උබන්ටු සමඟ පයිතන් - විචල්‍යයන්


විචල්‍යයන් යනු variables ය. මේක ඉංග්‍රීසියෙන් සහ සිංහලෙන් කලවම් කොට ඉගැන්වීම සාර්ථක ය. ඒ අනුව අද කතා කරන්නේ පයිතන් වල වේරියබල්ස් ගැනය. පයිතන් වල වේරියබල්ස් සකස් කිරීමේදී කරුණු කීපයක් මතක තබා ගැනීම වැදගත් ය.

  • වේරියබල්ස් කේස් සෙන්සිටිව් බව (Case Sensitive) 
  • වේරියබල්ස් ලෙස වදන් දැක්වීමේදී " " කොමා තුල හෝ ' '  කොමා තුල දැක්වීම ගැටලුවක් නොවේ.
  • වේරියබල්ස් වර්ග කීපයක් එකම අකුරින් පෙන්විය නොහැකි අතර යම් හෙයකින් එකම අකුරින් වේරියබල්ස් කීපයක් සඳහන් කර ඇතිනම් අවසානයට ඇති වේරියබල් වර්ගය හඳුනාගෙන කටයුතු කරයි.
  • යම් අක්ෂරයක් ඉදිරියෙන් = ලකුණ යොදා අගයක් ලබා දුන් සැනින් වේරියබල් එකක් නිර්මාණය වන අතර විශේෂ ක්‍රමයක් නැත.

සරල වේරියබල් කීපයක් අත්හදා බැලීම සඳහා පයිතන් භාවිතයෙන් යෙදුමක් නිර්මාණය කරමු

විශුවල් ස්ටූඩියෝ කෝඩ් මගින් මාධව මෙම කටයුතු සිදු කරන බව මීට පෙරද පවසා ඇති අතර පළමුව විෂුවල් ස්ටූඩියෝ කෝඩ් විවෘත කර සුදුසු නමකින් පෙරදාක පැවසූ ආකාරයට පයිතන් වැඩසටහන් සේව් කරන ෆෝල්ඩරයේ ගොනුවන් නිර්මාණය කර ගන්න

මාධව නිර්මාණය කලේ vtest.py නමින් පයිතන් ගොනුවකි.

එය සුපුරුදු ලෙස Documents/python_activities ෆෝල්ඩරයේ සේව් කරන ලද අතර ටර්මිනල් ද ඒ සමඟම විවෘත කර ගැනීම සුදුසු බැවින් ටර්මිනල් ද විවෘත කර ගන්නා ලදී.

 උක්ත vtest.py තුල පහත කේත අන්තර්ගත කරමු

print("this is variable test app") #this is just a text print
a=100 #assign first variable
b=200 #assign second variable
c= a+b #assign thired variable as "c" that answer of a plus b
print(c) #display the answer of a+b


මෙහි a b c යනු වේරියබල්ස් හෙවත් විචල්‍යයන් වේ. a සහ b සඳහා පිළිවෙලින් 100 සහ 200 ලෙස අගයන් ලබා දී ඇති අතර a සහ b වල අගයන් එකතු කල විට ලැබෙන අගය c නම් වේරියබල් එකට ලබා ගන්නා ලෙසට c= a+b කේතය ලියා ඇත.

print(c) යනුවෙන් එම a+b හි අගය තිරයේ දිස්වේ.


මෙම ඉහල රූපයේ ඇත්තේ එම කේත සටහන සහ ටර්මිනල් තුල ධාවනය කර පිලිතුර ලබා ගත් පයිතන් වැඩසටහන ය. 

එම වැඩසටහනට තවත් දෑ එකතු කර බලමු

print("this is variable test app") #this is just a text print
a=100 #assign first variable
b=200 #assign second variable
c= a+b #assign thired variable as "c" that answer of a plus b
print(c) #display the answer of a+b

d=b/a

print(d)

මෙහිදී  b හි අගය a හි අගයෙන් බෙදූ විට ලැබෙන අගය d නැමැති වේරියබල් එකකට සම්බන්ධ කර ඇති අතර print(d) මගින් එය තිරයේ පෙන්වීමට කේත ලියා ඇත. ලැබුනු පිලිතුර පහත රූපයේ දක්වා ඇත.


 

ඉලක්කම් පමණක් නොව අකුරු හා වචන ද මෙලෙස වේරියබල්ස් ලෙස එකතු කර තිරයේ දිස්වන ලෙස කේත ලිවිය හැකිය. පහත උදාහරණය බලන්න.

print("this is variable test app") #this is just a text print
x="madhawage"
y="katha"
print(x+" "+y)
print('this is text as variables')

මෙම ඉහත කේතයේ x යන්නට madhawage යන වචනය ලබාදී ඇති අතර y සඳහා katha ලබා දී ඇත. මෙහි " " යනුවෙන්" කොමා දෙක අතර අකුරක හිඩසක් ලබා දීමෙන් අදහස් කරන්නේ වදන දෙකක් අතර ඇති ඉඩ ය. print(x+" "+y) යනුවෙන් සඳහන් කරන්නේ x y වලට අදාල වචන දෙක අතර ඉඩ තබා අදාල වැකිය තිරයේ පෙන්වන ලෙසය. පහත රූපයේ එම ප්‍රතිඵලය දැක්වේ.



මේ සරල කතා ටිකක් වන අතර වේරියබල්ස් ගැන තවත් විස්තර මිලග ලිපියෙන් විස්තර කෙර්. ඒ අනුව වේරියබල්ස් පිලිබඳව විවිද දෑ අත්දා බලන්න. පයිතන් අධ්‍යයනය කිරීමට නම් එහි ගැඹුරට කිමිදීම අත්‍යවශ්‍ය වේ

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form