අද කියන්නට යන්නේ තාක්ෂණික කතාවක්ය. ඒ නං
ලැප්ටොප් එකේ බැටරිය ගැනය. මේ දිනවල මාධවටද කරුමයක් වී ඇති මෙම මහගු උතුම් ලේ රත් වන ගැටලුවට
විසදුම් ලෙස සැවොම ගෙන ආවේ බැටරිය හා චාජරය මාරු කල යුතු බවය.
නමුත් මේ කතාව හාත්පසින්ම වෙනස් ය. බැටරිය මාරු
කිරීමට සහ චාජරය මාරු කිරීමට පෙර කළ යුතු දෑ එමටය. මේ කියන්නට යන්නේ ඒවාය. මාධව චාජරයක් ගත්තද ඒකට පෙර කළ යුතු දෑ බොහෝය. නැත්තං නිරපරාදේ සාක්කුවට ගින්දර පත්තු වන්නේය.
ඉතිං මේ කියන්නට හදන්නේ ඔබට ඉතුරුවක් විය හැකි ක්‍රම කීපයක් ගැනය. තට්ටු වීමට යෑමෙන් ඔබව ගලවාගන්නා “සුරදූතයාගේ“ දැනුමැති වැදගත් කතාන්දරයක් වන්නේය.
වර්තමානයේදී ලැප්ටොප් පරිගණක බහුතරයකම බැටරිය
ඇත්තේ ආවරණය කර ඇති ආකාරය හෙවත් seal ක්‍රමයටය. ඒ
නිසා අතීත පරිගණක වලදී මෙන් සට්‍රක් වූ සැනින් හෝ වෙන මගුලක් නිසා කෙලවීමට යන බව
දැනුනු විට එලියට ඇදලා දැමීමට බැටරියක් බොහෝ ඒවායේ එලියේ පේන්න නැත.
ඒ නයින් බලද්දී වාසි අවාසි දෙකම කැටිකරගත්
වර්තමාන ලැප් බැටරි එක අතකට පුදුම හිසරදයක්ය. ඒ හිසරදය පටන් ගන්නේ කරුණු කීපයක්
නිසාය. ඒ හා සම්බන්ධ කතාන්දර කීපයක්ම අද මාධව කියන්නට යන්නේය.
බැටරිය ඇතුලේ තිබීමේ වාසි සහ අවාසි සියල්ල කැටිකරගත් කරුණු කීපයක් පහත දක්වා ඇත.
අංක එක -
ස්ට්‍රක් වීම. ස්ට්‍රක් වීම නොහොත් කිසිවක් කර ගියාගන්නට බැරි තරමට පරිගණකය
ස්ලෝ වී අඤ්ඤකොරොස් වූ විට අතීතයේ නං කලේ කලිසම ගලවන තාලෙට බැටරිය ගලවා ආයේ සවි
කිරීමය. දැං ඒවායේ ඒක වානාය. කළ හැක්කේ බෙල්ල මිරිකන්නා සේ බල බොත්තම (power
Button) ඔබාගෙන සිටීම පමණක්ය.
අංක දෙක - බැටරිය චාජ් නොවීම. අතීතයේ නං මෙසේ වූ
විට බැටරිය ගලවා වෙන එකකට දමා ලෙඩේ සොයා ගත හැකිය. නමුත් දැන් ගැලවීමට නං දහඩිය
පෙරමින් කෑලි ගැලවීමට සිදු වී ඇති නිසා ඒකද පහසු නැත. කල හැක්කේ එක්කෝ ගැලවීමය.
නැත්තං චාජරය වෙන එකකට ගසා පරීක්ෂාවක් කර ගැනීමය. නමුත් තව දේවල්ද ඇත. ගැලවීමට පෙර
ඒවාද කල හැකිය. ඒ නිසා ඒ ගැන මෙම ලිපියේ ඉදිරියේදී කියන්නේය.
අංක තුන - බැටරිය චාජ් තිබුනද චාජ් වුවද එම ආරෝපණ
තත්වය (charge) නොරැඳී පැවතීම හා ක්ෂණික කිසිදු warning
(අවවාදාත්මක) පණිවුඩයක්වත් නොලැබී ලැප්ටොප්
පරිගණකය මලා සේ ක්‍රියා විරහිත වීමය. ඒ වූ විටදී ඇතැම් විට චාජ් වීම සිදු වීමද
සිදු වන්නේ චාජරය සම්බන්ධ කර මද වේලාවකින් පසුය. ඒක මාර හිරිහැරයක්ය.
