දෘඩ තැටිය ගැන අන්දරය....

 


දෘඩ තැටි ඉතා වැදගත්ය. පරිගණක භාවිතයේදී මෙහෙයුම් පද්ධතිය පිහිටුවාලීමේ සිට පරිශීලකයාගේ සියලූම දත්ත ස්ථීරවම තැන්පත් කරනුයේ මෙම දෘඩ තැටිය තුලය.

දෘඩ තැටි ගැන ලියවෙන පළමු ලිපිය වශයෙන් මාධව අද ලියන්නේ දෘඩ තැටි වර්ග සහ ඒ ආශ්‍රිත සරල කරුණු කීපයක් ය.

ඉදිරියේදී ලියන ලිපිවලින් දෘඩ තැටියේ ක්‍රියාකාරීත්වය, නඩත්තුව සහ දෝශ නිරාකරණය සහ දත්ත ආරක්ෂා කර ගැනීම සම්බන්ධව ලියැවෙනු ඇත.

මේ දෘඩ තැටිය ගැන අන්දරය එක කොටස ය!

දෘඩ තැටිය  - Hard Disk යනු?

පරිගණකයේ දත්ත ස්ථීරවම තැන්පත් කිරීම සඳහා සහ මෙහයුම් පද්ධතිය ඇතුලු මෘදුකාංග ස්ථාපනය කිරීම සඳහා නිර්මාණය කර ඇති විද්‍යුත් චුම්භක දත්ත සුරැකුම් උපකරණයක් (Electro-Magnetic Storage Device) ලෙස මෙම දෘඩ තැටිය හැඳින්විය හැකිය. - විකීපීඩියා අර්ථ දැක්වීම

නමුත් වර්තමානයේදී වඩාත් හොඳම හැඳින්වීම වනුයේ පහත දැක්වෙන හැඳින්වීම බව මාධව විශ්වාස කරනුයේ දැන් දෘඩ තැටි බහුතරයක්  විද්‍යුත් චුම්භක ක්‍රියාවලියෙන් ඉවත් වෙමින් පවතින නිසාය.

දෘඩ තැටිය යනු විදුලිය මත රඳා නොපවතින දත්ත සුරැකීමේ උපකරණයකි.

මෙහිදී විදුලිය මත රඳා නොපවතින යන්නෙන් අදහස් කරනුයේ පරිගණකයේ හෝ දෘඩ තැටිය අඩංගු උපකරණයේ විදුලිය විසන්දි වූ විට තැටියේ දත්ත මැකී නොයාම යි. (Non Volatile Storage Device)

පරිගණක ආශ්‍රිත දත්ත සුරැකුම් කරන උපාංග සහ උපකරණ සම්බන්ධව කතා කිරීමේදී මේ ආකාරයට විදුලිය මත රඳා පවතින උපකරණ සහ විදුලිය මත රඳා නොපවතින උපකරණ ලෙස කොටස් දෙකක් ඇති අතර මෙම දෘඩ තැටි අයිති වන්නේ විදුලිය මත රඳා නොපවතින    (Non Volatile)උපාංග / උපකරණ කොටසටය!

A Complete Guide to Hard Drives 

 

විද්‍යුත් චුම්භක ක්‍රමයෙන් දත්ත තැන්පත් කිරීම - 

Hard disk | Definition & Facts | Britannica
encyclopedia britannica වෙතින් උපුටාගත් රූපයකි

විද්‍යුත් චුම්භක ක්‍රමයෙන් දත්ත තැන්පත් කිරීමට සකසා ඇති දෘඩ තැටියේ අභ්‍යන්තරයේ ඇති කුඩා විද්‍යුත් චුම්භක තුඩ මගින් එම දෘඩ තැටිය තුල ඇති භ්‍රමණය වන්නා වූ ලෝහ තැටිය මත  1 හා 0 (Binary Digits) සංකේත මගින් විවිධ දිශාවන් ඔස්සේ දත්ත සටහන් කරයි.

ඒවා ආපසු කියවීමද ඒ ආකාරයටම ඉහත ආකාරයට දත්ත සටහන් කර ඇති දිශාවන් හඳුනාගනිමින් ඒවා පරිශීලකයාට කියවිය හැකි ආකාරයට සකසා ඉදිරිපත් කරයි. එනම් 1 හා 0 මගින් දෘඩ තැටිය මත සඳහන් වූ දත්ත නැවත සැකසීම සිදු කර ජායාරූපයක්, වීඩියෝවක්, ලිපියක්, අයිකනයක් ලෙස පරිගණක තිරයේ දිස් විය හැකිය.

මෙහිදී දෘඩ තැටිය තුල ඇති ලෝහමය තැටිය හානි වීම සිදු වී ඇති විට දත්ත නිසි පරිදි තැන්පත් වීම සිදු නොවන අතර එවිට නව දෘඩ තැටියක් යෙදීමට සිදුවනු ඇත.

