“දෙමළී”
තංගච්චී සාරදා
“ඉංග වාංගෙයි”
වත්තෙ ලැයිමේ පිපුනු මලක්
“නලම් පූනම්”
කලු දෙමලී සාරදා
කලු උනත් නෙත්කලුයි
වරෙං යන්න ඒක අණක්
දන්නවාද උඹ කාරණයක්
බංගලාවේ සැප ඇඳක්
තාම ඉඩ තියනවා බං
ලිහී වැටෙනා නුඹේ “තුනී”
ඒලි කරයි නුඹේ කල ඒලී
කාල වේලා
නෑ නිමී
ගලා යයි තුටු කෙදිරිලී
නිමාවූ
ඒ් ආශාවන්
පෙනේ හැඩි වූ තිලකයෙන්
විසිරී ගිය කෙහෙ රැලි අතුරින්
සිනා අසරණ
වූ උඹේ
යටත් වී ඇත
රුදු පහසකට
ඉතිං පලයං
පර දෙමලී
දොට්ට
බැහැපං වල් “වේසී”
තවත් නෑ
උඹගෙන් වැඩක්
ඒ්ත් දුක නෑ
ඉවරයක්
පිළුණු වූවද
නුඹ අදත්
මතක් කරපං
හෙට උදෙත්
ඒන්න ඇති බව
බංගලාවට
ගිනි නිවන්නට
දිය අරන්
තුරුණු බව
වියැකෙන තුරා
නව මලක්
පිපෙනා තුරා