ඒයි - AI


ඒ අයි  = ඒයි = AI යනු කෘතීම බුද්ධිය වන්නේය! මේ කියන්නට යන්නේ අපට නොදැනීම කෘතීම බුද්ධිය අප වටා කැරකෙන ආකාර කීපයක් ගැනය! අප දිහා බලාන ඉන්නා අවස්ථාවන් ගැනය.

මාධවට අත්දැකීම් ඇති අවස්ථාද මේ සමගින් කියන්නේය. වැඩිදුර නොසිතුවද වර්තමානය වන විට අප සැම මේ කියන්නා වූ කෘතීම බුද්ධියේ බැල්මට හා තාක්ෂණයේ ගොදුරක් බවට පත් වී හමාරය.

තොරතුරු තාක්ෂණය පැත්තෙන් ගන්නා විටදී කෘතීම බුද්ධිය නොහොත් Artificial intelligence යනු පරිගණක හා ඒ ආශ්‍රිත උපකරණ වල එකතුවකින් නිරූපණය වන යාන්ත්‍රික බුද්ධියයි (Machine Intelligence). මෙහිදී යාන්ත්‍රික බුද්ධිය, සත්වයෙකුගේ හෝ මිනිසෙකුගේ මොළයට සමානව ක්‍රියා කිරීම ද නිරූපණය වේ.

ලෝකයා පිය නගනා අමුතුම අනාගතය තුල කෘතිම බුද්ධියට ඇත්තේ අපමණ අගයක් ය. දැන් දැන් විවිධාකාර ලෙස අපට කෘතීම බුද්ධියේ විවිධ ස්වරූප හමුවන්නා ආකාර ඇත්තේය. අපගේ දැනුමට අනුව අප විසින් ක්‍රියාත්මක කරන ජංගම දුරකථනයේ පවා අඩංගු වන මෘදුකාංග මෙම කෘතීම බුද්ධිය හා සම්බන්ධව ක්‍රියාත්මක වන්නේය. ඒවා දිනෙන් දින සංවර්ධනය වන්නේය. එසේම අපට නොදැනීම හීන් නූලෙං ගේම් ගහනා කෘතීම බුද්ධියෝද ඇත්තේය. මාධවටද ඒවා සම්බන්ධ අත්දැකීම් ඇත.

මෙහිදී දැනගත යුත්තේ කෘතීම බුද්ධිය යනු මානව නිර්මාණයක් බවය. එසේම එයට මානවයා අභිබවා යාමේ හැකියාව ඇත්තේද යම් යම් සීමා තුල පමනක් බවය. යම් දිනයක මේවා මානවාට කෙලවන්නටද ඉඩ තිබෙනු ඇත. කෙසේ වෙතත් නරක දෑ පැත්තක තැබූ විට හොද දෑද ඇත්තේය.

දැනුම සම්බන්ධයෙන් බලනා කල කෘතීම බුද්ධිය ඉතාම වටිනා දෙයක් වන්නේය. තොරතුරු ගබඩාකරගැනීමේ හැකියාව, ගණිත හැකියාව, අනාවැකි කීමේ හා විශ්ලේෂණය කිරීමේ හැකියාවන් නිසා තොරතුරු කළමණාකරණයේදී ඉතාමත් අගනා දෙයක් වන්නේය. මූල්‍ය ක්ෂේත්‍රෙය්දී, ආරක්ෂක කටයුතු වලදී, තොරතුරු තාක්ෂණයේදී, කෘෂිකර්මයේදී මෙම AI භාවිතා වන්නේය.

කෙසේ වුවද වර්තමානයේ AI සමග අප ගැටෙනා අවස්ථා ඇත.

ඒ හුගක්ම සමීප අවස්ථා වලදීය

පළමු වන්න ගූගල් ය!
google සමාගම විසින් ඔවුන්ගේ සෙවුම් සදහා සහ තවත් කටයුතු සදහා AI භාවිතා කරන්නේය. ඔවුන්ගේ සෙවුම් යන්ත්‍ර තුල සෙවුම් සිදු කිරීමේ සිට තවත් ගූගල් කටයුතු සදහා ඔවුන් විසින් ඔවුන්ගේම AI ඒකකයක් පිහිටුවාගෙන ඇත්තේය. ඒ සම්බන්ධව ගූගල් AI නමින් සෙවුමක් කර බලන්න!

දෙවැන්න I phone Siri ය. ඔහුට අන්තර්ජාලය සමග සම්බන්ධ වී ඔබට අවැසි තොරතුරු සහය ලබා දීමට හැකියාව ඇත. එසේම සාමාන්‍ය මිනිසෙක් සේ පිළිසදරේ යෙදීමටද පුලුවන් ය! කුණුහරුප කී විට නං මග හැර ගියද වෙන වේලාවට ආතල් දෙන්නේය.

