ලියවන්නෝ!!



මේ කියන්නට යන්නේ පරිගණක කතාවක්ය. “ලියවන්නෝ“ යනු කෝඩිං ලිවීමට ගන්නා සරල සොෆ්ට්වෙයා ටිකක් ය. මාධව ඒවාට ඒම කියන්නේ ආදරේටය. ඒනං අද කියන්නට යන්නේ වැඩ්ඩෙක් වෙන්න භාෂා ලිපියට අදාල  කතාවක්ය. 

ඒ කෝඩිං ලියන්නට උපකාරී වන සරලම සරල මෘදුකාංග කීපයක් ගැනය. ඉගෙන ගන්නෝ ඉගෙන ගත්වා ය!!
 

පරිගණක භාෂා  ලිවීමේදී සරලවම අවශ්‍ය වන්නේ text editor මෘදුකාංගයක්ය.  එහිදී අදහස් වන්නේ office package වැනි මෘදුකාංග නොව windows හි භාවිතා වන notepad වැනි මෘදුකාංග වන්නේය. notepad, notepad++, textmate වැනි සරල මෘදුකාංග වල ඇත්තේ plain text ය. එනම් සරල අකුරු සහ සංකේත භාවිතයක්ය. word, google docs වැනි මෘදුකාංග වන මෙන් formatted ( සැකසූ සහ ජේද ලෙස ඇති) texts (අකුරු / වදන්) නොවන්නේය. තනිකරම අකුරු සහ සංකේත සමූහයක් පමණක් මෙම text editor  වල ඇතුල් කල හැක්කේය. පරිගණක භාෂා ලිවීමේදීද භාවිතා වන්නේ plain text ය.

ඒ නිසා පරිගණක භාෂා ලිවීමේදී මෙම text editor භාවිතයෙන් කටයුතු කිරීමේදී එම භාෂාවට අදාල ගොනු වර්ගයෙන් සුරැකීම (Save) කල විට  වැඩසටහනේ හෝ වෙබ් පිටුවේ දෝෂ නොමැතිනම් නියමාකාරයෙන් වැඩසටහන හෝ වෙබ් පිටුව නිර්මාණය වී ධාවනය වනු ඇත. 

මෙම  notepad, notepad++, textmate වැනි සරල මෘදුකාංග වල ඇති පහසුකම වන්නේ අඩු ඉඩක් සහ අඩු මතකයක් වැය වීම නිසා සංවර්ධන කටයුතු පහසු වීමය. අවාසියක් ලෙස දැක්වීමට හැක්කේ කෝඩිං වල වැරදි පෙන්වීමට නොහැකියාව මෙන්ම live Preview - සජීවීව පෙන්වීම වැනි සමහර වැදගත් ඔප්ෂන් නැති කමය. නමුත්  text editor යනු netbeans, Dreamweaver, Android Studio වැනි මෘදුකාංග නොවන්නේය. ඒ නිසා ඒවායේ පහසුකම් මේවායේ නැති බවද සලකන්න!!


වින්ඩෝස් notepad මෘදුකාංගය HTML, PHP, CSS, Java Script, bat scripting, Shell Scripting ඇකුලු භාෂා බොහොමයක් සදහා editor එකක් ලෙසින් සහය දක්වන්නේය. නමුත් එහි අතුරුමුහුනත කිසි ත්‍රිල් එකක් නැත. ආන්න ඒ නිසා මෙහි කියන්නට යන්නේ ආන්න ඒ වාගේ ත්‍රිල් එකක් ඇති තවත් මෘදුකාංග කීපයක් ගැනය. Notepad වලට වඩා පහසුවෙන් මෘදුකාංග ලිවීමට උදව් දෙන සරල text editor ටිකක් ගැනය.






ඉතා ජනප්‍රිය සරල text editor මෘදුකාංගයක්ය. වින්ඩෝස් සහ ලිනක්ස් වල text editorකටයුතු වලට භාවිතා වේ. HTML, PHP, CSS, Java Scriptසහ තවත් භාෂා රැසක් සදහා සහය දක්වන මෙම මෘදුකාංගය ඉතා සරලව පහසුවෙන් භාවිතා කිරීමට පිලිවන. මාධවද මෙම මෘදුකාංගය භාවිතා කරන්නේ එහි ඇති සරල බව නිසාය. ගොනුව සුරැකීමේදී අදාල ගොනු වර්ග රැසක් පෙන්වීම නිසා ගොනුව සුරැකිීමේදී තහවුරු කර ගැනීම පහසුය. නමුත් කෝඩිං වල වැරදි පෙන්වීම අවමය. නමුත් ඔනෑම පරිගණකයක සරලව පහසුවෙන් භාවිත කල හැකිය.

notepad++ අතුරු මුහුනත

 -------------------------------------------------------------------------


මෙයද notepad++ මෙන් සරල නමුත් හොදින් භාවිතා කල හැකි කෝත ලිවීමේ මෘදුකාංගයකි. නමුත් ඔවුන්ගේ සමාගම පවසන පරිදිම මූලිකවම මෙම මෘදුකාංගය සංවර්ධනය කර ඇත්තේ වෙබ් පිටු සැකසීම සම්බන්ධ කටයුතු සදහාය. එසේවා ජාවා, පයිතන් වැනි භාෂා සදහාද සහය වේ.