මේ ආකාරයේ මල සමයං වර්තමාන ලැප්ටොප් පරිගණක වල
බොහෝ සේ දක්නට ඇත. බොහෝ දෙනා මැසිවිලි නගනා (මාධවද ඇතුලුව) හේතුවක් වන්නේ මෙම සීල්
තැබූ බැටරි වල අවනඩුව වන්නේය. ඒත් මෙම සීල් තැබූ විට එහි ඇතැම් විට යහපත් කරුණු සහ වාසි ද ඇත්තේය.
වාසි මෙසේය.
ප්‍රධානම එක නම් අතීත ඒවායේ මෙන් බැටරිය ගැලවීමේදී
අභ්‍යන්තර දෘඩ තැටියට සිදු විය හැකි හානි වැලැක්වීමය. එසේම අභ්‍යන්තර විදුලි
සැපයුම ක්ෂණික බිද වැටීමකදී පරිගණක මව් පුවරුවට සහ අනෙකුත් උපාංග සදහා හානිකර
වීම නව පරිගණක වල මෙම සීල් තැබූ තත්වය නිසා වැලකේ.
කෙසේ නමුත් අංක එක දෙක තුන යනාදී ලෙස පැවසූ
හොම්බෙන් යන සිදුවීම් නිසා බැටරිය ගැලවීමට නොහැකි වීමේ අපාසුකම් ද ඒ හා සමානව
බලපෑම පරිශීලකයාට එල්ල කරන්නේය.
කෙසේ නමුත් මෙම ගැටලු විසදා ගැනීමට වර්තමානයේ
විවිධ තෝරා ගැනීම් ලබා දී ඇත.
මෙම ගැටලු යනුවෙන් මාධව අදහස් කරන්නේ බැටරිය
ගැලවීමට නොහැකි වීම නොව ලැප්ටොප් පරිගණක වල බැටරියේ ඇති වන දෝෂ නිරාකරණය කර ගැනීමට
දී ඇති විසදුම් ය.
බැටරියේ සහ බැටරිය නිසා ඇති විය හැකි දෝෂ
පළමුවෙන්ම මේවාය.
-
බැටරිය ආරෝපණය නොවීම හෝ ආරෝපණය වූ පසු ආරෝපණය
රැඳී නොපැවතීම
-
පරිගණකය චාජරය නොමැති විට ක්‍රියාත්මක නොවීම
-
පරිගණකයේ බැටරියේ තත්වය පිලිබද පෙන්වන වැරදි
තත්වයන්
-
බැටරිය දෝෂ සහිත බවට පණිවුඩ දිස් වීම
-
බැටරිය හා ඒ ආශ්‍රිත කොටස අධිකව රත් වීම
-
චාජරය අධිකව රත් වීම / පෙරට වඩා වැඩියෙන් රත් වන
බව දැනීම (මෙය අත්දැකීම් මත පදනම් වේ)
-
පරිගණකයට චාජරය සම්බන්ධ කළ විට එහි බල්බය නිවී
යාම (මෙය බලා ගැනීමට නම් චාජරයේ බල්බයක් තිබිය යුතුය)
-
කෙතරම් විදුලිය සපයා තිබූවද බැටරිය එක් නිශ්චිත
ප්‍රමාණයකට වඩා ආරෝපණය නොවීම (උදා 60% පමණ ආරෝපණය වී ඉන් ඉදිරියට ආරෝපණය නොවීම)
-
පෙරට වඩා ඉක්මණින් බැටරිය බැස යාම
- පරිගණකයේ බැටරිය බැස ඇති බවට බල්බය පත්තු වීම සහ
චාජරය සම්බන්ධ කළ විටද එය නොවෙනස්ව පැවතීම
මේ ආකාරයෙන් ගැටලු රාශියක් මෙම පරිගණක වල බැටරි
පද්ධතිය හා ගැටෙමින් පවතින හෙයින් උකුල් පරිගණක වල මෙම අංශයද ඉතා වැදගත්ය.
ඉතිං දැන් ඒවාට - එනම් මෙම දෝශ සදහා ගත හැකි සරල
ක්‍රියාමාර්ග පහත එකින් එක විස්තර කරන්නේය. මේවා අදාල කර ගත යුත්තේ සීල් ආකාරයට
බැටරි පවතින්නා වූ උකුල් පරිගණක සදහාය. අනෙක්වාටද මෙයින් සමහර ඒවා අදාල වන්නේය.
