වරංගනා
මතකද අපි හිටියා
දවසක් දා
එක් හැන්දෑවක
වෙරල කොනේ
රැළි ගනිමින්
උඹ ඇන්දේ
ඇඟිලි තුඩින්
වියවුල් උනු
අමුතු රටා
වැලි අතරේ
මට නොතේරෙන
ටික ටික
කතා බස් ඇරඹුනාම
උඹ කිව්වා
උඹෙ දුක්බර කතාව
මං නිහඬව
උන්නා පමණයි
නුඹ ලඟ
හදි කල හැටි
උඹ වන් මලකට
එක එක උන්
සත්තයි ඒත්, කවදාවත්
මට නෑ පෙනුනේ
නුඹ එක එකාට
යට වී තැලුණු බව
වරංගනා
උඹ එනවද යන්න
මං එක්ක
අනන්තයට
කතා අවසන
මන් එහෙම ඇහුවාම
උඹ මට කිව්ව
පිලුණු බත් කන්න
පිස්සුද?
හැම කතා බහක්ම අවසන
අඳුරු වැල්ලේම
ඉඳුල් කලා උඹ ආයෙමත්
නැහැ දැනුනේම ඉඳුල් බවක්
ඇත්තටම උඹ තමයි
මට මෙතෙක් හමුවුනු
ප්‍රේමණීයම කන්‍යාව
එහෙමයි
වරංගනා,
උඹ තමයි
මං හොයන
නොයිඳුල්
ප්‍රේමණීය කන්‍යාව........