මාළුවෝ
පිහිනා යති උනුන්
නොදැන තවත් ලෝකයක්
ඇතැයි කියා උන් මතින්
ගලන වතුර තුලට වැදී
පිහින පිහින සැරි සරණා
මාලුවෝ................. මාලුවෝ.................
වරල් සැලී දිය කැලඹේ
පලා පැහැති දළු නැලවේ
සොදුරුය දිය තුල ලෝකය
මීන යුගල් පෙම් කෙලිනා
නේක පැහැති මිණි කැට සොඳ
සැඟවී ඇත වැලි පතුලේ
ඉදහිට ඇති දිය සුලි මැද
පිහින පිහින සැරි සරණා
මාලුවෝ................. මාලුවෝ.................
No comments:
Post a Comment
Your Comments / ඔබේ ප්‍රතිචාර