උබන්ටු සමඟ පයිතන් - ගණිත කර්ම සිදු කිරීම

පයිතන් තවත් පාඩමකින් අද මාධව කතා කරන්නේ කැල්කියුලේටරයක් ලෙස පයිතන් භාවිතා කල හැකි ආකාරය සහ ගණිත කර්ම සිදු කිරීමය. මීට පෙර පාඩම් වලටද පිවිස දැනුම ලබා ගන්නා ලෙසද මාධව කියන්නේ ඔනෑම දෙයක් මුල සිටම උගත යුතු නිසාය. 

මීට පෙර පාඩම් වලට යාමට මාධවගේ කතා හි පයිතන් යනුවෙන් සෙවුමක් දැමීමට පුලුවන් ය. එසේත් නැතිනම් සබැඳි ලබා දී ඇත.

වර්තමානයේ පයිතන් භාවිතා කරන්නේ මොනවා සඳහාද?

  1. සර්වර් ආශ්‍රිත යෙදවුම් නිර්මාණය සඳහා
  2. මෘදුකාංග සංවර්ධනය සඳහා
  3. ගණිත කර්ම සඳහා 
  4. දත්ත පද්ධති හැසිරවීම සඳහා 

පයිතන් වල ඇති පහසුකම් 

  • කැල්කියුලේටරයක් ලෙස භාවිතා කල හැකිය.
  • බොහෝ මෙහෙයුම් පද්ධති වල සාර්ථකව ධාවනය වේ.
  • විධාන ඉතා සරලය.
  • විධාන ලියමින් ධාවනය කර පරීක්ෂා කල හැකිය.
  • මෘදුකාංග ලියන ක්‍රම ඔනෑම ආකාරයකට වැඩසටහන් සංවර්ධනය කල හැකිය.
  • පහසුවෙන් කියවා තේරුම් ගැනීමට හැකි ආකාරයට නිර්මාණය කර ඇත.

පරිගණකයේ ගණිත කර්ම සිදු කරන සංකේත

එකතු කිරීම සඳහා +ලකුණ

අඩු කිරීම සඳහා - ලකුණ

බෙදීම සඳහා / ලකුණ 

ගුණ කිරීම සඳහා * ලකුණ ද භාවිතා වේ


පයිතන් කැල්කියුලේටරයක් ලෙස භාවිතා කිරීම

Terminal විවෘත කර එහි Python3 යනුවෙන් සටහන් කර එන්ටර් කරන්න. එවිට පහත ආකාරයට පයිතන් විවෘත වේ.

ඉන්පසු කැල්කියුලේටරයක මෙන් අදාල ගණිතකර්ම ලබා දීමේදී එයට පිලිතුරු ලබා ගත හැකිය

උදාහරණ ලෙස

7895+2000

450/ 9

2 x 3 යන ගණිත කර්ම සලකා බලමු.

ඒ අනුව කල යුත්තේ අදාල ගණිත කර්මය ලබා දී එන්ටර් බොත්තම එබීම පමණකි. පයිතන් කැල්කියුලේටරයක් ලෙස භාවිතා කල හැක්කේ ඒ ආකාරයටය. මීලග පාඩමින් පයිතන් වල වැඩිදුරට කිමිදී බැලීමට මාධව උත්සහ කරනු ඇත. ඒ අනුව මේ පාඩම මෙතනින් නිම වෙන්නේය. ජයම වේවාය!

 

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form