“ටොක් .... ටොක්...... ටොක්....”
කෙමෙන් කෙමෙන් ඒම ඇසීම පැහැදිලිව සිදු වුවත් අපේ නිර්භීත කැඩෙට් වරු සිට කටයුත්ත මනාව ඉටු කලා. හෙලවෙන්නේවත් නැතිව මිනිය ආරස්සා කලා! ලී පුටු කකුලක, හැරමිටියක, කිහිලිකරුවක වැනි හඩක්! රටාවට! සෙමෙන් පියවර නගන තාලයට ඇසුනු හඩ ඔවුන්ගේ ඔද තෙද බින්දේ නෑ! අවට මිනිසුන්ද සිටි නිසා ඔවුන් අවදෘනයෙන් පසු වූවා!
අවට සිටි පිරිස් පවා පුදුම උනත් කාටවත් කිසි දෙයක් සොයා ගන්න උනේ නෑ! නමුත් පහල පන්තිකාමරයක සිටි සහෝදර කැඩෙට් සිසුන් කැළඹී ගියේ මල ගෙදරට වඩා ආසන්නයෙන් තමන් සිටි කාමරය තුලින්ම ඒ හඩ ඇසීම නිසයි! ඔවුන් කැළඹී ගියා. තනි රැකීමට තමාගේ වාරය පැමිණෙන තෙක් ගුරු මේසය, ගුරු පුටුව, ඩෙස් සහ පුටු ආදී දෑ මතට වී කුකුල් නින්දක සිටි සහෝදර කැඩෙට්වරු කැළඹී ගියේ නිසැකවම එය හැරමිටි හෝ කිහිලි කරු ශබ්දයක් වන්නට ඇති නිසා. තරුණ පිරිසක් වුවත් ඔවුන් බය වූ පාරට නතර වුනේ මල ගෙදර සිටි පිරිස අසල. කට්ටිය ඒක් රැස් වූ විට ශබ්දය නතර වී ගිහිං! කිසිවෙක් හෝ කවට කමට කල වැඩක් වන්නට ඇති. පිරිස එසේ සිතා නිහඩ වූවා! නමුත් සත්‍ය වටහා ගත් පුද්ගලයා සත්‍ය දැන සිටියා!
ඒ් මාධව!
මාධව හේතුව සොයා ගියා! මල මිණිය දෙස බලා සිටි මාධව එක් දෙයක් තේරුන් ගත්තා! ඒ් තමා සිදු වූ අනතුර හේතුවෙන් මළ මිනියේ කකුලක් කැඩී ඇති බවද, මෘත කලේබරය දෙස පැත්තෙන් හිඳ බැලූ විට පැහැදිලිව ඒ බැව් පෙනෙන බවද, ඒ කකුල අනෙක් කකුලට වඩා ඇද හෝ කොට වීමක් ඇති වී ඇති බව පැහැදිලි උනා! එනයින් කිහිලිකරුවක් හෝ හැරමිටියක් අවශ්‍ය වූයේ මන්ද, ඒ් කා සඳහාද යන්න මාධව විසින් වටහා ගත්තේ සැනෙන්. මාධව විසින් එය පෙන්වා දුන් පසු පිරිස තවත් තුෂ්නිම්බූත වූවා! මාධවගේ අදහස වූයේ විදුහල්පතිතුමාගේ ආත්මය පසුදින නිවසින් බැහැර වීමට කල පෙර සූදානමක් බවයි. පිරිස ඒ් අදහස පිලිගත් බව පෙනී ගියද කැළඹීම ද ඒසේම පැවතියද අවසන් කටයුතු මහා වරුෂාව මධ්‍යයේ සිදු කෙරුනා. කිසි කරදරයකින් තොරව!
තුන් මසක ඇවෑමෙන් පාසලේ කටයතු සාමාන්‍ය කරණය උනා. මාධවලා ඒ් වන විට නව වසරේදී නව පන්තියකට යෙමු උනා. ඒ් යොමු උනේ අර කැඩෙට් නිලධාරීන් නිදා ගත් පන්තිකාමරයට!
