උබන්ටු සමඟ පයිතන් - Hello World

පයිතන් බාගත කර ස්ථාපනය කොට ඒ සඳහා අවශ්‍ය වෙනත් සැකසුම් පිළිබඳව කතා කල පළමු ලිපිය පහලින් දක්වා ඇති අතර මේ ලිපියෙන් බලාපොරොත්තු වන්නේ පළමු වැඩසටහන ලිවීමට ය.

පළමු ලිපිය -  Welcome to Python

දැනුමට - Hello World යනුවෙන් සෑම පරිගණක භාෂා පාඩමක් ආරම්භයේදීම පළමු වැඩසටහන ලෙස ලිවීම සම්ප්‍රදායක් වන අතර නවක මෘදුකාංග ලියන්නන් සඳහා ආරම්භය ලබා දෙන්නේ මෙම වැකියෙනි. එය සම්ප්‍රදායක් මිස වෙන යමක් නොවේ.

බොහෝ විට පළමු වැඩසටහන වනුනේ මෙම Hello World යනුවෙන් පරිගණක තිරයේ පෙන්වීමය.

පයිතන් වලදී සැලකිය යුතු කරුණු -  

  • අකුරු වල කැපිටල් සිම්පල් බව දැඩිව සැලකිල්ලට ගත යුතුය.
  • එක පේලියක ලිවිය යුත්තේ එක් කේතයක් පමණක් බව සහ එක් පේලියක කේත කීපයක් ලියන්නේ නම්  ;  මගින් ඒවා වෙන් කර දැක්විය යුතු බවය. අවසාන කේතය සඳහා එය නොයෙදිය යුතුය.
  • පයිතන් වැඩසටහන් වලදී නමේ අගට යොදන .py යනු පයිතන් වැඩසටහන් සඳහා හඳුනාගැනීමේ දිගුව (File extension)වේ
  •  සෑම විටම අදාල ෆෝල්ඩරයේ සේව් කිරීම මගින් නිර්මාණය කිරීමේ කටයුතු පහසු වේ.

 

පයිතන් කේත ලිවීම සඳහා මාධව භාවිතා කරන්නේ විෂුවල් ස්ටූඩියෝ කෝඩ් වන අතර එහි මේ ආකාරයට පළමු වැඩසහන ලියමු.

පළමුව file --> new file මගින් hello.py යනුවෙන් ගොනුවක් විවෘත කර එය Documents/python_activities තුල සේව් කර ගන්න. මෙහි py යනු පයිතන් වැඩසටහන් සඳහා හඳුනාගැනීමේ දිගුව (File extension) වන අතර hello යනු වැඩසටහන සඳහා ලබා දුන් නාමයයි. එවිට අදාල ෆෝල්ඩරයේ පහත ආකාරයට පයිතන් ගොනුව දිස්වේ.

එය සාර්ථකව සේව් කර අවසන් වූ පසු පහත පරිදි කේත යොදන්න

print ("hello madhawa")

මෙහි print යනු තිරයේ පෙන්වීම යන අදහසින් දෙන විධානය වන අතර ("hello madhawa") මගින් තිරයේ පෙන්වීමට අවශ්‍ය වැකිය ඇතුල් කර ඇත. 

ඉන්පසු ටර්මිනල් භාවිතයෙන් එය ධාවනය කර බලන්න. 

ටර්මිනල් විවෘත කර ගන්නා ආකාරය දැනගැනීමට කලින් ලිපිය බලන්න. අදාල python වැඩසටහනට  පිවිසීමට පහත විධාන භාවිතා කර හැකිය.  (වැදගත් - python වැඩසටහනේ නාමය නිවැරදිව ඇතුල් කල යුතුය

ටර්මිනල් තුල python3 hello.py යනුවෙන් ඇතුල් කර එන්ටර් කල විට පහත ආකාරයට තිරයේ දිස්වේ.


මෙය සාර්ථකව දිස් වූයේ නම් ඔබගේ පළමු පයිතන් වැඩසටහන සාර්ථක ය. මාධවගෙන් සුභ පැතුම් ය.

Python Comments

ඔනෑම පරිගණක වැඩසටහනක් නිර්මාණය කිරීමේදී අවශ්‍ය විටෙක කමෙන්ටු තැබීම වැදගත් සහ අත්‍යවශ්‍ය පුරුද්දකි. එමගින් වෙනත් පුද්ගලයෙක් මෙම කේත පරීක්ෂාවේදී සහ පසු කලෙක තමන්ටම කේත පරීක්ෂාවේදී පහසුවෙන් අදාල කේත සහ එහි කටයුතු තේරුම් ගැනීමට හැකියාව ලැබේ. ඒ අනුව කමෙන්ටු - Comments යනු වැදගත්කමක් ඇති කාරණාවකි.

පයිතන් වලදී කමෙන්ටුසටහන් කරන්නේ # සලකුණ භාවිතයෙන් ය.

උදාහරණ - 

print ("hello World") #my first python Program

#this is comment  

පයිතන් කේත අතරට කොමෙන්ටු යොදා ඇති අතර විෂුවල් ස්ටූඩියෝ කෝඩ් හි ඒ කමෙන්ටු කොල පාටින් පෙන්වයි. 

.

කමෙන්ටු යොදා ලියූ වැඩසටහන ධාවනය කල පසු ලැබෙන්නේ පහත පරිදි ප්‍රතිදානයකි.

එහි කොලපාටින් පෙන්වන කමෙන්ටු දිස් වන්නේ නැත. ඒ අනුව පැහැදිලි වන්නේ කමෙන්ටු බලා ගත හැකි වන්නේ කේත පරීක්ෂාවේදී පමණක් බවය.

එසේම කේත අතරේ කමෙන්ටු යොදන අනෙක් ක්‍රමය වන්නේ """ කමෙන්ටු""" ලෙස ඉන්වර්ටර් කොමා ඇතුලේ මෙම කමෙන්ටු සඳහන් කිරීමය. එය පහත දක්වා ඇත

Comments පිලිබඳව සඳහන් කිරීමෙන් පසු අද කොටස අවසානය.  මීළග පාඩමින් හමුවෙනතුරු උත්සහ කරන්න පයිතන් දැනුම අන්තර්ජාලයෙන් පවා සොයාගෙන යාවත්කාලීන වන්නට. ජය වේවා මිත්‍රවරුණි.




Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form