පළමු වැන්න බැටරියේ මෘදුකාංග හා drivers තත්ව හා charger හි මෘදුකාංග හා drivers
තත්ව පරීක්ෂා කිරීමය. ඒ සදහා පහත රූපයේ ඇති පරිදි device manager වෙත ගොස් battery සහ
Charger Uninstall කර පරිගණකය යලි පණ ගන්වා බැලිය යුතුය (restart)
My computer
Properties
![]() |
Device Manager - රවුම් කර ඇති තැන ක්ලික් කරන්න |
Device Manager
![]() |
Device Manager |
![]() |
Driver Uninstall |
ඉන් පසුත් දෝෂ පවතින බව පෙනී යන්නේ නම් ඒ මගින්ම drivers
Update කර බැලිය හැකිය.
එහි දීද ඉහත පැවසූ ආකාරයේ දෝෂ පවතින බව පෙනී
යන්නේ නම් ප්ලෑන් බී වලට යා යුතුයත එනම්
දෙවැනි පියවර වන්නේය.
දෙවැන්න නොහොත් ප්ලෑන් බී බැටරිය රීසෙට් කිරීමය.
මෙහිදී අදහස් වන්නේ බයොස් බැටරිය නොව පරිගණකයේ ලොකු බැටරිය වන්නේ ය. මේ සදහා කළ
යුත්තේ බැටරිය සීල් කිරීමට දී ඇති කුඩා සිදුර සොයා එය තුලට paper clip හෝ සුදුසු ආකාරයේ උල් උපකරණයක් ඇතුල් කර battery
reset Button තත්පර 05ක් - 06 ක් පමණ තෙරපා ඉවතට ගැනීමය. එසේ
කිරීමේදී පරිගණකය ක්‍රියාත්මක තත්වයේ තිබුනේ නම් එය ක්ෂණිකවම නිවී යන්නේය.
Acer E 15 වර්ගයේ එම සිදුර මේ ආකාරයට පිහිටා ඇත. ඔබගේ
පරිගණකයේ එම සිදුර ඇති තැන සොයා ගැනීමට අපහසු නම් තාක්ෂණික සහය පතන්න. නැතිනම් ගූ-ගල්
බලන්න!
මතක තියාගත යුතු කරුණ වන්නේ මේ අවස්ථාවේදී
පරිගණකය පණ ගැන්වී තිබීම යහපත්ය. එමෙන්ම එවිට චාජරයට සම්බන්ධ නොවී තිබිය යුතුය.
ඉන් පසු මිනිත්තු පහක් පමණ එසේ තිබෙන්නට හැර යලිත් චාජරයට සම්බන්ධ කර (චාජරය හරහා
පරිගණකයට විදුලිය ලැබිය යුතුය) පරිගණකය පණ ගැන්වීම සිදු කල යුතුය. එහිදී නිසි
පරිදි ආරෝපණය වන්නේ නම් 100% ආරෝපණය වන්නට හැර ඉදිරි පරීක්ෂා කිරීම් කල යුතුය.
ඉන් පසුද දෝෂ සහිත බව පෙනී යන්නේ නම් චාජරය මාරු
කර බැලිය හැකිය.
එහිදීද ආරෝපණ දෝශ හෝ වෙනත් දෝශ මතු වන්නේ නම්
ඔබගේ බැටරිය මාරු කළ යුතුව ඇත්තේය. ඇතැම් විට බැටරිය සවුත්තු වීමට හේතුව චාජරය
දැයි සොයා බලා (ඒ සදහා මල්ටි මීටරයක් ආධාරයෙන් වෝල්ටීයතාවය මැන බලන්න! පරිගණකයට
අවශ්‍ය වෝල්ටීයතාවයට වඩා චාජරයෙන් ලැබෙන අඩු හෝ වැඩි වන්නේ නම් හෝ නිශ්චිත අගයක්
නොව අගය විටින් විට වෙනස් වන්නේ නම් ඒ චාජරය භාවිතයට නුසුදුසු අතර බැටරියට අහයපත්
ලෙස බලපා ඇත්තේ එය බව නිගමනය කල හැකිය. ඒ ඒ පරිගණක වල ඒ ඒ ප්‍රමාණ වලින් විදුලිය
ලබා ගන්නා අතර ඒ පිලිබදව පරිගණක චාජරයේ ලේබලය පරීක්ෂාවෙන් බලා ගත හැකිය. එසේත්
නැතිනම් අත්පොත බලන්න. එසේත් නැතිනම් දන්න එකාගෙන් අහන්න! ) බැටරි කට්ටලය සමග
සුදුසු අව්‍යාජ චාජරයක්ද මිලදී ගැනීම වඩාත් යහපත්ය.
