Haiku OS


හයිකු යනු ජපාන කෙටි නිසදැස් වර්ගයක් ය. හයිකු දැන් ලංකාවේද ජනප්‍රිය ය. හයිකු වඩාත් ජනප්‍රිය වී ඇත්තේ ඒවා සරල සහ කෙටි නිසාය.

එවැනි සරල බව අරමුණු කොට ගෙන නිර්මාණය කර ඇති නිදහස් කේත සහිත මෙහෙයුම් පද්ධතියක් ඇති අතර එයද නම් කර ඇත්තේ HAIKU ලෙස ය.

අද තාක්ෂණික ලිපිය ඒ ගැනය

ආරම්භය සහ ඉතිහාසය

Screenshot of Boot Loader

Be inc වෙතින් නිර්මාණය කර ඇති Be OS යනු 1995 තරම් අතීතයේ තිබූ නැගී එන මෙහෙයුම් පද්ධතියකි. එය සරල බල සහ වේගවත් බව අරමුණු කරගනිමින් නිර්මාණය කර තිබුනු අතර එය අනුසාරයෙන් Haiku මෙහෙයුම් පද්ධතිය නිර්මානය කර ඇත. පුද්ගලික පරිගණක සඳහා එකල තිබූ වින්ඩෝස් 95 වැනි මෙහෙයුම් පද්ධතිය සමඟ තරඟ කිරීමට මෙම Be OS නිර්මාණය කර ඇතැයි සැලකිය හැකිය.ඉන් පසු එය අනුසාරයෙන් වැඩි දියුණු කර වෙනස්ම මෙහෙයුම් පද්ධතියක් ලෙස Haiku පද්ධතිය නිර්මාණය කර තිබුනි.

https://www.haiku-os.org/ නම් වෙබ් අඩවියෙන් මෙම හයිකු පද්ධතිය බාගත කර ගත හැකිය.

හයිකු ස්ථාපනය සඳහා පරිගණකයේ අවශ්‍යතා - System Requirements

  • Processor: Pentium or better CPU, such as an Intel Pentium II or AMD Athlon
     
  • Memory: 256 MiB of RAM, but 384 MiB is recommended

  • Storage: 1.5 GiB of storage space, but 3 GiB is recommended

  • Video card: VESA compliant video card

  • Monitor: 800x600

මෙම පිරිවිතර පිරික්සීමේදී පෙනී යන්නේ හයිකු ධාවනය සඳහා පැරණි පරිගණක තවමත් ඉතා ප්‍රමාණවත් බවය.

හයිකු වල විශේෂ ගුණාංග

කලින් කී පරිදි හයිකු නිර්මාණය කර ඇත්තේ සරල බව සමඟ වේගවත් බව වෙනුවෙනි. ඒ අනුව හයිකු වල ඇති ගුණාංග පහත පරිදි වේ.

සරල බව - සරල අතුරු මුහුණත සහ යෙදවුම්

වේගවත් බව -  එකල තිබුනු පරිගණක වල තිබූ මෙගා බයිට් ප්‍රමාණ වල රැම් උපකරණ සහ වේගය අඩු දෘඩාංග වලින් නිර්මාණය කල පරිගණක වලට සුදුසු පරිදි ක්‍රියා කිරීමට පරිශීලකයාගේ පහසුව සලකමින් නිර්මාණය කර ඇත

අධ්‍යයනය පහසුව - පරිගණක ක්ශේත්‍රයට අලුතෙන් ඇතුල් වන කෙනෙක්ට පවා පහසුවෙන් කටයුතු කල හැකි පරීදි නම්‍යශීලී ලෙස නිර්මාණය කර ඇත.

 

අතුරු මුහුණත සහ යෙදවුම් ගැන

Screenshot of Deskbar 

Screenshot of vector icons 

Screenshot of overview of apps and prefs 

Screenshot of vector icons

මෙම ජායාරුප බැලූ විට සෑම අතින්ම සරල වූ අතුරු මුහුනතක් සහිතව සහ පහසුකම් රැසක් සහිතව මෙම මෙහෙයුම් පද්ධතිය නිර්මාණය කර ඇති බව පෙනී යයි.

 https://www.haiku-os.org/files/slideshow/ported-apps.png

ඒසේම උබන්ටු වැනි ලිනක්ස් වැනි මෙහෙයුම් පද්ධති වන භාවිතා වන Liber Office, VLC Player වැනි යෙදවුම් ඒසේම මෙහිදීද භාවිතාවය ගැනෙන්නේ  ඒවා විවෘත මෘදුකාංග නිසාය. එබැවින් උබන්ටු භාවිතා කරන්නෙකුට හයිකු භාවිතා කිරීම අපහසු නැති බව මාධවගේ හැඟීමයි.

හයිකු නිර්මාණය කර ඇත්තේ ලිනක්ස් මෙන් විවෘත කේත පදනම් කරගෙනය. ඒ අනුව පරිගණක කේත පිලිබඳව දන්නා අයට එය තමන්ට අවශ්‍ය පරිදි වැඩිදියුණු කර ගැනීමට අවකාශයන්ද ලබා දේ.

හයිකු වෙබ් අඩවිය අනුව හයිකු මෙහෙයුම් පද්ධතිය පිලිබඳව විවිධ අංග රූප සටහන් නැරඹීමට පහත සබැඳියෙන් පිවිසීමෙන් හැකියාව ඇත.

https://www.haiku-os.org/slideshows/haiku-1/

එම රූප පිරික්සීමේදී පෙනී යන්නේ එය පරිශීලක පහසුව තකා මෙන්ම සරල බව ඉස්මතු කරමින් නිර්මාණය කර ඇති බවයි. ඒසේම පෙන් ඩ්‍රයිව් මගින් ද ඩී වී ඩී තැටි මගින්ද මෙම හයිකු පද්ධතිය පරිගණක වන ධාවනය කිරීමට හැකියාව ඇත. (Live CD, Boot - Able Pen)

කෙසේ වෙතත් ලිනක්ස් පාදක වූ උබන්ටු වැනි පද්ධතීන් ඉතා ඉක්මණින් ජනප්‍රිය වීම මෙන්ම වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සහ  IOS පද්ධතියේ දියුණු කල පහසුකම් සමග බොහෝ අය එම මෙහෙයුම් පද්ධති කරා යොමු වී ඇති බැවින් හයිකු කවි සේම හයිකු ද අභාවයට පත් වෙමින් ඇත. 

(සියලූම ජායාරූප හයිකු ‌නිල වෙබ් අඩවියෙනි)

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form