ඉගෙන ගත යුතු පරිගණක භාෂා

මාධව මීට කලියෙන් කියා ඇති පරිගණක භාෂා පිලිබඳ ලිපි වලට එකතු කරන නවතම ලිපිය මේක ය.මේ කතාව කියන්නේ දැනටමත් පරිගණක වැඩසටහන්, වෙබ් පිටු, ඇප්ස් ආදිය නිර්මාණය කරන්නට පෙළඹී ඉන්නා අයට ය. මේක සරල කතාවක් වූවාට කම් නැත. අවවාදයක් හෝ දීම සුදුසුය. ඉතින් මේ කියන්නේ 2023 වසර වන විට වැඩිපුරම රැකියා උත්පාදනය කරන සහ රැකියා වලදී ඉහලින්ම සලකා බලන පරිගණක භාෂා කීපය පිලිබඳවය.

 

මීට පෙර ලියූ භාෂා පිලිබඳ ලිපි පහතින් දක්වා ඇත.

 

මේ කියූ ලිපි වලත් ඇත්තේ මෘදුකාංග ඉංජිනේරුවන් වන්නට අදහස් කරන අයවලුන්ට අවැසි කරන පුංචි පුංචි අවවාද ය. 

ඉතින් 2023 වන විට ඉහලින්ම භාවිතා කරන සහ ජනප්‍රියම භාෂා කීපයක් මාධව අන්තර්ජාලයේ සැරි සැරීමේදී දැක්කේය. මේ ඒවා ය.

  1. Javascript.
  2. Python.
  3. Java.
  4. Kotlin.
  5. PHP.
  6. C#


Javascript. 

JavaScript Logo, symbol, meaning, history, PNG, brand

ජාවා ස්ක්‍රිප්ට් යනු වර්තමානයේදී බොහෝසේ භාවිතා වන පරිගණක වැඩසටහන් සංවර්ධන භාෂාවක් වන නමුදු මුල් කාලයේ එය භාවිතා කරන ලද්දේ වෙබ් අඩවි සංවර්ධනය සඳහාය. නමුත් වර්තමානයේදී ඉතා ජනප්‍රියවී ඇති මෙම භාෂාව බොහෝ ආයතන වල සම්මුඛ පරීක්ෂණයේදම දැනුම පරීක්ෂා කරමින් බඳවා ගැනීම් සිදු කරයි. අන්තර්ජාලය හා බැදුනු ලෝකය තුල වැඩසටහන් සංවර්ධනය වර්තමානයේ දැඩි ඉල්ලුමක් ඇති ක්ෂේත්‍රයක් බැවින් මෙම පරිගණක භාෂාවේ ජනප්‍රියත්වය ඉහල යාමට හේතු වී ඇත.

එසේම web browser සමඟ බැඳුනු පරිගණක භාෂාවක් නිසා මෙන්ම Front end and Back end අංශ දෙකෙහිම භාවිතා කල හැකි නිසාවෙන් ඉතා පහසුවෙන් කටයුතු කිරීමට හැකි වීම නිසා අතිශය ජනප්‍රිය වී ඇත. එසේම පරිගණක ක්‍රීඩා නිර්මාණය කිරීම සඳහාද වර්තමානයේ භාවිතා කරන හෙයින් මෙම භාෂාවේ වටිනාකම ඉහල ගොස් ඇත. පරිගණක මෘදුකාංග සංවර්ධන ක්ෂේත්‍රයේ රැකියා සොයන්නෝ මෙම භාෂාව මැනවින් ඉගෙන ගැනීම අනාගත ආයෝජනයක් වනු ඇත.

Python. 

Download Python Logo in SVG Vector or PNG File Format - Logo ...

වර්තමානයේ පාසල් පරිගණක අධ්‍යයනයේ ඇති භාෂාවක් වන පයිතෝන් / පයිතන් භාෂාව එසේ පාසල් වැඩපොතට අඩංගු කිරීම ඉතා හොඳ කටයුත්තක් බව මාධව සිතන්නේය. එසේම වර්තමානයේදී ඉහලින් කී ජාවා ස්ක්‍රිප්ට් මෙන්ම ඉල්ලුමක් ඇති භාෂාවක් වනනේ මෙම පයිතන් භාෂාව ය. පයිතන් වල කටයුතු කිරීම සහ අධ්‍යයනය පහසු බැවින් එය ජනප්‍රිය වී ඇති අතර පයිතන් හා සහය වන Frameworks බොහොමයක් ඇති නිසා සංවර්ධකයින්ට සිය සංවර්ධන කටයුතු පහසු වී ඇත. Django, flask, Bottle වැනි Frameworks නිසා මෙම පයිතන් භාවිතයෙන් කටයුතු කිරීම සහ වැඩසටහන් නිර්මාණය පහසුවී ඇත.

