කෘතිම බුද්ධිය සමඟ - Chat GPT from Open AI

 

මයික්‍රොසොෆ්ට් සමාගම සහ Open AI ඒකාබද්ධව නිර්මාණය කෙරුණු Chat GPT කියන්නෙ වෙනම මානයක වැඩසටහනක් කිව්වට වැරදි නෑ නෙව. මාධව එහි ගිණුමක් හදාගෙන බැලුවම පුංචි පුංචි සතුටු කාරණා කිීපයක් තිබුනා. කෙසේ වෙතත් ඒ සමාගම් දෙක විසින් කරලා තියෙන්නෙ පොඩි සෙල්ලමක් නෙමෙයි.

මේ අද කියන්න හදන්නෙ අපූරු කෘතීම බුද්ධිය පාදක උනු වෙබ් අඩවි යෙදුමක් ගැන.  ඒ තමා Chat GPT!

මේක මිනිහෙක් වගේ හිතන්න පුලුවන් පරිගණක කලාවේ ලොකු පියවරක් වෙන්න ඇති. මාධව ඒම හිතනවා. මීට පෙර මාධව ඒ වගේ සිද්ධියක් දැක්කෙ ඇපල් දුරකථන වල තියෙන "සිරී" කියන පහසුකම. නමුත් අන්තර්ජාලය හරහා සිරී සිදු කරන කාර්යයන් සීමා සහිතයි. ඔහුටකාර්යයන් ටික මතක තියාගන්න, ස්ථානයක් හොයලා දෙන්න (GPS, විද්‍යුත් ලිපියක් යවන්න, සිංදුවක් ප්ලේ කරන්න වගේ කාර්යයන් සිදු කරන්න පුලුවන් උනාට විශාල කර්තව්‍යයන් කරන්න හැකියාවක් මාධව දන්න තරමින් නෑ.

අවශ්‍ය විටෙක ව්‍යාපෘති, රචනා, කවි ගීත, කතාන්දර කියන මේ Chat GPTට පුලුවන් කේත ලියන්නත්. පරිගණක වැඩසටහන් සහ වෙබ් අඩවි නිර්මාණය වගේම ජංගම දුරකථන උපාංග සඳහා යෙදවුම් ලියන්නත් පුලුවන්.

 

ඉතින් ඉස්සෙල්ලම මාධව දීල තියනවා මේ වෙබ් අඩවියට යන්න සබැඳිය. මේකෙන් ගිහින් ගිණුමක් නිර්මාණය කරගත්තම ඔබට හැකියාව ලැබෙනවා Chat GPT 3.5 සංස්කරණය නොමිලේ භාවිතා කරන්නට.

 https://chat.openai.com/

 

මොකක්ද මේ Chat GPT කියන්නෙ?

මාධව ඔහුගෙන් අහපු දේට ඔහු දීපු පිළිතුර මෙම රූපයේ දැක්වෙනවා.

"I am ChatGPT, an AI language model developed by OpenAI. I'm designed to understand and generate human-like text based on the input I receive. I can assist with answering questions, providing explanations, generating text, offering creative writing, and more. Just let me know how I can help you!"

මම චැට් ජී පී ටී වන අතර මම කෘතීම බුද්ධිය පාදක වූ භාෂාමය නිර්මාණයක්. මාව සංවර්ධනය කලේ OpenAI වන අතර මානවයාව මනාව හඳුනාගෙන ඔහු සමඟ සංවාද කරන්නට මාව නිර්මාණය කර ඇත. ඔබගේ ප්‍රශ්න වලට පිළිතුරු දීමෙන්, ඔබගේ ගැටලු වලට විසඳුම් පැහැදිලි කර දීමෙන්, රචනා සහ වැකි ලිවීමෙන්, නිර්මාණාත්මක ලිවීමෙන් මට ඔබට සහය විය හැකිය. ඉතින් කියන්න කොහොමද මම ඔබට උපකාර කල යුත්තේ?

 ඔන්න ඔහොමයි මාධවගේ ප්‍රශ්නයට එයා දුන්න උත්තරේ!

 Chat Generative Pre-trained Transformer කියන්නෙ ChatGPT කියන නමේ දිග තේරුම. මේක විශාල ගණයේ චැට්බොට් එකක් විදියට තමයි අන්තර්ජාලයේ හඳුන්වන්නෙ. එසේම 2022- නොවැම්බර් මාසයේ මෙය ලෝකයට නිකුත් කරලා තියනවා. 

