රස්නෙ හැඟුමක්


 

හන්දියේ
වතු සුද්ද ගහ ළග
පිපිණු මල් ටික බිමට හැලිලා


එතනින්
හැමදාම යන එන
නුඹ හොඳට අද වැස්සෙ තෙමිලා

කවමදාවත්
නැතිව පීදුන
රස්නෙ හැඟුමක් හිතම පිරිලා

වැහි කෝඩෙ යට
ඇලුනු සළු පිළි
නිසා එක එක රටා ඇඳිලා

හුඟක් තෙමුනම
නුඹව ඔච්චර  

දැක්කෙ අද ලස්සනයි කියලා  


 


Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form