සම්බන්ධතා ඇති කරවීම


මාධව කෙටියෙන් කියන්නට යන්නේ පරිගණක කතාවක්ය. දිගු වැඩි වීම නිසාම බෝරිං වනු ඇතැයි සිතා කෙටියෙං අධ්‍යාපනය ලබා දීමට තීරණය කරන්නේය. ඒ් අනුව මේ කියන්නට යන්නේ දැන ගත යුතු කාරණා කීපයක් ගැනය

ඒ් නං පරිගණක අවට ගැටගැසී ඇති වයර් කැබලි ගැනය.


මෙහිදී කතා කරනුයේ මාධවලාට සහ උඹලාට කාර්යාලයේදී සහ ගෙදරදී ඇස ගැටෙනා රැහැන් වර්ග පිලිබදව පමණක්ය. ඒසේම රැහැනේ නම සහ සරල විස්තරයක් ගෙන ඒ්මට පමණක් මේ ලිපියෙන් බලාපොරොත්තු වන්නේය. රැහැන් පිලිබදව දිගු තාක්ෂණික ලිපි ලිවීමට උවමනාවක් නැතත් ඒ් ගැන ඉදිරියේදී ලියවෙනු ඇත්තේය. ඒසේ හෙයින් සරලව රැහැන් ගැන දැන සිටීම ඔබටත් මාධවලා ටත් ඉතාම පහසු බැවින් කියවා දැනගැනීමට පල කරන්නේය.


1. බල රැහැන  - Power Cable 
වැදගත්ම එක මේකය. මොනා කරන්නත් අවැසි විදුලිය ලබා ගන්නේ මේ රැහැන් මගින්ය. මේ රැහැන් භාවිතයෙන් මූලිකවම ඩෙක්ස්ටොප් පරිගණක වල System Unit, Monitor සහ Printer වලට විදුලි බලය ලබා ගැනීම සිදු කරන්නේය. සමහර ගෙවල් වල තිබෙනා රයිස් කුකරයේ වයර් එකද මනාව ගැලපෙන බවත් බත් තම්බ තම්බා සිටින විට ඒ්වා ගලවාගෙන යෑමෙන් වලකින ලෙසත් කාරුණිකව මාධව ඉල්ලා සිටින්නේය. කෙසේ වෙතත් ඇතැම් විට පරිගණක පණ ගැන්වීම සිදු නොවන්නේ මෙම Power Cable ලිහිල් වී තිබීම හෝ ඇතුලතින් උණු වීමක් සිදු වී තිබීම නිසා විය හැකිය.

ලැප්ටොප් පරිගණක වල නම් බැටරි භාවිතය සහ ලැප්ටොප් පරිගණකයට අදාලව Charger එකක් ලැබෙනු ඇත. ඒ් ඒ් Charger ඒ් ඒ් ලැප්ටොප් වර්ග වලට අනුව අනන්‍ය වීමේ සම්භාවිතාවය වැඩිය. ඒ් ගැන පස්සට කියන්නේය

2. VGA රැහැන  -  
මෙය මගින් සිදු කරනුයේ පරිගණකය දෘෂ්‍ය උපකරණයක් (Visual Device) සමග සම්බන්ධ කිරීමය. සරලව පැවසූ විට Monitor, Projector වැනි උපකරණ වෙත සම්බන්ධ කිරීමය. මෙම රැහැන එක කෙලවරක් System Unit  තුල ඇති Mother Board හි VGA port වෙත සම්බන්ධ වන අතර අනෙක් කෙලවර Monitor, Projector වෙත සම්බන්ධ කරන්නේය. මෙය මුල් යුගයේ පැමිණි ක්‍රමය වන අතර පහතින් නව ක්‍රම දෙකක් දක්වා ඇත්තේය. මෙහි අවාසියක් වන්නේ විශාල Screen Resolution භාවිතයේදී නිසි පරිදි ක්‍රියාත්මක නොවීම සහ Video Quality අවම වීමය.

3. DVI රැහැන - 
මෙය Digital Video Interface යනුවෙන් හදුන්වන අතර DVI යනු භාවිතයේදී පහසුවට නිර්මාණය කල කෙටි නාමය වන්නේය. මෙය VGA කේබලයට වඩා quality අතින් ඉහල වන අතර වර්තමානයේ භාවිතා වන කුමයක් ය. වර්තමානයේ බොහෝ Projectors, Monitors , Graphic Cards  වල සහ මව් පුවරු වල VGA Port සමග මෙම DVI port අඩංගු වී ඇත්තේය. මෙහි වාසිදායක තත්වයක් වන්නේ VGA සමග සැසදීමේදී High Resolution තත්වයන්ට හොදින් ක්‍රියා කිරීමය. පරිගණක වල Video Signal මෙම රැහැන් භාවිතයෙන් Monitor, Projector  වෙත යොමු කරන්නේය. වර්තමානයේදී VGA to DVI Converter  නම් උපකරණද නිර්මාණය කර ඇත්තේය.

