කොළඹ මහ නගර සභාවේ අයවැය පරදින ලදී. බොහෝ විග්රහයන් අනුව එය ආණ්ඩුවේ අවසානය ළගා කරවීම ඉක්මන් කීරීමකි. නමුත් මාධව දකින්නේ ඒ ආණ්ඩුවට "දෙවියෝ" දීපු වරමක් බවය.
අයවැය පරාජය වීම ආශිර්වාදයක් විය යුත්තේ කෙසේද?
අයවැය පරාජය වී සිත් වේදනාවෙන් ඉන්නා බල්තසාර් නගරාධිපතිතුමිය කීවේ රෑට ගෙදර ගොස් සිතා බලන ලෙසය. නමුත් විපක්ෂයේ උන් රෑට ගෙදර යනවාදැයි සැක සහිතය. කෙසේ වෙතත් උන් සිතා බලා කටයුතු කරන උන් නොවන බව පෙනී යන්නේ කරන වැඩ සහ කියන දේවල් වලින්ය. බුද්ධිමත් මහජනතාව මේක හරියට කියවා ගත යුතුය. එනම් විපක්ෂයේ අඳ බාල බව මෙයින් පෙනී යන බව සහ ඔවුන් ප්‍රතික්ෂේප කල යුතු හේතු මේවා යන්න ජනතාවට පැවසීම කල හැකි අවස්ථාව මේකය.
ආපදා තත්වය පුරාම සජිත්ලා ඇතුලු විපක්ෂය ආණ්ඩුවට මඩ ගැහුවා මිස වැඩක් කලේ නැත. බොරුවට නුවර පැමිණ දිසාපතිට තග දැමීම සහ තැන තැන පුංචි පුංචි බඩු බෙදීම් සහ කොපි පොත් තියාගෙන රචනා ලිවීම් ඇරෙන්නට වෙන කල හැකි දෙයක් උන්ට තිබුනේ නැත. මොකද සහන සේවා සමඟින් ආණ්ඩුවම ජනතාව වෙනුවෙන් භූමියට බැස තිබෙුනේ සුවෙච්ඡා කන්ඩායම් සමඟිනි. ඒ නිසා විපක්ෂයට තිබුනේ කොහේදෝ තිබුන පච දෙරණ නාලිකාවේ දෙබසක් අල්ලාගෙන පට්ට ගැසීම පමණකි. දැන් ඒකත් නැත්තේ නලින්ද සෞඛ්‍ය ඇමතිවරයා 360 වැඩසටහනේ කළිඳුව අංශක 720කට කරකවා දමා ඒ දුර්මතය වෙනුවට සැබෑ තත්වය පැහැදිලිව කියා දුන් නිසාය.
අනෙක් අතට ආණ්ඩුවේ සහන පැකේජය - "සාමාන්‍ය මිනිස්සුන්ට නේ දෙන්න" යැයි ජනාධිපති කියූ සහන පැකේජය විපක්ෂ ඔසවා බිමට දමා ගසන ලදී. ඉතිරි බිතුරු ටිකත් කෙලවාගන්නැතුව ඉන්නෝනි යැයි පොහොට්ටුවොන්ට හිතිලාද කොහෙද දැන් උන් සද්ද වහලා ඇත. නමුත් සජිත්ලා සුපුරුදු මෝඩ කම් කරමින් සිටී.
කෙසේ වෙතත් ආණ්ඩුවට මේ ලද අවස්ථාවෙන් කල හැක්කේ එකම දෙයකි. 2027 දක්වා අයවැය පරාජය වුවද ආණ්ඩුවට කොළඹට වැඩ කල හැකිය. ඒ නිසා අයවැය පරාජය කල විපක්ෂය හේදී යන්න ඒ කාල සීමාවේ කරනවානම් කරන වැඩ ටිකම ඇති ය. තවමත් මහජනතාවට මාලිමාව කියන්නේ සැකය ඇති තැනක්ය. ඒක සාධාරණය. මේ රටේ බහුතරයක් පුරුදු වී ඉන්නේ තවමත් පැරණි මජර ක්රමයේ ජීවත් වීමට ය. උන්ට ආරක්ෂාව නැති ඇමති කෙනෙක් දැනීම අරුමයක්ය. උන්ට අනුව ඇමති වටේට හැටක් ඉන්න ඔනි ය. ගෙවල් හෝඳන මන්ත්‍රීලා අරුමයක් ය. සමහර ගණ ගෙඩියොන්ට අනුව ජනාධිපති අණ දී නිදාගත යුතු අයෙක්ය. ඒම කරන්න ඇත්තේ උන්ගේ කාලයේ විය හැකිය. දන්නා තරමින් අනුර ජනාධිපති මේ ආපදාව නිසා බොහෝ වෙහෙස මහන්සි වී ජනතාව වෙනුවෙන් කටයුතු කරන ලදී. ඒ නිසා ඒ සැකය නැති වෙන තැනට මිනිසුන් ගෙන ඒමට කයිවාරුවට වඩා වැඩ පෙන්වීමෙන් යමක් කර ගත හැකිය.