 

Java.

Java Programming PNGs for Free Download

Javascript. හි ලොකු අයියා වන JAVA භාෂාව ද අතීතයේ සිට වර්තමානය දක්වාම බොහෙවින් ජනප්‍රිය සහ වැදගත් භාෂාවක් වේ. රැකියා වෙලඳපලේ ඉහල තත්වයක් මෙම ජාවා භාෂාව දන්නා ඉංජිනේරුවන්ට හිමි වේ.  ජාවාභාවිතයෙන් මෘදුකාංග මෙන්ම වෙබ් යෙදුම්ද නිර්මාණය වන නිසා ජනප්‍රියතාවය සහ ඉල්ලුම අධික වී ඇත.

 

Kotlin.

කොට්ලින් භාෂාව භාවිතා කෙරනුයේ ජංගම දුරකථන සඳහා ඇප් නිර්මාණය කිරීමට බැවින් ඉල්ලුම අධික ය. වර්තමානයේ බෙහෙවින් ජනප්‍රිය වන ක්ෂේත්‍රයක් වන මෙම මොබයිල් ඇප් නිර්මාණය කිරීමට ජාවා ස්ක්‍රිප්ට් මෙන්ම මෙම කොට්ලින් භාෂාව ද භාවිතා කෙරේ. ඇන්ඩ්‍රොයිඩ යෙදවුම් (ඇප්ස්) නිර්මාණයේදී ජනප්‍රිය මෙම භාෂාව ඉගෙන ගැනීම ද අනාගත රැකියා වෙලඳපලෙහි තත්වය ඉහල නංවා ගැනීමට ආයෝජනයක් වනු ඇත. 

PHP

File:PHP-logo.svg - Wikipedia

අතීතයේ සිටම තත්වය රැකගෙන ආ මෙම PHP භාෂාව තවමත් සිය පැවැත්ම තහවුරු කරගනිමින් සිටී. Backend සංවර්ධනය, දත්ත පද්ධති සහ සර්වර් පද්ධති තුල වැඩසටහන් සහ වෙබ් යෙදවුම් ලිවීම ආදී කටයුතු වලදී තවමත් භාවිතා වන බැවින් මෙම භාෂාව ඉගෙනීම ද අනාගත ආයෝජනයකි. 

C#

Bring back Andy! or some other logo for C# · dotnet ...

.net framework (Dot net framework) සමඟ ක්‍රියා කරන සී ෂාප් - C# භාෂාව ද වර්තමානයේදී දැඩි ඉල්ලුමක් ඇති භාෂාවක් වන අතර පරිගණක සඳහා මෘදුකාංග නිර්මාණයේදී බෙහෙවින් භාවිතා වේ. එසේම වැදගත්කම වන්නේ ජාවා වැනි භාෂාවක් උගත් අයෙකුට පහසුවෙන් මෙම භාෂාවට හුරු වීමට හැකි අතර OOP - Object Oriented Programming වලදී සුදුසු භාෂාවක් ලෙස මෙම භාෂාව නම් කල හැකිය. පරිගණක ක්‍රීඩා නිර්මාණයේදී මෙම භාෂාව භාවිතා කරන බැවින් C# සඳහා ඉල්ලුම තවමත් ඇත්තේය.

ඉතින් මේ කතාව මෙතනින් අහවර ය. සැමට ජය වේවාය!!!

2 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. අජිත් ධර්මකීර්තිSeptember 16, 2023 at 10:18 AM

    ඔබතුමා මයික්‍රෝසොෆ්ට් සමාගමේ සේවය කරන පරිගණක ඉංජිනේරුවරයෙක්ද?

    ReplyDelete
    Replies
    1. නෑ මහත්මයා! මාධව ඔහුගේම ආයතනයක් පවත්වාගෙන යන අයෙක්!

      Delete
Previous Post Next Post

Contact Form