කිහිලිකරු ශබ්දයට හේතුව එදින හෙලි උනා! හේතුව බොහොම සරල කරුණක්! කකුලක් කොට වූ ළීයෙන් තැනූ ගුරු පුටුව සහ එහි නිදා ගත් පුද්ගලයාගේ නින්දෙන් දැඟලිල්ල බව පසක් වූයේ සැකයට මෙන් ඒ මත හිඳගෙන පුටුව පද්දා බැලූ විට. ආත්මය කෙසේ වෙතත් කිහිලිකරු ශබ්දයට හේතුව ඒසේ හෙලි වූවා! ටොක් ටොක් ටොක්! ඒ් රටාවටම! පන්තියේ සිසුන්ගේ කටවල් ඇරුනේ කටකතාව සියල්ලෝම හොඳින් දැන සිටි නිසා!
කතාව
ඉවර නෑ! මාස හයක පමණ ඇවෑමෙන් පාසලේ පරිසර කඳවුරක් පැවැත්වූවා! පාසල තුල භූත කතා
ඇති බව කසු කුසු නොතිබුනාද නෙමෙයි! වසා දැමූ ගුරු නිවස පැත්තේ ගියේ ඒහෙමත් නිර්භීත
ළමයෙක් දෙන්නෙක් පමණයි. කෙසේ වෙතත් ඒ් නිවසට පාසලේ ගුරු යුවලක් පදිංචියට පැමිණියේ
සිය දරුවන්ද සමග. පරිසර දිනයට දින කීපයකට පෙර!
පරිසර කෑම්ප් ඒකේ සිටි අසමජ්ජාති කොලු රැලක් විසින් ගුරු නිවාසයට වැලි ගසා තිබුනේ ආන් ඒ් උතුම් වූ පරිසර කෑම්ප් ඒක පැවැත්වූ දිනයේදීම වීම අතිශය (අ)භාග්‍ය සම්පන්න සිදුවීමක්. නිවසේ සිටි ගුරු මෑණිය නයිටිය පිටින්ද, ගුරු පියා සරමත් හරියට නැතිව වාගේද, එම දෙපලගේ ළමයි ටික උන් හිටි තැන් නැතුව හූ තැබීමෙන්ද නිවසෙන් පලා ඒ්ම තුල මහ කලබගෑනියක් සිදු වූවා.
ඒ් මලගියා වූ විදුහල්පති තුමා යලි පැමිණ ඇති බවට බෙරිහන් දෙමින්!
ඒ් පිලිබදව පරීක්ෂණයට සහභාගී වීමට නම් මාධවට නොහැකි උනා. හැබැයි ඒ් ගුරු මව්පිය දෙපලගේ ලොකු දුවට නම් ඒදා සිටම සිතින් පෙම් කල බව ප්‍රකාශ කරමි මිත්‍රවරුණි!
ඉට්ස් ඔවර්! කතාව නිමයි මිත්‍ර වරුණි!
----------------------------------------------------------------------------------------------------
පලි - මේ කතාව අමූලික අසත්‍යයක් වන අතර මාධවගේ නම පමණක් සත්‍ය වන බවද සලකන්න! විනෝදය තකා ලියූ කතාන්දරයක් බවද සලකන්න! අපහාසයක් ලෙස නොසලකන්න!! ඒසේ කිරීම තුන් හිතකවත් නැත! දන්නෝ සියලු තතු සිතේම තබාගෙන සිටිනා ලෙස දන්වන්නේය!
කට කතා වලට තටු දෙන්නෝට අඩි පෝඩාය!
කොරෝනා සමයේ පරිස්සං වන ලෙස මාධව වැඩිදුරටත් කියන්නේය!
ස්තූතියි!
ගොන් කතාවක්...
ReplyDeleteආතල් ඒකට ලිව්වෙ බං!!
Delete