පාස්කුව නිසා කෙලවාගත් රෙදි නැතුව හෙලුවෙන් ඇවිදින මුජිබර්ලා මේ රටේ යුක්තිය ඉටුවීමේ අසාධාරණ ක්‍රම නිසාම යෙහෙන් සිටී. නැතිනම් පාස්කුවෙ වෙනුවෙන් උන්ව එල්ලා දඩුවම් කල යුතුය. ඒ රජයක් ලෙස යහපාලන රජය ජනතාව බිල්ලට දීම වෙනුවෙනි. එහෙව් උන් ආයෙමත් එන්න අහන්නේ ලැජ්ජා නහර නැති නිසා විය යුතුය.
මුජිබරයා කියන්නේ අයවැය පැරදි නිසා නගරය පාලනය කරන්නේ උන් බව ය. දුර දිග දක්නා නුවණක් නැති මුජිබර්ලාගෙන් බලාපොරොත්තු විය හැක්කේ ඔය වගේ අඳ බාල තුප්පහි දේශපාලනයක් මිස අන් කුමක්ද? ගම්පොල කුණු ටික ඇදගන්න බැරි සභාවක් හරියට පාලනය කර ගන්න බැරි සජබ රට කරන හැටි කෙසේ කරම්දැයි හිතාගත හැකිය..
මාධව දන්නා තරමින් අඹගමුව සභාව සහ ගම්පොල සභාව තාම කොහේවත් රටක් එක්ක සම්බන්ධ කරලා නැත්තේය. ඒවා නියම කයිවාරුය!
කොහොම වෙතත් කතාව මේකය. පරාජය කල අයවැය කඩිනමින් ප්‍රසිද්ධ කරමින් මහජනතාවට පෙන්විය යුත්තේ ඔබගේ ජීවිතය නංවාලීමට කොළඹ මහ නගර සභා නගරාධිපති ඇතුළු පාලක පක්ෂය නිර්මාණය කල සැලසුමට ඒකාබද්ධ විපක්ෂය නම් අවස්ථාවාදී බලලෝභී කල්ලිය පයින් ගසා ඇති බවය. එයින් හානි වී ඇත්තේ පාලක පක්ෂයටවත් ඒකාබද්ධ විපක්ෂයේ උන්ට වත් නොව කොළඹ නගරයේ සේවාලාභී මහජනතාව බව කියා දිය යුතුය. ඒ සඳහා මාධ්‍ය සාකච්ඡා කීපයක් වුවද තැබීම පාඩුවක් නොවේ. විපක්ෂය ඉගෙන ගත යුතු පාඩම වන්නේ අඥාන කමේ සීමාවක් තබා ගත යුතු බවය.
ආපදා තත්වය පහව ගොස් ඇති බැවින් දැන් අනුර ඇතුලු කණ්ඩායම බිම තබා ඇති බැටන් එක යලි අතට ගත යුතුය. ගමන අතිශයින්ම අසීරුවී ඇත. බහුතරයක් ජනතාව ඒ ගමන යන්න සූදානම් ය. ඒ නිසා යලි ඉදිරියට යන ගමන කඩිනම් කල යුතුය. රට ඉදිරියට ඔසවාගෙන යාමේ ගමනට මහජනතාව යලි එක්කාසු කර ගන්නට නම් විශ්වාසය තහවුරු කර ගත යුතුව ඇත. ඒක කඩිනමින් කල යුතුය.
ආන්න ඒකට ඒකාබද්ධ විපක්ෂය විසින් මේ පරාජය කරන ලද කොළඹ මහ නගර සභාවේ පළමු අයවැය ලේඛනය හොඳ උත්තේජනයක් ලබා දෙනු ඇත.
අයවැය පරාජය වීම ආශිර්වාදයක් කර ගත යුත්තේ ආන්න ඒම ය!