බය හිතෙන ආදරයක්

 


දන්නවද?

මං ඇයි සමහර වෙලාවට අහක බලන්නෙ කියලා?

මට ඔයාගේ ඇස් දිහා කෙලින් බලන්න බෑ. හැබැයි මට ඔයාගෙ කම්බුල් දිහා හොරෙන් බලන්න පුලුවන්. පොඩ්ඩක්වත් නොහිතා ඔසරිය අස්සෙන් පේන නාභිය දිහාත් හොරෙන් බලන්න පුලුවන්. හැබැයි ඔයා ඇවිල්ලා ඔය ආලෝකයෙන් පිරුණු ඇස් පෙන්නලා මොනා හරි අහද්දි මට මගේ දුර්වල ඇස් අහකට ගන්න වෙනවා.

මොකද මං බයයි ඔයා මගේ ඇස් වල කතාන්දරය කියවාගනී කියලා...…

පුංචි ඇඟිලිතුඩු වලින් අල්ලාගෙන පරිස්සමට මං පෙත් වල, මං මාවත් වල එක්කන් ගියාට මොකද ඒ අත් වලට ස්පර්ශය විඳින්න මං බය නැති උනත් ඒ ඇඟිලි තුඩු දිහා ආසාවෙන් බැලුවට මට තාමත් ඔය ඇස් දිහාවෙ කෙලින් බලන්න බෑ

මොකද ඔයාගේ ස්පර්ශය නැති උන දාක ඒක ඉවස ගත්තත් ඔයාගෙන් හංගන්න උවමනා වෙලා තියන මගේ ඇස් ඇතුලෙ තියන කතාන්දරය හංගාගන්න දරණ වෙහෙසකර වෑයම හරි පීඩනයක් වේවි දිනෙකදී...

ඔයාගෙ හිනාවට කොච්චර ආස උනත් ඒ හිනාව ඉල්ලගන්න බයයි. බාගදා මට හිතෙනවා මට ඒ හිනාව පරිස්සම් කරන්න බැරි වෙයි කියලා. ඒක අහිමි හිනාවක්. මුවින් පිටවෙන වචනයක් වචනයක් පාසා දෙතොල් සෙලවෙන හැටි බලාන ඉන්න වරුවක් පුලුවන් උනත් ඒ දෙතොල් වල රේඛා වල තෙතමනය පේනකොට අහක බලාගන්න පුලුවන් තරමේ ආත්ම විශ්වාසයක් මට තියෙනවා.


හැඩකාරි වගේ අවට ලගින් ඉන්නවා දකිද්දි දැනෙන ලෝබකම වචන වලට පෙරලන්න පුලුවන් උනාට ඒක නොකර ඉන්න හේතු දාහක් තියනවා. පාට දාහක් මැද ඔයා වෙනම කැපී පේන විදියට ඉන්නකොට ඒ පෞර්ශයට ආදරේ නොකර ඉන්න පුලුවන් කෙනෙක් මේ ලෝකේ නැතුව ඇති.…


අඳුරු රෑ මැදියම් වල අමු හෙළුවැල්ලෙන් පෙරලි පෙරලි ශෘංගාරයේ ඉම කොන හොයනවට වඩා මං ආසයි මස් කෑලි කීපයක් බැදගෙන දෙහි සහ පැණි දොඩම් කලවම් වුනු බීමකුත් හදාගෙන පැත්තකට වෙලා කයියක් ගහන්න. ඒකත් මහ දවාලකමොකද මං දන්නවා එතකොට ඒක හීනයක් නොවන විත්තිය. ඔයාගෙ දෙතොල් උද්‍යයෝගයෙන් උරා බොනවට වඩා මං ආසා වේවි ඔයාගෙ දෙතොල් තුලින් එලියට එන කවදාවත් නොකියූ කතාන්දර වලට සවන් දෙන්න? ඒ නලියන දොල් වල මායාව දිහා බලාගෙන ඉන්න.

හැබැයි ඒත් මට ඔයාගේ ඇස් දිහා නම් බලන්න බැරි වේවි.....

මේ ජිවීතේදි මං ඔයාට ආදරේ කරන්න හොඳටම බයයි. අමු සොහොනෙ සෝපාක වගේ බයවෙනවාමට ඒක දැනෙන්නෙ නිකං අංගුලිමාල ඇවිදිල්ලා මගේ ඇඟිලි කපනවා වගේ. මට දැනෙන්නෙ මහසෝනා පිට මැද්දට දේයි ගාලා ගහනවා වගේ. මට දැනෙන්නෙ රීරි යකා මගේ පපු කැවුතු කඩාගෙන කනවා වගේමට දැනෙන්නෙ මං සුදුමැලි වැම්පරයකෙුට ගොදුරු වෙන්න යන වෙලාවක දැනෙන දේ මං දැන් දන්නවා.

ඒ තමයි බය!

ඔවුමං හොඳටම බයයි.

මොකද දන්නවද?

මේක බය හිතෙන ආදරයක්..…...


Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form