කෝඩිං ලියන්නට Visual Studio Code.

Visual Studio Code  -  Logo
 

අධ්‍යාපනය වැදගත් ය. එබැවින් මාධව තමාගේ කතාන්දර එක්ක හැකි පමණ විවිධ දෑ බෙදා හදා ගන්නේය. සරල දැනුම ලෙස ලබා දෙන්නේය. මහා දේවල් කියලා දාන්න මෙහෙම බැරි නිසා අලුත් ටිප්ස් ආදිය සරලව මෙහෙම ලියන්නේය. ඉතිං අද කියන්නට යන්නේ පරිගණක කතාවක් ය. මීට පෙර දාක මාධව විසින් පරිගණක භාෂා සහ පරිගණක වැඩසටහන් නිර්මාණය කිරීමට අදාල මෘදුකාංග පිලිබඳව ලියූ ලිපි කීපයක සබැඳිද පහතින් අමුණා ඇත්තේ ඔබගේ දැනුම ට ය.

01 පරිගණක භාෂා කීපයක් ගැන ලිපිය 

02 පරිගණක භාෂා ලිවීමට අවශ්‍ය මෘදුකාංග කීපයක් ගැන ලිපිය

03 මෘදුකාංග ඉන්ජිනේරුවරයෙක් වීමට කල හැකි දෑ ගැන සරල ලිපිය 

 අද කියන්නට යන්නේ වැඩසටහන් නිර්මාණය සඳහා යොදා ගත හැකි Visual Studio Code මෘදුකාංගය ගැන කාරණා ඇබින්දක් ය.

 2015 වසරේ සිව්වැනි මාසයේදී නිවේදනය කොට එම වසරේදී ම නොවැම්බර් මාසයේදී පළමු සංස්කරණය ලෙසින් එලි දැක්වූ මෙම කේත ලිවීමේ අතුරුමුහුණත Microsoft සමාගමේ අයිතියෙන් එලි දැක්වී ඇත. පරිගණක වැඩසටහන් සඳහා කේත ලිවීමේදී ඉතා පහසුවෙන් කටයුතු කර ගැනීමට හැකි සරල මෘදුකාංගයක් වීම මෙය ජනප්‍රිය වීමට ප්‍රධාන හේතුවකි.

VS Studio Main Interface

 

Windows සඳහා පැමිණි Visual Studio සහ මෙම Visual Studio Code යනු මෘදුකාංග සංවර්ධනය කරන එකම යෙදුමක් නොව යෙදුම් දෙකක් බව සිහියට ගැනීම මනාය. Visual Studio යනු IDE හෙවත් මෘදුකාංග සංවර්ධනය කිරීමට ලබා දෙන යෙදුමකි. එහිදී මුදුකාංගය හෝ වෙබ් පිටුව වේවා නිර්මාණය කල පසු පරීක්ෂණ තත්වයේ ධාවනය කිරීම සහ පසු විපරම් සඳහා පහසුකම් රාශියක් ඇතුලත් කර ඇත. නමුත් Source Code Editor අතුරුමුහුණතක් ලෙසින් හැඳින්වෙන Visual Studio Code හි ඇත්තේ කේත ලිවීමේ පහසුකම් පමණි.

මෙම යෙදවුම් සම්බන්ධව වෙනස්කම් පහත දක්වා ඇත

 

VS Code (Visual Studio Code හි කෙටි යෙදුම) මගින් පරිගණක භාෂා ගණනාවක් සඳහා සහය දක්වයි. එබැවින් විවිධ ආකාරයේ පරිගණක භාෂා භාවිතයෙන් වැඩසටහන්, වෙබ් පිටු ආදිය නිර්මාණය කල හැකිය.

ඒවායින් කිහිපයක්  පහත දක්වා ඇත.

C#

C++

Go

Python

Java

C

JavaScript

CSS

Node.js

HTML

json

PHP

 VS Code හි ප්‍රධාන අතුරුමුහුනතක HTML කේත යොදා ඇති අයුරු පහතින් දක්වා ඇත

 

HTML කේත සහිත VS Studio අතුරු මුහුණත

 කිව යුතු තවත් කාරණයක් වන්නේ විවෘත මෘදුකාංගයක් ලෙසින් සංවර්ධනය කර ඇති මෙම VS Code යෙදවුම Windows මෙහෙයුම් පද්ධතිය ට මෙන්ම ලිනක්ස් පාදක මෙහෙයුම් පද්ධති සහ ඇපල් IOS සඳහාද හොඳින් සහයෝගය දක්වන බවය. එබැවින් Windows මෙහෙයුම් පද්ධතිය භාවිතා නොකරන මෘදුකාංග සංවර්ධනය කරනා පරිශීලකයින්ට බෙහෙවින් අගනා යෙදුමක් ලෙස මාධව විසින් මෙම VS Code යෙදවුම යෝජනා කර සිටී.

VS Code සම්බන්ධව මාධවගේ අදහස වෙබ් පිටු සංවර්ධනය සඳහා ඉතා උචිත යෙදුමක් වන බවයි. මාධව ද එම යෙදුම භාවිතයෙන් වෙබ් පිටු සංවර්ධනය කිරීම සිදු කර ඇති අතර, HTML, CSS, PhP යන වෙබ් පිටු සංවර්ධනයේදී භාවිතා කරන පරිගණක භාෂා වලට ඉතා හොඳින් සහය වන බව පෙනී ගොස් ඇත. එසේම විවිධ Themes භාවිතා කර අතුරු මුහුනත ප්‍රියමනාප ලෙස සකස් කරගැනීම, කේත සටහන් කිරීමේදී කේතයට අදාල Attributes හෝ සමාන කේත පෙන්වීම, කේත වල දෝශ සහිත තත්වයන් සොයා ගැනීම පහසු වීම ආදී කාරණා නිසා පරිශීලකයාට මෙම යෙදුම භාවිතයේදී පරිගණකය අප්‍රසන්න නොවනු ඇතැයි මාධව සිතන්නේය. විශේෂයෙන් නවකයින්ට ඉතා අපූරුවට ඔවුන්ගේ සංවර්ධන කටයුතු සඳහා මෙම යෙදුම භාවිතා කල හැකි බව මාධව සිතන්නේය.

‍ජය වේවාය.

 

 



3 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. nice article 👍 👏

    ReplyDelete
  2. පරිගණක විද්‍යාවේ මහ ගෙදර - මාධවගේ කථා අන්තර්ජාලය.

    ReplyDelete
Previous Post Next Post

Contact Form