මේ මගේ අතයි.........




සන්සුන් ය සයුර

කුණාටුවකට පෙර

තෙතයි හැබැයි මෝය කට

කවදත්

හමුවීමට පෙර සයුර

දෙතොලේ තැවරුණු

බනිසේ කිරම

රසය තව බෝ සේ

රෝස පැහැති ව

චොකලට් වර්ණැති

බනිස් යුගලය මැද

රස කරන කිරම

දිව පිනවන


කියා දෙයි පාඩමක්

ඩොපමීන ඇත්තේ

මොලය තුල නොව

හංස තුඩු මත බව

පියා සලන

කුරුඳු පාට හංසයින්ට

පියාඹන්න

ඉඩ දෙනු පිණිස

ඉගිල යනු පේන

තිසර පට

පැටැලි භ්‍රමණය වනු

පෙනේ පංකාව සමඟ


සලුපිළි විසිර

එලි පෙහෙලි වූ

අරමුණ දැන්

පැහැදිලිය දිය තලයක් මෙන්

අමුණක පත්ල සොයා

කිමිදෙනු පිණිස

උද්යෝගිමත්

ඍජු බව


පැටලෙන දෙතොල්

වැගිරෙන හැඟුම්

විසිරෙන සුසුම්

ගිලගනී පුළුන්

වැටුන පොද වැසි

මහ චණ්ඩ වැසි

අකුණු සැර මැද

නිවා වූ සැටි


කියා පාමින්

සිවිලිමක් දෙස

අදින්නා වූ

චිත්ත සිත්තම්

වෙහෙස නොවනා

හස්ත දස්කම්

 

මේ මගේ අතයි! 


 

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form