උබන්ටු terminal මගින් මෘදුකාංග ස්ථාපනය කිරීම

උබන්ටු වලදී ඉතා වැදගත් මෙහෙවරක් ඉටු කරනුයේ මෙම terminal බව මාධවගේ අදහසයි. වින්ඩෝස් වල MS Dos මෙන්ම උබන්ටු වලදී මෙම terminal වලින් ගත හැකි වැඩ රාජකාරී බොහොමයකි.

ඒවා ගැන කීම පසෙක ලා අද කියන්ට යන්නේ උබන්ටු වලදී යෙදුමක් බාගත කිරීමට මෙම terminal භාවිතා කරන අන්දමයි.

Open Terminal

ඒ සඳහා ප්‍රධාන මෙනුවට පිවිස Gnome-terminal හෝ Alt key + f2 key එකවර එබීමෙන් ලැබෙන run command හි Gnome-terminal යනුවෙන් ටයිප් කර එන්ටර් බොත්තම එබීමය.

එහිදී  පහත ආකාරයේ යෙදුමක් විවෘත වේ.

Update Ubuntu

මෙහිදී දැනගත යුතු කාරණාව වන්නේ මෙම ටර්මිනල් යෙදුම case sensitive හෙවත් අකුරු වල කැපිටල් සිම්පල් බව සලකන බවය. එහිදී ඔබ විසින් ලබා දෙන විධානයේ අකුරු වල කැපිටල් සිම්පල් වෙනස පවා විධානය වැරදි බව දැක්වීමට ඉඩ ඇත. ඒ පිලිබඳව සැලකිලිමත් වන ලෙස මාධව කියන්නේය.

ඉතින් මෙහි පහත විධානය ඇතුලත් කර enter බටනය එබීමෙන් උබන්ටු යාවත්කාලීන කර ගත හැකිය. එහිදී මුර පදයක් යොදා තිබේ නම් අදාල විධානයට පසු මුරපදය ඉල්ලීම සිදු කරන අතර එය නිවැරදිව ලබා දීමෙන් අදාල කටයුතු ඉදිරියට ගමන් කරයි.

                                            sudo apt get-update

Download app or software via terminal

මෙම විධානය සාර්ථක වූයේ නම් මඳ වේලාවක් රැගෙන මෙම උබන්ටු යාවත්කාලීන වීම සිදු වේ. ඉන් පසු Clear විධානය ලබා දුන් පසු ටර්මිනල් හි තිරය පිරිසිදු වන අතර එම විධානය ms dos හි Cls විධානයට සමාන වේ.

ඉන් පසු ඔබට අවශ්‍ය බාගත කල යුතු මෘදුකාංගය පහත විධානය සමඟ ඇතුලත් කරන්න

උදාහරණ ලෙස VLC Player බාගත කර ගැනීම

open terminal

type command - 

                                                sudo apt install vlc


Gimp Image Editor බාගත කර ගැනීමට මේ අකාරයටම sudo apt install gimp යනුවෙන් යොදා බාගත කර ගත හැකිය. මෙහිදී පහසුව වන්නේ යෙදුමේ නම භාවිතා කර කෙලින්ම බාගත කර ගැනීමට ටර්මිනල්  මගින් අවස්ථාව ලබා දීමයි. වෙනත් අවස්ථා වලදී Ubuntu Software හෝ වෙනත් වෙබ් අඩවි වලින්ද මෙම මෘදුකාංග බාගත කර ගත හැකි අතර අදාල යෙදවුමේ නිල වෙබ් අඩවියෙන් මෙම ටර්මිනල් හරහා මෘදුකාංග බාගත කිරීම පිලිබඳව මාර්ගෝපදේශන ලබා ගත හැකිය.


පැහැදිලි කිරීම

මෙහි sudo යනු?

Super User Do  - එයින් අදහස් වන්නේ සැමට ඉහලින් ඉන්නා සුපරි පරිශීලකයා නම් වූ ගිණුමෙන් මෙම විධානය ලබා දෙන බවය. සාමාන්‍යයෙන් ටර්මිනල් වලදී විවිධ කටයුතු සඳහා භාවිතා කරන විධාන ලබා දීමේදී මෙම කොටස මුලින් ඇතුලත් කරනු ඇත

උදාහරණ ලෙස.....

update ubuntu සඳහා sudo apt get-update භාවිතා කරයි

සංස්කරණය හෙවත් version බලා ගැනීමට sudo -v භාවිතා කරයි

මේ ආදී විධාන ගණනාවක් උබන්ටුහි sudo සමග යෙදවෙනු ඇත. වැඩිදුර විස්තර සඳහා උබන්ටු ටර්මිනල්හි sudo -h විධානය ඇතුල් කර බලන්න.

apt යනු? 

advanced Packaging Tool - එම විධානය සමඟින් පරිගණකය අඳුනා ගන්නේ මේ සැරසෙන්නේ මෘදුකාංයක් ස්ථාපනය කිරීමට බවය.    එසේනම් මෘදුකාංග ස්ථාපනය සඳහා උබන්ටු වල ටර්මිනල් භාවිතා කිරීමේ ක්‍රමය සම්බන්ධ ලිපිය මෙතනින් නිමා කෙරේ. මාධවගේ උබන්ටු ලිපි මාලාවේ තවත් ලිපි ඉදිරියට කඩිනමින් ලියැවෙනු ඇත.



 

1 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. මහේෂ් වලතරSeptember 17, 2023 at 3:21 PM

    සිංහල භාෂාවෙන් පරිඝනකගත තාක්ෂනය කියා දෙන ගුරු දෙවියන් මාධව මැතිතුමාට අපගේ ගෞරවනීය දෙපා නැමද ආචාරය මෙලෙස පුද කරමු.

    ReplyDelete
Previous Post Next Post

Contact Form