හිතේ මල් පිපුන නෙව නුඹව යලි දැක්කාම
පරවුනා සිත් මඬල නුඹෙ කතා ඇහුවාම
ඉරිතලා ගිහින් නෙව නුඹ සෙවූ හීන හැම
හිතට හරි ගින්දරක් දැනේ නුඹ හින්දාම
අනේ පැණි කිරිල්ලී වෙහෙසයිද හොඳටෝම
ඉබාගාතේ ඔහේ තටු සැලූ හින්දාම
රකින්නට බිජුවකුත් නුඹට හිමි හන්දාම
ඉසිඹුලා පියඹන්න යලිදු ඒ අහසටම
කවියකට පද නොමැත අපේ මුළු කතාවෙම
කඳුලු පමණක් තිබේ නෙත් කවුළු පුරෝලම
උවමනා වූ නමුත් නොහැක දැන් ඉඩ එහෙම
එදා සේ තුරුලු කොට සනසන්න මගෙ කුසුම
ඉතින් නුඹට
අවසරයි නික්මෙන්න.....
එපා යලි හැරෙන්නට
කිසිදාක
අකෘතඥ මා දෙසට.
රසවත් නිර්මානයක්
ReplyDelete