Tuesday, June 16, 2020

සාතන් ඉන්නවා.


 

ඒ පාර අද්දර නුඹ එනකම්ම

වෛරයෙන් සිත පුරවා මග බලන්

රෝස  වෙනුවට කිණිස්සක් අරන්

සාතන් ඉන්නවා රත්තරන්

 

නුඹේ හිතේ ඉඩකඩ ඉල්ලන්

අතීතයේ සොදුරු පෙම පැතූ

කඩවසම් කුමරු දැන් නෑ

සාතන් ඉන්නවා රත්තරන්

 

පපුවක්  තුල ආදර බස් නෑ

වෛරයේ රලු වදන් පිරිලා

කිණිස්සසෙන් යැදුමට ආදරයක්

සාතන් ඉන්නවා රත්තරන්

No comments:

Post a Comment

Your Comments / ඔබේ ප්‍රතිචාර