උබන්ටු සමඟ පයිතන් - විචල්‍යයන් ගැන තවදුරටත්

 


මීට පෙර දිනෙක මාධව විසින් ලියූ විචල්‍යයන් ගැන ලිපියට වැඩි යමක් ලෙස තවදුරටත් මෙම පයිතන් වල වේරියබල් පැහැදිලි කර ගත යුතුය. මක් නිසද යත් මේ වේරියබල්ස් සංකල්පයන් අතිශය වැදගත් වන නිසාය.

වේරියබල්ස් සඳහන් කිරීමේදී නිවැරදි ආකාරයෙන් සඳහන් කිරීම ඉතා වැදගත් ය.

 

mayvariable = "this is correct"
myvar2 = " this is also variable"
name_1="madhawa"
name_1_village="colombo"

මේ සඳහන් කර ඇත්තේ නිවැරදි ආකාරයට සඳහන් කර ඇති වේරියබල්ස් කීපයකි.

වැරදි ආකාරයන් පහත දක්වා ඇත්තේ අවබෝධය සඳහාය.

 

Visual Studio Code හි වේරියබල්ස් වැරදියට සඳහන් කල විට එය රතු පැහැතින් අන්ඩලයින් වී පෙන්වයි. නමට ඉදිරියෙන් ඉලක්කමක් යෙදීම, ස්පේස් තිබීම,  - සලකුණ තිබීම ආදී දෑ අඩංගු නම් වේරියබල්ස් වල නම් ලෙස භාවිතා කල නොහැක.

මාධව අන්තර්ජාලය පිරික්සීමේදී https://www.w3schools.com වෙබ් අඩවිය පිරික්සීමේදී අපූරු දේවල් ටිකක් දැනගත් අතර ඒවාද මෙහි සඳහන් කර ඇත

ඔවුන් වචන කීපයක එකතුවක් ඇති වේරියබල්ස් සඳහා අපූරු නම් තුනක් යොදා ඇත - 

වේරියබල් නාමයේ වචන එකකට වඩා ඇති අතර ඒ නාමයේ පළමු අකුර හැර අනෙක් සෑම වචනයක්ම ආරම්භ වන්නේ කැපිටල් අකුරින් නම් එය ඔටුවා - Camel ආකාරයේ නම ඇති වේරියබල් එකකි.

උදාහරණ  - myFirstVariableName

වේරියබල් නාමයේ වචන එකකට වඩා ඇති අතර ඒ නාමයේ සෑම වචනයක්ම ආරම්භ වන්නේ කැපිටල් අකුරින් නම් එය පැස්කල් - Pascal ආකාරයේ නම ඇති වේරියබල් එකකි.

උදාහරණ  - MyFirstVariableName

වේරියබල් නාමයේ වචන එකකට වඩා ඇති අතර ඒ නාමයේ සෑම වචනයක් අතර _ (Underscore) ලකුණ යොදා ඇතිනම් එය නයි - Snake ආකාරයේ නම ඇති වේරියබල් එකකි.

උදාහරණ  - my_first_variable_name

වේරියබල්ස් වලට අගයන් ආදේශ කිරීම ක්‍රම කීපයක් ඇත.

පළමු ක්‍රමය 

x=2

y=3  ආකාරයට පහලට ලිවීම ය.

තවත් සරල ලේසි ක්‍රමයක් වන්නේ දිගු අතට ලිවීමයි

එනම්

x,y,z = "my", "First", "Variable" ලෙස ලිවීමයි.



variable unpacking - 

පහත උදාහරණයෙන් පැහැදිලි කර ගැනීම සුදුසුය

 

 print("Correct Variable Types") #this is just a text print

fish = ('gold fish' , 'cat fish' , 'guramie')# මෙයින් මාලුවෝ සියල්ලම එක පැක් එකක් ලෙස fish යටතේ වේරියබල් එකක් ලෙස තබා ගනී
a,b,c = fish #මෙහිදී fish යන පැක් එක තුල ඇති මාලු වර්ග පිලිවෙලින් a,b,c වෙතට ලබා දේ
print(a)
print(b)
print(c)

print('this is unpacking')

#ඉන්පසු ඒවා තිරයේ දිස්වීමට කටයුතු යොදා ඇත.

වේරියබල්ස් තවදුරටත් - 

a="my"
b="village"
c="is"
d="colombo"

#a,b,c,d යන වේරියබල් හතර සඳහා වෙන වෙනම වචන හතරක් සම්බන්ධ කර ඇත

print(a,b,c,d) #ඒවා එකතුවී වැකියක් නිර්මාණය වීම තිරයේ පෙන්වීමට විධානයදී ඇත.

- - - - - - - - - - -- - - - - - - - - - -- - - - - - - - - - -- - - - - - - - - - -

 

 

මෙහිදී ද ඉහත ක්‍රියාවලියට සමාන කතාවක් ඇති අතර වෙනස වන්නේ කොමා වෙනුවට + ලකුණ යොදා තිබීමයි. වේරියබල්ස් සැකසීම වෙනසකට ඇත්තේ සෑම වචනයක්ම අවසානයේ ස්පේස් එකක් තියා වේරියබල් එක සැකසීම සිදු කර ඇත.

a="my " #y අකුර සහ " ලකුණ අතර ස්පේස් එකක් ඇත.

b="village "
c="is "
d="colombo"


print(a + b + c + d)

ඒ අනුව ඒ ආකාරයට ද මෙම වේරියබල් සකසා කේත ලිවිය හැකිය. ඉදිරියේදී ලිපි වලින් තවත් මේ ගැන විවිධ කතා ලියවෙනු ඇත. මේ ලිපිය මෙතනින් අවසාන වනු ඇත.

4 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. මහේෂ් වලතරOctober 6, 2023 at 11:53 AM

    ඔබතුමා ඉහල පෙලේ පරිඝනක දැනුම මෙලෙස බෙදා හදා ගැනීම ගැන අපගේ ප්‍රණාමය දක්වා සිටිමු.
    ඔබතුමාගේ අත්තර්ජාල වෙබ් අඩවියෙන් සිදු කරන මෙහෙය හරිනම් ආණ්ඩුවෙන් කරන්න ඕනි දෙයක්. අපේ රටේ ආණ්ඩුවට මේවා ගැන අගයක් නැහැ. ඒ නිසා ඔබතුමා වැනි විද්වතුන් රට හැර යනවා. ඔබතුමාට ගොඩක් ස්තුතියි මෙලස සිංහල භාෂාවෙන් දැනුම බෙදා දීම ගැන.

    පානදුර ප්‍රදේශයේ මා සහ මගේ මිතුරන් මෙම අන්තර්ජාලයට පිවිසෙනවා හැමදාම.

    මහේෂ් වලතර-පානදුර

    ReplyDelete
  2. මේවාට ලියන්නට නොදනිමි! මේ ලියන්නේ දිරි ගැන්වීමටයි! මට පසුපස එන මේ විෂය කරුණු ගැන දන්නා අය හොඳ සාරගර්භ කමෙන් දමාවි!

    මොනවා උනත් දිගටම ලියන්න!

    ReplyDelete
    Replies
    1. ඔබගේ බ්ලොග් අඩවියේ අපූුරු කතාන්දර ඇති අතර දැඩි වාහන පිස්සෙක් බව අඳුනා ගතිමි. කෙසේ වුවුද කමෙන්ටු පල කිරීමේදී දෝශ සහගත තත්වයක් ඇති වූ බව සඳහන් කරමි. ස්තූතියි මෙහි පිවිසීමට සහ ඔබේ කමෙන්ටු වලට

      Delete
Previous Post Next Post

Contact Form