3. textmate -
 ඇපල් සමාගමේ උපකරණ සදහා භාවිතා කිරීමට සකසා ඇති මෙම textmate මෘදුකාංගයද එසේ පරිගණක භාෂා භාවිතයෙන් මෘදුකාංග නිර්මාණය කිරීමේ කටයුතු සදහා භාවිතා වන ජනප්‍රිය text editor එකක්ය. විවෘත මෘදුකාංග නිර්මාණයේදීද සහය දක්වන text එඩිටරයකි. එමෙන්ම  shell Script ලිවීමටද භාවිතා වේ.
 -------------------------------------------------------------------------

4. Open Element

ඉතා ජනප්‍රිය ටෙක්ස් එඩිටරයකි. ගූගල් සමාගම හා සම්බන්ධයක් ඇතැයි කියවේ. කෙසේ වෙතත් තවමත් windows සදහා පමණක් සංස්කරණ නිකුත් කරන අතර ඉදිරියේදී linux  සහ mac os සදහාද සංස්කරණ නිකුත් වනු ඇත. එසේම මෙය නොමිලේ ලබා දෙන මෘදුකාංගයක් නිසා අන්තර්ජාලයෙන් නොමිලේම බාගත කිරීමේ අවස්ථාව ඇත. මෙයද මූලිකවම web Developing කටයුතු සදහා භාවිතා වන මෘදුකාංගයකි. 

 -------------------------------------------------------------------------

5. kompozer
kompozer යනු HTML, PHP, CSS, Java Script භාෂා භාවිතයෙන් web Pages නිර්මාණය සදහා ලබා දී ඇති නොමිලේ බාගත කර ගත හැකි ලිනක්ස් පාදක කර ගත් මෘදුකාංගයකි. මෙහිදී ඔබට අවැසි නම් කේත ලිවිය හැකි අතර අවැසි නම්  drag and Drop ක්‍රමයට වෙබ් පිටු නිර්මාණය කර ගත හැකිය. kompozer භාවිතා කොට ඉතා සරල මට්ටමේ සිට වෘත්තීය මට්ටම (වර්තමානයේ වෘත්තීය මට්ටම යනු ඔබගේ හැකියාව මත පදනම් වන දෙයකි. more creative codes, more professional) දක්වා පරාසයක නිර්මාණකරුවාගේ හැකියාව මත වෙබ් පිටු නිර්මාණය කල හැකිය. අනෙක් text editor වල ඇති මෙහි නැති වාසිය වන්නේ මෙම drag and Drop ක්‍රමයට වෙබ් පිටු නිර්මාණය කිරීමේ හැකියාවයි. මෙය සම්පූර්ණයෙන්ම වෙබ් පිටු සංවර්ධනයට යොදා ගන්නා මෘදුකාංගයක් වන්නේය.

6. ATOM - 

මෙයද Notepad++ වැනි මෘදුකාංගයක්ය. Node.js වැනි ප්ලගින්ස් සඳහාද සහය වේ. මනාව කේත හැසිරවිය හැකි මෙම මෘදුකාංගය සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දෙන එකක් වේ. එසේම වෙබ් පිටු සංවර්ධනය සහ වෙබ් මෘදුකාංග සංවර්ධනයේදී මෙම මෘදුකාංගය බොහෝ සේ භාවිතා වේ.විශේෂත්වය ලෙස විවිධ පෙනුම ලබා ගත හැකි තේමා ද මෙම මෘදුකාංගයට ලබා ගත හැකිය! ඒවා පිලිබදව සබැදියෙන් ගොස් විමසා බලන්න!


කිව යුතු කරුණ වන්නේ dreamweaver වැනි මෘදුකාංග ඇත්තේ මුදලට මිලදී ගැනීමට හෙයින් මාධව මෙහි සදහන් කරන්නේ විවෘත මෘදුකාංග ගැන පමණක්ය. මක් නිසාදය යත් මාධව විවෘත කේත ලෝලියෙක් වන නිසාය. විවෘත කේත සහිත මෙහෙයුම් පද්ධති සහ මෘදුකාංග ඇතුලත් ලංකාවක් ගැන මාධවද සිහින දකින්නේය. ඒ නිසා මෙහි ලා සදහන් කල මෙම මෘදුකාංග සියල්ල නොමිලේ ලබා දෙන ඒවා බැවින් ඒවා භාවිතයට උනන්දු වන ලෙස මාධව කියන්නේය...



ඒනං ජයවේවාය! ඒඩ්ස් වලින් මෙන්ම කොරෝනා වලින් ද ප්‍රෙව්සං වන්න!














Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form