4. HDMI රැහැන  -
වර්තමානයේ සෑම දෘෂ්‍ය උපකරණයකම පාහේ අඩංගු වන මෙම HDMI පහසුකම,  multimedia උපකරණ බොහොමයක් (home theatre System, LED TV, Smart Tv වැනි) සමග ක්‍රියාත්මක වන HDMI -  High Definition Media Interface රැහැන ඉතා ඉහල වීඩීයෝ Quality තත්වයන් ලබා ගැනීම සදහාම නිර්මාණය කර ඇත්තේය. වර්තමානයේ භාවිතා වන LAPTOP පරිගණක වල මෙම Port  අන්තර් ගත වී ඇති අතර ඇතැමුන් එය USB 3.0 ලෙස වටහාගෙන කටයුතු කරනු මාධවට හමු වී ඇති අතර කන් පිරෙන්නට මාධවගෙන් අසාගෙනද ඇත්තේය.  ඉතා ඉහල තත්වයේ වීඩියෝ දර්ශන නැරඹීමට, උත්කර්ෂවත් පරිගණක ක්‍රීඩා අත්දැකීම් විද ගැනීමට මෙම රැහැන් භාවිතයෙන් හැකියාව ලැබී ඇති අතර වර්තමානයේ LED රූපවාහිනී සමග ඇතැම් විට මෙම HDMI රැහැන් නොමිලේ ලැබෙනුයේ ද ඒ් නිසාමය. මෙම රැහැන් භාවිතයෙන් Monitor, Projector සහ System Unit අතර Video Signal හුවමාරුව සිදු කරනු ලබන්නේය.


5. - USB රැහැන




Universal Serial Bus යනුවෙන් හැදින්වෙන මෙම රැහැන් සහ USB Ports බැලූ බැල්මට ඉතා සරල වුවත් සිදු කරනා කාර්යයන් සුලු පටු එකක් නොවන්නේය. අතීතයේ පරිගණක ආශ්‍රිතව තිබූ විවිධ කේබල මගින් සිදු කරගත්තා වූ විවිධ ක්‍රියාවන් සරලව සිදු කිරීමට මෙම කුඩා USB රැහැන් උපකාරී වන්නේය. මාධව දකිනා එකම දෝශය වන්නේ කල් ගතවීමේදී එක් එක් USB උපකරණ වලින් පහර කෑම නිසාම port එක තුල පෙර සේ තද ගතිය නැති වී යාම පමණක්ය. ඒ් හැරෙන්නට වෙනත් දෝශයක් නං කීමට නැත.

වර්තමානයේ Video කේබලයක් ලෙසද ක්‍රියා කරන මෙම USB රැහැන් වල වර්ග කීපයක් ඇති අතර USB නිසා විවිධ උපකරණ පවා බිහි වී ඇත්තේය. බල සැපයුමක් ලෙස ජංගම දුරකථන ආරෝපණය කිරීමටද හැකියාව ලැබී ඇත. USB රැහැන් මගින් මූලිකවම විවිධ උපකරණ පරිගණකය හා සම්බන්ධ කිරීම ප්‍රධාන පරමාර්ථය වන අතර ඒම උපකරණ හා පරිගණකය අතර දත්ත හුවමාරුව අරමුණ වන්නේය.

ඒසේම අතීතයේ Serial port මගින් දහ දුක් විද පරිගණකය හා සම්බන්ධ කරන ලද මුද්‍රණ යන්ත්‍ර අද USB නිසා පහසුවෙන් PLUG n PLAY ලෙස (ගැහුවා වැඩ) තත්වයට පත් කර ඇත. ඒසේම Pen Drivers, Portable Storage, Scanners, Web cams ආදී ඒකී නොකී බොහෝ උපකරණ සම්බන්ධ කිරීමට මෙම USB රැහැන් භාවිතා කරන්නේය. අතීතයේ PS 2 රැහැන් තිබූ Mouse, Keyboard පවා වර්තමානයේ USB වී  ඇත්තේ පහසුව නිසාමය.

USB ගැන කී කතා සරල වන අතර වඩා සංකීර්ණ තවත් කතා ඉදිරියට පවසන්නේය.


6. - Audio Cable - නාද රැහැන්

Sub Woofer, Multimedia Speaker  වැනි ශ්‍රව්‍ය උපකරණයක් හා පරිගණකය සම්බන්ධ කිරීමට භාවිතා කරනා රැහැන් වර්ග වලින් මේ එකක්ය. මෙය  AUX කේබල් ලෙසද හදුන්වන්නේය. මේ රූපයේ ආකාරයට මෙන්ම බොහෝ විට සම්බන්ධ කිරීමේ Port පහසුවෙන් හදුනා ගැනීම සදහා කොල පාටින්ද මෙම වයර් වර්ගය නිර්මාණය කෙරෙනු දක්නට ලැබී තිබෙන්නේය. ඒ් 2004 දී පමණ මාධවගේ අතීත අත්දැකීම් වලින් එකක්ය.

