සීතා

 


දුර ඈත ක්ෂිතිජයේ

නීල වර්ණැති සයුර

සිඹ අරන් එන්නා

මෘදු සීත පවන් රොද

වැදී පීදෙන කුසුම් 

සයනයක අතුරලා

ඇයව එහි සතපලා

සෙමෙන් සිපගනීවී

දෙතොල් දහයක් ඇයව


දැඩි වෙනා හංස තුඩු

සිනිදු සුදු සළුව යට

ඉස්සිලා ඉඟි කලා

දිශාවක් ගමන් යන

ප්‍රේමයෙන් ආතුරව


මොහොතකදි දැනුනා

ප්‍රේමයක හැඟුමන්

බලසම්පන්න වූ ඒ

පුරුෂයා ලඟ ඇති


එවර,

ඒ තෙදැති ඔහු ළගදි

තෙත් වුනා සැම තැන්

සෙමෙන් අවනත වෙලා

ගයයි යුග ගී ඇයත්

 

කිඳා බහිනා

ලියකගේ නිය

එපිට මත්තෙ 

රුහිරු ඉසිමින්

අතෝරක් නැති 

තුටු සුසුම් මැද

හිරිවැටෙනවා

සියුම් රස තැන්


සියොළගම දැවටෙනා

රළු දෙතොල් දහයකින්

එක්වරම සිපගැන්ම

කෙසේ ඉවසනු හැකිද


ඒ පුරුෂ නිමිත්තේ 

පහස දැනෙනා කල්හි

සීතාව ගැහෙනවා

තාලයට රාගයට

 

කිසි දිනෙක ඇ නොදුටු

සුරලොවේ දොරටු ළග

ප්‍රේමයෙන් රැගෙන විත්

අතහැරියෙ එක්වරම

 

කෙඳිරියක් නොව 

ගීතයයි ඒ

තෘප්තිමත් වූ 

මුවින් ගැයෙනා

සුර අන්තයේ 

දොරටු හමුවේ

තව තවත් සුව

අයදින්නි ඈ


ශාංගාර දෙනෙතින්

ඔහුගෙ බාහුවේ එල්ලී

තව තවත් අයදීවි

ප්‍රේමයේ රස පහස


මඳකින්,

කිරි මුහුද කැළඹී

ඉහිරිලා මත හංසයින්ගේ

නෙත් වසාගෙන ඈ

සුසුම් හෙලන්නීය

තෘප්තියෙන්


ඔහු,

බින්දේය ඇගෙ

ආඩම්බරය 

දුන්නේය ඇයට

දිවියේම අසම සම

තෘප්තිමත් හැන්දෑව

 

ඉතින්,   

රාමගේ සීතා 

බුදියෑවාය එකම එක

දිනෙක හැන්දෑවක

රාවණා එක්ක, තුරු හිස් යට

 

කවුරුත් හොඳට දන්නා

දුර ඈත අතීතෙකදී

ඉන් පස්සෙ හනුමා

ගිනිතැබුවේය රූමස්සල!

2 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form