උබන්ටු සමඟ පයිතන්

python programming language

පයිතන් හොඳ පරිගණක භාෂාවකි. බොහෝ පුද්ගලයින් වින්ඩෝස් සමඟ පයිතන් භාවිතා කරන අතර ලිනක්ස් වැනි මෙහෙයුම් පද්ධති සමඟ පයිතන් භාවිතා කරන ආධුනිකයින් අඩුය. එබැවින් මාධව අද කියන්නට යන්නේ කෙසේද පයිතෝන් භාවිතා කරන්නේ කියා උබන්ටු සමඟ!

මේ  මාධවගේ පයිතන් පාඩම් මාලාවේ පළමු කොටසය. 

පළමු කොටස උබන්ටු වල පයිතන් ස්ථාපනය කොට භාවිතා කරන ආකාරයයි.

උබන්ටු වලදී පයිතන් install කරන්න පහසුම ක්‍රමය වන්නේ terminal මඟින් එය සිදු කර ගැනීමය. ඒ සඳහා ටර්මිනල් හඳුනා ගැනීම වැදගත් ය. 

Terminal යනු?

python programming language

උබන්ටු වලදී Command line - ලෙස භාවිතා කිරීමට ටර්මිනලය ලබා දී ඇත. එය වින්ඩෝස් වල ඩොස් (Ms Dos) වලට සමාන ය. විධාන සහමුලින්ම වෙනස් ය. කෙසේ වෙතත් උබන්ටු ටර්මිනල් මගින් පයිතන් හෝ වෙනත් මෘදුකාංග බාගත කර ගැනීමට අවකාශ පහසුවෙන් ලබා දී ඇත.

මීට පෙර ටර්මිනල් ගැන ලියූ ලිපිය පහත ඇත.

ටර්මිනල් ගැන ලිපිය - උබන්ටු terminal මගින් මෘදුකාංග ස්ථාපනය කිරීම

ඒ සඳහා විධාන කීපයක් පමණක් ලබා දීම ප්‍රමාණවත් වන අතර යහපත් තත්වයේ තිබෙන අන්තර්ජාල සබඳතාවයක් අත්‍යවශ්‍ය වේ.

උබන්ටු ටර්මිනල් වෙතට යාමට නම් ක්‍රම කීපයක් ඇත.

  1. පළමු වැන්න පරිගණකයේ වෝල් පේපරය මත (background) Right click කර open in terminal විධානය ක්ලික් කිරීමයි.
  2. දෙවැන්න Show Application වෙත ගොස් Terminal කියා search Bar තුල type කිරීමෙන් ලැබෙන terminal Icon මත ක්ලික් කර එය විවෘත කර ගැනීමයි.

මේ ආකාර වලින් කෝම හෝ ටර්මිනල් විවෘත කර ගැනීමෙන් පසු පහත විධාන පිළිවෙලින් ලබා දීමෙන් මෙම කටයුතු ආරම්භ කල හැකිය.

උබන්ටු යාවත්කාලීන කිරීම

ඒ සඳහා ටර්මිනල් තුල පහත විධානය සහ ඉන්පසු මුර පදයක් ඇත්තේ නම් ඉල්ලූ විට එය ලබා දෙන්න

  sudo apt get-update

python බාගත කිරීම

ඉන්පසු පයිතන් බාගත කිරීම සදහා පහත විධානය ලබා දෙන්න

 sudo apt install python3


එහිදී පයිතන් පරිගණක භාෂාව දැනටමත් ස්තාපනය කර ඇතිනම් රූපයේ දැක්වෙන පරිදි පණිවුඩයක් දැක්වෙන අතර එසේ නොමැති විඩ ටර්මිනල් හරහා පයිතන් බාගත වී ස්ථාපනය වීම ස්වයංක්‍රීයව සිදු වේ.

ඉන් පසු පයිතන් ස්ථාපනය වී ඇතිදැයි බැලීමට පහත විධානය යොමු කරන්න

python3 --version


එවිට සංස්කරණය පෙන්වීම සිදු කරයි නම් පයිතන් නිසි පරිදි ස්ථාපනය වී ඇත. ඉන්පසු පයිතන් කේත ලිවීම සඳහා සුදුසු මෘදුකාංගයක් හෙවත් IDE (Integrated Development Environment) බාගත කල යුතුය. එවැනි IDE පිලිබඳව මාධව මීට පෙර ලියූ ලිපිය පහලින් දක්වා ඇත.

ලියවන්නෝ - IDE ගැන ලිපිය

දැනුමට - IDE (Integrated Development Environment) යනු පරිගණක වැඩසටහන් සංවර්ධනය කිරීමේදී කේත ලිවීමට සුදුසු පරිදි නිර්මාණය කර ඇති මෘදුකාංගයන් වන අතර ඒ තුල වැඩසටහන් නිර්මාණය සඳහා කේත ලිවීමේදී භාවිතා කිරීමට විවිධ පහසුකම් අන්තර්ගත කොට ඇති බැවින් කඩිනමින්, ඵලදායී ලෙස නිවැරදිව කේත ලියමින් වැඩසටහන් සංවර්ධනයට අවකාශ ඇති කරයි.

මාධව සිය IDE එක ලෙස ඔහුට සුපුරුදු Visual Studio Code භාවිතා කරන අතර එය සඳහා පයිතන් Plugins අවශ්‍ය නම් බාගත කර ගත හැකිය.

පයිතන් වැඩසටහන් කළමණාකරණය සඳහා ෆෝල්ඩරය සෑදීම සහ ටර්මිනල් භාවිතයෙන් එයට පිවිසීම

පයිතන් වැඩසටහන්  / ක්‍රමලේඛ ලිවීමේදී ඒවා පරිගණකයේ තැන්පත් කිරීම සහ ඒවා ධාවනය කිරීම සිදු කල යුතු අතර ධාවනය කිරීම ටර්මිනල් හරහා සිදු කර ගත හැකිය. ඒවා තැන්පත් කිරීමට සුදුසු ෆෝල්ඩරයක් සුදුසු ස්ථානයක නිර්මාණය කර ගත හැකිය.

මාධව ඒ සඳහා python_activities යනුවෙන් ෆෝල්ඩරයක් නිර්මාණය කර ගන්නේ Home/Documents නැමති ස්ථානයේ ය.

ඉන්පසු එය ටර්මිනල් හරහා විවෘත කර ගත යුතුය. ඒ සඳහා පහසුම ක්‍රමය වන්නේ අදාල ෆෝල්ඩරය තුලට පිවිස දකුණු මවුස් බොත්තම ක්ලික් කර ලැබෙන මෙනුවේ Open in Terminal මත ක්ලික් කිරීමය.

 

එවිට මේ ආකාරයට ටර්මිනල් විවෘත වන අතර එහි  රූපය පහත පරිදි වේ.

python programming language

දැන් ඔබගේ පයිතන් වැඩසටහන ධාවනය වීමට ටර්මිනල් සූදානම් ය.

පයිතන් වල පළමු වැඩසටහන ලිවීම ඇතුලු පාඩම් කීපයක් ඊළග කොටසින් බලාපොරාත්තු වන්න! පයිතන් පාඩම් වල පලවැනි කොටස අහවර වන්නේය.

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form