උබන්ටු වලට chat GPT බාගනිමු

Chat GPT ගැන මීට පෙරද මාධව විසින් ලියා ඇති අතර එහි යෙදවුම උබන්ටු වලට බාගත කර ගැනීම ගැන සරල ලිපියක් අද ලියවෙන්නේ මෙසේය.

 


 Chat GPT යනු දත්ත ඇතුලත් කරන ලද කෘතීම බුද්ධි වැඩසටහනක් බව මාධව විසින් මීට පෙරද කියා ඇති අතර එහි ස්ථාපනය කල හැකි යෙදුමක් - ඇප් එකක් සෑම මෙහෙයුම් පද්ධතියක් සඳහාම නිකුත් කර ඇත. 

Chat GPT - මීට පෙර ලිපි

ඇන්ඩ්‍රොයිඩ උපාංග සඳහා එය Play Store වෙතින්ද windows සඳහා අදාල Chat GPT යෙදුම chatgpt-download.net වෙබ් අඩවියෙන්ද බාගත කර ගත හැකි මෙම කෘතීම බුද්ධිකයා  Ubuntu සඳහා බාගත කර ගැනීමට මාධව භාවිතා කලේ පෙරදාක කී ටර්මිනල් ය. 

ටර්මිනල් ගැන ලිපිය - උබන්ටු terminal මගින් මෘදුකාංග ස්ථාපනය කිරීම

 

එසේනම් පළමු පියවර ලෙස ඔබ දන්නා ක්‍රමයකින් ටර්මිනල් විවෘත කර පහත විධානය ලබා දී උබන්ටු යාවත්කාලීන කරගන්න

sudo apt-get update

ඉන්පසු පහත දැක්වෙන විධානය ලබා දීමෙන් ඔබට chat GPT ඔබගේ උබන්ටු ඇති පරිගණකයට බාගත වේ.

sudo snap install chatgpt-desktop
 

එසේම මෙහිදී ලැබෙනුයේ පහත ආකාරයේ යෙදුමකි.

 

Ubuntu Dock වෙතට පහත ආකාරයට Chat GPT යෙදුම අමුණාගත හැකිය.


සියල්ල සම්පූර්ණ නම් ඔබ විසින් නිර්මාණය කරගන්නා ලද ගිණුම ලබා දී ප්‍රවේශ වීමෙන් පසු බ්‍රව්සරය භාවිතයෙන් සිදු කලා සේම කටයුතු කල හැකිය.

එසේනම් මේ ලිපිය මෙතනින් නිම වන අතර උබන්ටු පිලිබඳව තවත් ලිපි ඉදිරියේදී රැගෙන එනු ඇත. ජය වේවාය!

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form