7. Printer Cable - මුද්‍රණ යන්ත්‍ර සදහා රැහැන් 


මෙය Printer Port ලෙස හැදින්වෙන අතර වර්තමානයේදී USB රැහැන් මගින් මුද්‍රණ යන්ත්‍ර සම්බන්ධ කරන නිසා මේවා භාවිතය අඩු වී ඇති නමුත් පැරණි Dox Matrix වර්ගයේ (රිබන් යොදා ගන්නා මුද්‍රණ යන්ත්‍ර) Printer වල මෙම රැහැන් භාවිතය සිදු කරන්නේය.

8. USB - Type B -  බී කාණ්ඩයට අයත් USB රැහැන් - 



මේවා වර්තමානයේදී බොහෝ උපකරණ පරිගණක හා සම්බන්ධ කිරීමට යොදා ගන්නා බහුල මාධ්‍යක් ලෙස භාවිතා වන්නේය.  Printers, Scanners, Photocopy Machines, Projector මෙන්ම Electronic Keyboard, DJ Console උපකරණ වෙත දත්ත හුවමාරුවට මෙම USB TYPE B වර්ගය භාවිතා කරන්නේය.

මේ කේබලය නිසා මුද්‍රණ යන්ත්‍ර හා අනිකුත් බොහෝ උපකරණ පරිගණකය හා සම්බන්ධ කිරීමේදී කටයුතු පහසු වී ඇත්තේය.

9. IDE Cable - 



මෙම IDE Cable භාවිතා කරනුයේ පරිගණකයේ System Unit අභ්‍යන්තරයේ ඇති DVD/ CD Drives, Hard Drives හා මව් පුවරුව අතර සම්බන්ධතාවය ඇති කිරීමට වන්නේය. ඉතා පැරණි පරිගණක වල මෙම රැහැන් සම්බන්ධ කිරීමට Port ඒකකට වැඩි ගණනක් තිබූ අතර වර්තමානයේ මේවා භාවිතයක් නැති තරම්ය. කෙසේ වුවත් දෘඩ තැටිය ආශිත දෝශ නිරාකරණයේදී අනිවාර්යයෙන්ම පරීක්ෂා කල යුතු මූලික අංශයක් ලෙස මෙම IDE රැහැන සලකන්නේය.


10. SATA cable - 


IDE කේබල් අභාවයට යාමට හේතු වූයේ මෙම SATA රැහැන්ය. වර්තමානයේ භාවිතා වන පරිගණක බොහෝමයක භාවිතා වන්නේ SATA HARD DRIVES (දෘඩ තැටි) හා  SATA DVD ධාවක බැවින් හා දත්ත හුවමාරුව වේගවත් වීම ආදී  තාක්ෂනික කරුණු නිසාම මෙය ජනප්‍රිය වී IDE කේබල් අභාවයට ගොස් ඇත්තේය. වර්තමාන මව් පුවරු තුල SATA ports හයක් පමන අඩංගු වන්නේය. 


11. Network Cable -  



මේක වැදගත් කේබල් ජාතියක්ය. මේ network රැහැනක්ය. පරිගණකය නිසි පරිදි අන්තර්ජාලය හෝ වෙනත් ජාලයකට සම්බන්ධ වී කටයුතු කිරීමට මහෝපකාරී වන්නේය. අභ්‍යන්තරයේ Color Code අටක් සහිත කුඩා රැහැන් අටකින් සමන්විත මෙම කේබලය අග කෙලවරවල් හි RJ 45 නම් වූ connector සවිකර ඇත. ඒක් කෙලවරක් පරිගණක පද්ධති ඒ්කකයේ ඇති Network port ( Ethernet port) හා සම්බන්ධ කරන අතර අනික් කෙලවර අදාල ජාලකරණ උපකරණය හා සම්බන්ධ  කෙරෙන්නේය. වර්තමානයේ සියලූ දේ වයර්ලස් -  Wireless (රැහැන් රහිත) නිසාම මේවාද දැන් දැන් අභාවයට යන්නේය. කෙසේ වුවත් පැරණි network තවමත් ක්‍රියා කරන්නේ මෙම ජාල කරන රැහැන් මගින් නිසා දැන ගැනීම වැදගත්ය.



ඒසේම මේ කියාන්නා වූ කේබල සම්බන්ධ තවත් ලිපියක් නුදුරේදීම පල කරනා තෙක් මාධව මෙතනින් මේ ලිපිය නිමා කරන්නේය


ඒ්නං ජය වේවා මිත්‍රවරුනිය. සැප වේවාය!!

2 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. ඔබතුමා පරිගණක ඉංජිනේරුතුමෙක්ද? මේ වගේ ඉතා ඉහල අලුත්ම දැනුම,තාක්ෂනය ගැන මෙතරම් දැනඋගත් ඔබතුමා වැනි අය දැකීමත් සතුටක්

    ReplyDelete
Previous Post Next Post

Contact Form