වර්තමානය වන විට දෘඩ තැටි වර්ග කීපයක්ම නිර්මාණය වී ඇති අතර බොහෝ විට ඒවා චිප්ස් (Chips) මත රඳා පවතින අතර විද්‍යුත් චුම්භක ක්‍රමයෙන් ඈත් වීම සිදුවෙමින් පවතී.  චිප්ස් (Chips) භාවිතා කරමින් දෘඩ තැටි නිර්මාණය වීමට හේතුව වන්නේ පරිගණකයේ වේගය වැඩි කරමින් කටයුතු කිරීමට ඉඩ සැලසීම ය.

පහත ඇත්තේ දෘඩ තැටි වල දැනට පවතින වර්ගයන් ය.

IDE (PATA)

අතීතයේදී තිබුනු මෙම IDE හෙවත් Parallel ATA  දෘඩ තැටිය පරිගණකයට සම්බන්ධ වනුයේ පලල් IDE රැහැනකින් වන අතර මෙය මන්දගාමී දෘඩ තැටි වර්ගයකි. තත්පරයකට මෙගා බයිට් 133 පමණ වේගයකින් ක්‍රියා කල මෙම දෘඩ තැටි වර්ගය ගිගාබයිට් 80ක ධාරිතාවක් පමණ වන දෘඩ තැටි නිපදවා තිබුනි.

IDE සොකට්ටුව, IDE රැහැන සහ IDE දෘඩ තැටිය පහතින් දක්වා ඇත

USED IDE CABLE | CABLE - Neoview
IDE cable


 

Parallel ATA - Wikipedia
IDE සොකට්ටුව
Internal Hard Disk Drive Old Ide Interface Hdd Stock Photo - Download Image  Now - Hard Drive, 2015, Aggression - iStock
IDE දෘඩ තැටිය

වර්තමානයේ පවතින දෘඩ තැටි සමඟ තරඟ කිරීමට නොහැකි නිසා මේවා දැන් අභාවයට යමින් පවතී. එසේම එම දෘඩ තැටි සඳහා භාවිතා කරන IDE රැහැන් සවිකරන සොකට්ටු වර්තමාන මව් පුවරුවල අඩංගු නොවේ. යම් හෙයකින් පැරණි මෙම වර්ගයේ දෘඩ තැටියක් භාවිතා කිරීමට අවශ්‍ය නම්  IDE  to SATA Converter පරිපථයක් හෝ රැහැනක් භාවිතා කල යුතු වේ.

වර්තමානයේදී මේවා අභාවයට ගොස් ඇති අතර ලංකාවේ නම් ඇතැම් පරිගණක වල තවමත් මේවා භාවිතා වේ.

 

SATA

5 Things to Consider When You Install a SATA Hard Drive

Serial ATA හෙවත් සාටා යනුවෙන් පහසුවෙන් හඳුන්වන මෙම දෘඩ තැටි වර්තමානයේදී භාවිතා වේ. IDE දෘඩ තැටියට වඩා වේගවත් මෙම දෘඩ තැටි 2 TB වැනි ඉහල මතක ධාරිතාවයක් උසුලාගත හැකි අන්දමින් නිර්මාණය වේ.  මෙයද IDE දෘඩ තැටිය මෙන්ම විද්‍යුත් චුම්භක ක්‍රමයකින් දත්ත තැන්පත් කර ගනී. 

සාමාන්‍යයෙන් අඩු මිලකින් මිලදී ගත හැකි හොඳ ක්‍රියාකාරීත්වයක් ඇති මෙම දෘඩ තැටි ඔනෑම මෙහෙයුම් පද්ධතියක් සමඟ ඉතා හොඳින් ක්‍රියා කරයි. තවද  3.5 Inch  යනුවෙන් Desktop පරිගණක සඳහා ද 2.7 Inch පළල යනුවෙන් උකුල් පරිගණක (laptop) සඳහා ද මෙම දෘඩ තැටි නිර්මාණය කෙරේ.

Types of Hard Drives - Engineering Information Technology Help

SATA cable භාවිතයෙන් පරිගණකයේ මවු පුවරුව සමඟ මෙම දෘඩ තැටි සම්බන්ධ කරනු ලබන අතර මවු පුවරුව මත SATA 1, SATA 2, SATA 3 ආදී ලෙස සොකට්ටු ඇති අතර SATA 1 වෙත මෙහෙයුම් පද්ධතිය ඇති දෘඩ තැටිය සම්බන්ධ කිරීම සාමාන්‍ය සම්ප්‍රදායයි. 