Google Assistant නමින් Android වල ඉන්නා පොරද මෙවැනි බුද්ධියක ප්‍රතිපලයක්ය.

google Maps හි ඔබ නගරයක් පිළිබදව බැලූ විට කෑම බීම තෙල් ගහන්න බැංකු යන්න සේරම විස්තර දෙන්නේ මේ ඒ අයි මහත්තයාය! එසේම ඔබ නැවත වරක් වසර ගණනාවකින් එහි යන විට කලිං ගිය තැන් මතක තියාගෙන පෙන්නන්නේද මේ AI මහත්තයාය!!

facebook ද මෙලෙස කෘතීම බුද්ධිය භාවිතා කරනා තවත් සමාගමක්ය. FACEBOOK පරිශීලනය කරන්නාගේ ප්‍රියකිරීම්, සෙවීම්, මිතුරු ඇසුරු, සමූහ, කැමැත්ත පළ කරන ලද පිටු(Pages) රැකියා,ADS, දේශපාලනය ගමනාගමනය, උඩුගත කරනා රූප ආදී විවිධ කරුණු රාශ්‍රියක් නිරාවරණය කර ගනිමින් පහසුවෙන් අපව තේරුන් ගන්නා  Artificial intelligence පද්ධතියක් ඔවුන් සතුව ඇත. එය මාධවට වැටහුනේ අපූරු ආකාරයකටය.

මාධව වැඩට යන්නේ බස් රථයේය. මුලදී බස් රථය තුල අසුනකදී මාධව facebook හෝ Instagram යන්න පුරුදු වී සිටියේය. දිනක මාධවට යාබදව සිටි කෙල්ල බුකිගත වනු මාධව දැක්කේය.

ඒකි ලස්සනය. සුන්දරය. හැඩ ඇගය. පියකරු මූනත්තහඩුවය! එසේ හෙයින් ඇය හා හාද වීමට මාධව තුල කැමැත්තක් ඇති වූයේය.

ඒත් නම දන්නේ නැත. විස්තර අඥාතය. කතෘ වරුන්ද (අම්මා අප්පා) අඥාතය!

නමුත් දිනක් ඇතුලත ඇය හා හාද වීමට මාධවට ඉඩ ලැබුනේය. ඒ කෙසේ ද යත් ඈගේ මූනු පොතේ පිටුව මාධවට සජෙස්ට් වී තිබුන නිසාය. මෙන්න බොල ඈ! දිලිසෙන නෙත් යුගලින් සහ හැඩට පේන ගවුම් කොටේ ඇදන් සුදු දනිස් පොල්කටු එලියේ දමං ඈ!  බැබලි බැබලී මාධවගේ  ඇන්ඩ්‍රොයිඩ තිරය මත! කාලයත් සමග දැන් මාධව සහ ඇය නියම මිතුරෝය.

මාධවට ඒක වුන හැටි ප්‍රශ්නයක් නොවුවේ දින කීපයක් යන තෙක් පමණක්ය.

එකමත් එක දවසක  සජෙසන්ස් වල බස් රථයේ කොන්දොස්තර තැන, රියදුරු තැන සහ අනිකුත් ඇන්ටිලාද පෝලිමේ සජෙස්ට් වූයේය. තවත් දිනෙක පොලීසියේ ඔ අයි සී ගේ සිටන් කොස්තාපල් පුඥ්ඤසෝම දක්වාම සජෙස්ට් විය! තව දිනෙක කොකාගේ හෝං කමිං එකේදී අමුතු කෙල්ලෝ රැසක් සජෙස්ට් විය! තවත් රැයක සජෙස්ට් උනේ ඉස්පිලිතාලෙක දොස්තරගේ සිට කාර්ය මඩුල්ලක්ය!

මාධවට අන්න එදා ටිකිරි මොලය පහල විය. මේවා එකිං එක සිදු වෙද්දී මොලේ පෑදීමට පටන් ගත්තේය. මේ සිද්ධ වෙන්නේ facebook හි කෘතීම බුද්ධියේ කෙලි බව මාධවට අවබෝධ විය.

මාධව ඊළගට එය අත්හදා බැලුවේ අරුම පුදුම ටැමිල් කෝස් එකේදීය. අවසාන දිනයේදීය! සිත ගිය ගුරුතුමීගේ මූනු පොත හොයාගත්තේ ඒමය! දැන් ඔටෝ සියලූම දෙනා මිතුරෝය!

ඒ නයින් දැන් මාධවට කෙල්ලෙක් ගැන දැන ගන්න උවමනා නං ඈ අසලට වී බුකියට සම්ප්‍රාප්ත වීම සෑහෙන්නේය! පහුවදාට ඈ තිරයේ බැබලෙන්නේය!

කෙසේ වුවද කෘතීම මොලය හෝ වේවා නොවේවා! සමාජ මාධ්‍ය සහ සෙවුම් යන්ත්‍ර තුලින් මානවයා ඉබේම නිරාවරණය වෙමින් පුද්ගලිකත්වය කෙලෙසාගනිමින් කල් ගෙවන්නේය!! සැබෑ යතාර්ථය එයමය!!

ඉතිං කෘතීම බුද්ධිය එලෙස රජ වන ලකුණු පෙනෙන්නේය! හැබැයි මිත්‍රවරුණි, කෘතිම බුද්ධිය ඕවර් ඇක්ටිං ගිය දාට මානවයාට ඒවා දිරවා ගැනීමට කෘතීම අධෝමාර්ග පවා ප්‍රමාණවත් නොවනු ඇත.

ඒනං ජය වේවාය! එලුබුංගල් ය!!

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form