Chat GPT ට කල හැක්කේ මොනවාද?

  • මානවයාගේ භාෂාවන් හඳුනාගෙන කටයුතු කිරීම 
  • ප්‍රශ්න වලට උත්තර දීම
  • භාෂා පරිවර්තනය කිරීමේ හැකියාවන්
  • විවිධ කාරණා සම්බන්ධව නිර්මාණයක් කිරීමය හැකියාව (වෙබ් අඩවි, ව්‍යාපෘති වාර්තා....)
  • පෞද්ගලික සහකරු ලෙස කටයුතු කල හැකිය (පරිශීලකයාව අධ්‍යයනය කරයි)

 

Chat GPT interface  - අතුරු මුහුණත


මෙහි Send Message මත ඔබගේ අදහස් හෝ වෙනත් යමක් පැවසීමෙන් ඔහු එයට අදාල ප්‍රතිචාර දැක්වීම සිදුකරයි. එය සංවාදයක් සේ පවත්වාගෙන යා හැකිය. 

විවිධ මාතෘකා ඔස්සේ කෙරෙන සංවාද මෙහි වම්පස තීරුවේ Save කර ගනී. අවශ්‍ය නම් කුණු කූඩයේ අයිකනය මත තෙරපීමෙන් ඒවා ඉවත් කර ගත හැකිය. එම තීරුව Slide Bar  ලෙස නම් කර ඇත.

ඉහලින් කොටු දෙකක් තුල සංස්කරණ පෙන්නුම් කරයි. මසකට ඩොලර් විස්සක් ගෙවීමෙන් 4.0 සංස්කරණය ලබා ගත හැකිය. නොමිලේ ලබා දෙන 3.5 ට වඩා ඉතා විශාල කටයුත්තක් ඉටු කිරීමට මෙම 4.0 සංස්කරණයේ මොලකරුවා සමත් බව ඔවුන් සහතික කරයි.

මෙම ChatGPT  වෙතින් පහසුවෙන් ඔබට ව්‍යාපෘති වාර්තාවක් නිර්මාණය කර ගත හැකි අතර විනාඩි 30කින් වැනි කෙටි කාලයකදී පරිගණක කේත තරමක් දුරට දන්නේනම් වෙබ් අඩවියක් සාර්ථකව නිර්මාණය කර ගැනීමට මොහු සහය ලබා දේ. එසේම එහි ඇති කේත වෙන වෙනම විස්තර කර දීමට පවා හෙතෙම සමත් වීම පුදුම සුලු කාරණාවකි.

කෘතිම බුද්ධිය සම්බන්ධ හොඳ සහ නරක

හොඳ කාරණා ලෙස පහසුව / වේගවත් බව / තොරතරු වල නිරවද්‍ය බව ආදී කාරණා ගන්ට පුලුවන්. හැබැයි මානවයාගේ ඇතැම් රැකියා වලට තට්ටු වීම, නිර්මාණශීලී බව නැතිවීම, හැකියාවන් මොට වීම, හොඳ නරක හඳුනා නොගනිමින් කටයුකු කිරීම, තාක්ෂණය මතම යැපෙන්නට උත්සහ දැරීම ආදී කාරණා නිසා මාධවගේ පුද්ගලික අදහස නම් මිනිසා කෘතිම බුද්ධිය සමඟ කටයුකු කල යුත්තේ සීමාවන් වලට යටත්ව කියා බව ප්‍රකාශ කර සිටී.

කෘතීම බුද්ධිය ගැන අදට ලියූ පුංචි කතා ටික ඇති. ඔයාලත් මේක උත්සහ කරලා බලන්න. තාක්ෂණය හොඳ පැත්තට භාවිතා කර ප්‍රථිපල ලබා ගැනීම විතරයි වැදගත් වන්නේ. ඉතින් උත්සහ කර  බලන්න

සුභ රාත්‍රියක්.

පසුව ලියමි - 

මාධව මේ වෙලාවෙ එයත් එක්ක සිංදුවක් හදන ගමන්...... මේ යෝදයා කෝඩ්ස් පවා දානවා.

- - - - - - - - -- - -- - - - - -

මේ තියෙන්නෙ ඒ වැඩේ!

ඉතින් නුඹලාට සුභ රාත්‍රියක් මිත්‍රවරුණි.....

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form