SATA Data Cable Normal - ZenTech | Best Price in Sri Lanka
SATA රැහැන

 

All The Types Of SATA Ports On Motherboard 

 

SSD - SATA

Solid State Hard Drive යනුවෙන් හඳුන්වන මෙම දෘඩ තැටිය වේගවත් බව උදෙසාම නිර්මාණය කර ඇත. වර්තමානයේදී බෙහෙවින් ජනප්‍රිය වන මෙම දෘඩ තැටි වර්ගය චිප්ස් මත පදනම් ව නිර්මාණය කර ඇති නිසා ඉතා වේගයෙන් පරිගණකයේ දත්ත හුවමාරුව සිදු කරයි. මෙයද ඉහත ආකාරයේ SATA රැහැනින් පරිගණකය සම්බන්ධ කරන අතර ඉතා සැහැල්ලු එකකි. ප්‍රමාණයද උකුල් පරිගණකයේ දෘඩ තැටියට සමාන ප්‍රමාණයක් ගන්නා අතර විදුලිය ස්ථාවර නොවීම වැනි තත්ව නිසා  ඉක්මණින් හානි වීම මෙහි අවාසියකි. ඒ හැරෙන්නට මෙම දෘඩ තැටි වර්ගය නිසා පරිගණකයේ කටයුතු වඩාත් ඉක්මණ් වී ඇත.

SanDisk SSD Plus SATA III 2.5" Internal 120 GB - 2 TB SSD | Western Digital

මෙහි ඇත්තේ 128, 256, 512 වැනි ගිගාබයිට ප්‍රමාණයක් සහිත දෘඩ තැටි වන අතර මිලෙන් අධික වීම ද මෙහි තවත් අවාසියකි. මාධව නිර්දේශ කරනුයේ මෙම දෘඩ තැටි දත්ත තැන්පත් කිරීමට නොව මෙහෙයුම් පද්ධති සහ මෘදුකාංග ස්ථාපනය කර භාවිතා කිරීම සඳහා පමණක් සුදුසු බවය. 


SSD - NVMe 

 A photo of a Samsung 1TB SSD, model 860 EVO.

වඩාත් වේගවත්ව දත්ත හුවමාරු කරනා මෙම වර්ගයේ දෘඩ තැටි පෙනුමෙන් RAM කාඩ්පතකට සමාන වන අතර මවුපුවරුවට සම්බන්ධ කරනුයේ SATA හෝ වෙනත් එවැනි රැහැනකින් තොරව Expansion Slot එකක් මත සවි කිරීමෙන්ය. නූතන පරිගණක වල මෙම SSD - NVMe වර්ගයේ දෘඩ තැටි කීපයක්ම සවි කිරීම සඳහා Slot ලබා දෙන අතර දත්ත හුවමාරු වේගය තත්පරයක ගිගාබයිට් 32 සිට 64 වැනි ඉහල ප්‍රමාණයකින් නිර්මාණය කර ඇත. මෙහි දත්ත සුරැකීම චිප්ස් මත (Solid State Semiconductor) සිදුවේ. 

එසේම මෙය බොහෝ මව් පුවරු වල RAM සහ Processor යන කොටස් අතරින් පිහිටුවා ඇති අතර දත්ත වේගවත්ව හුවමාරුවට මෙම සැකැස්මද උපකාරී වේ. 

The 5 Best NVMe SSDs to Use with Linux (2021 Edition)

වර්තමානයේ බොහෝ උකුල් පරිගණක වල DVD ධාවක ඉවත් කර ඒ වෙනුවට SSD SATA  දෘඩ තැටියක් සහ මෙම NVMe දෘඩ තැටියක් ස්ථාපනය කිරීමට ඉඩ සලසා ඇත්තේ පරිගණකයේ වේගය පිලිබදව සහ දත්ත තැන්පත් කිරීම ගැන අවධානය යොමු වීම නිසාය.

 

දෘඩ තැටි තෝරා ගැනීමේදී සැලකිය යුතු කරුණු -  

  • දැරිය හැකි මුදල
  • ඔබගේ අරමුණ (දත්ත තැන්පත් කිරීම, වේගවත් බව, පරිගණකය භාවිතය ආදී..)
  • නිවසේ හෝ ප්‍රදේශයේ විදුලි තත්වය සහ විදුලි ආරක්ෂණ ක්‍රම පැවතීම
  • පරිගණක වර්ගය (Laptop, Desktop, Server......)
  • පරිගණකයේ ස්ථාපනය කරන මෙහෙයුම් පද්ධතිය හා මෘදුකාංග වලට අනුකූල බව
  • හානි වීමකදී දත්ත ආපසු ලබා ගැනීමේ පහසුකම් පිලිබඳව

මේ ආදී වූ කරුණු පිලිබඳව සලකා බලා ඔබගේ පරිගණකයට අවශ්‍ය දෘඩ තැටිය හෝ දෘඩ තැටි කිහිපයක් වුවද මිලදී ගැනීම සුදුසුය.

දෘඩ තැටි ගැන පළමු ලිපිය අවසානය මේකය. සැමට ජය වේවාය!

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form