කවිකාරී

 


බිඳුනු කැඩපත

කියා පාවී 

නුඹේ දිවියද

එබඳු යැයි

එහෙත් කවීකාරී

නුඹ ලියන කවි

ප්‍රේමයේ උල්පත්ය

ප්‍රේමය ජනනය කරනා

එහි නැත

කටුක බව බිඳක්වත්

ඇබින්දක් තරම් වත්

වේදනාවක්!


කෙබඳු දැයි නුඹ

ලියනුයේ

කවි කතන්දර

තැළුම් වේදනා මැද,

බිඳුනු සිත් පොඩි තුල,

ප්‍රේමය ගැනම!

 

ප්‍රේමයක් නොමැති 

කුටුම්භය තුල හිඳ!

 

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form