පයිතන් ක්‍රියාකාරකම් 01

පයිතන් පාඩම් මාලාව සම්බන්ධ ලිපි මුලදී වේගයෙන් පල වුවද, කරුණු කාරනා යෙදුනු හැටිය මෙම පාඩම් මෙහි පල කිරීම යම් කිසි හෙයකින් ප්‍රමාද වීම සිදු වන්නේ මේ දිනවල පවතින කාර්යය බහුලත්වය නිසාමය. එසේ හෙයින් අද දිනයේදී මාධව මෙහි වෙනත් ලිපියක් එම පාඩම් වලට අදාලව පල කරනු ඇත. 

පයිතන් සම්බන්ධව මෙතෙක් ලබා දුන් පාඩම් සියල්ල පහතින් දක්වා ඇත.

පාඩම 01 - උබන්ටු සමඟ පයිතන්

පාඩම 02 -  උබන්ටු සමඟ පයිතන් - Hello World

පාඩම 03 - උබන්ටු සමඟ පයිතන් - ගණිත කර්ම සිදු කිරීම

පාඩම 04 - උබන්ටු සමඟ පයිතන් - විචල්‍යයන්

පාඩම 05 - උබන්ටු සමඟ පයිතන් - විචල්‍යයන් ගැන තවදුරටත්

ඉහතින් සඳහන් කල පාඩම් වලට අදාල සුලු සුලු අභ්‍යාස කිපයක් ලබා දීම මාධවගේ මෙහි අරමුණයි. ඒවා මගින් ලබාගත් පයිතන් දැනුම දියුණු වනු ඇතැයි මාධව සිතන්නේ පුහුණුව මගින් ඉගෙනීම සාර්ථක ක්‍රමයක් නිසාමය. 

ඒ අනුව අදාල අභ්‍යාස පහතින් ඇත. ඒවා උබන්ටු හෝ වෙනත් මෙහෙයුම් පද්ධතියකදී පයිතන් ස්ථාපනය කර ඇති ඔනෑම පරිගණකයකදී සිදු කල හැකිය.

01 - තිරය මත Welcome to Programming World යනුවෙන් පෙන්වීමට කේතයක් ලියන්න

02 - තිරය මත python is a Programming Language යනුවෙන් පෙන්වන්න

03 - පයිතන් කැල්කියුලේටරයක් ලෙස භාවිතා කර ගණිත ගැටලු විසඳා බලන්න

04 - a,b,c, යනු වේරියබල්ස් තුනකි. ඒවාට කැමති පරිදි ඉලක්කම් සහ ගණිත කර්ම ආදේශ කර පහත පිලිතුරු ලබා ගන්නග මේවාට වෙන වෙනම වැඩසටහන් ලිවීම කල යුතුය.

  • a x b = c නම් c = 150
  • a x b = c නම් c = 45
  • a + b = c නම් c = 13
  • a - b = c නම්  c = 18
  • a / b = c නම් c= 5
  • a / b = c නම් c= 6

 

05 - x, y හා z යනු වේරියබ්ල් තුනක් නම් පහත ගැටලුව සඳහා වැඩසටහන් නිර්මාණය කරන්න

01-  fruits යනුවෙන් Apple, Orange, Pine Apple පළතුරු තුනක් දී ඇත. x, y හා z භාවිතයෙන් ඒවා පහලට පෙලගස්වන්න.

එනම් 

Apple
Orange
Pine Apple

යනුවෙන් පිලිතුර තිරයේ දිස් විය යුතුය

 02 - x, y හා z භාවිතයෙන් My Name is madhawa යනුවෙන් දිස්වීමට වැඩසටහනක් ලියන්න.

මෙවැනි බොහෝ අභ්‍යාසයන් අන්තර්ජාලයෙන් ද සොයා ගත හැකි අතර මූලික කරුණු පිලිබඳව අවබෝධයක් ලබා ගැනීම සඳහා මෙම අභ්‍යාස මෙහි පල කරන ලදී. ඉදිරියේදී ඉදිරි පයිතන් ලිපි මාලාව සමගින් සම්බන්ධ වී දැනුම ලබා ගන්නා ලෙසින් මාධව ආරාධනාවක් ද කරමින් අද කොටස සහ පළමු පාඩම් 05ට අදාල වූ පයිතන් පාඩම් ටික මෙතනින් නිම වන්නේ ය.

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form