බැටරිය හා ඒ ආශ්‍රිත කොටස අධිකව රත් වීම, චාජරය
අධිකව රත් වීම / පෙරට වඩා වැඩියෙන් රත් වන බව දැනීම (මෙය අත්දැකීම් මත පදනම් වේ), කෙතරම්
විදුලිය සපයා තිබූවද බැටරිය එක් නිශ්චිත ප්‍රමාණයකට වඩා ආරෝපණය නොවීම (උදා 60% පමණ
ආරෝපණය වී ඉන් ඉදිරියට ආරෝපණය නොවීම) වැනි කාරණා වලට මූලිකවම බලපා ඇත්තේ චාජරයේ
බලපෑම බව මාධවගේ අත්දැකීම බව කීමට කැමැත්තේය.
පෙරට වඩා ඉක්මණින් බැටරිය බැස යාම, පරිගණකයේ
බැටරියේ තත්වය පිලිබද පෙන්වන වැරදි තත්වයන් වැනි දෝෂ සදහා හේතු කාරණාවක් ලෙස windows
update සහ Battery Drivers ගැටලු
ද හේතු වන බව මාධවට අත්දැකීම් ඇත. එහිදී කල යුතු කාරණය වන්නේ ඔබගේ පරිගණකයේ ඇති windows
update ඉවත් කිරීම (සුදුසු දැයි සොයා බලා සිදු කළ
යුතුය) හෝ නව windows update එක් කිරීම සහ බැටරියේ සහ චාජරයේ Driver මෘදුකාංග යලි ස්ථාපනය කර බැලීමය. එසේ වූවද දෝශ
සහිත නම් භෞතික පිරික්සීම් වලට යා යුතුය.
පරිගණකයේ බැටරිය බැස ඇති බවට බල්බය පත්තු වීම සහ
චාජරය සම්බන්ධ කළ විටද එය නොවෙනස්ව පැවතීම යනු චාජරය ක්‍රියාත්මක නොවීම නිසා විය
හැකිය. එවිට ගැලපෙන නව චාජරයක් යොදා බැලිය යුතුය. එහිදී මතු වන ප්‍රථිපල වලට අනුව
ඉදිරි පියවරයන් වලට යා හැකිය.
අවසාන ගැටලුව ලෙස මාධව සලකා බලන්නේ පරිගණකයට
චාජරය සම්බන්ධ කළ විට එම චාජරයේ ඇති බල්බය නිවී යාම හෝ ආලෝකය අඩු වීම (මෙය බලා
ගැනීමට නම් චාජරයේ බල්බයක් තිබිය යුතුය). ඩෙල් පරිගණක වල මෙම තත්වය බහුලව පවතී.
මෙයට හේතුව විය හැක්කේ පරිගණකයේ මව් පුවරුවේ දෝශ සහ පරිගණකයේ බල සැපයුමට අදාල
(මව්පුවරුවට සම්බන්ධ නොවූ වෙනම පරිපථ ඇතැම් උකුල් පරිගණක වල දක්නට ඇත) දෝශ ලෙස
දැක්විය හැකිය. ඇතැම් පරිගණක වල මව්පුවරුවට වෙනමම සම්බන්ධ කරන ලද බල සැපයුම් පරිපථ
ඇති අතර ඒවා පිලිබදව පරීක්ෂාව පළපුරුදු තාක්ෂණික නිළධාරීවරයෙක් ලවා සිදු කර ගත
යුතුය.
ඒ හැරෙන්නට අනික්වා සියල්ල බොහෝ අයවලුන් හට තනිව
සිදු කර ගත හැකි දෝශ නිරාකරණයන්ය. ඒ නිසා
මාධව කියන්නේ කවුරුත් කීවාටම බැටරිය ගලවා සාක්කුවට තට්ටු කර ගැනීමට ප්‍රථම
දැනුවත් වී අලුත්වැඩියාවන් සිදු කර ගන්නා ලෙසටය.
එසේ නං ජය වේවාය. පල්මානික්කං වනක්කං වේනුම්
චෝගම් ය!!
හෑව් අ හැපී කොරෝනා ය!