ආණ්ඩුව යන මඟ ගැන විවිධ කතා ලියන්න පුලුවන් ය. කෙසේ වෙතත් ජන්දදායකයා බලාපොරොත්තු වූ දේවල් වෙනවාද යන්න ගැටළු සහගතය. මේ ඒ ගැන මාධවගේ අදහස ය.
විපක්ෂය අසන ප්‍රශ්න ගැන
විපක්ෂයේ ප්‍රශ්න ඉදිරිපත් වීම සහ කඩිනම් ලෙස ඒවාට පාර්ලිමේන්තුවේදීම උත්තර බැඳීම සම්බන්ධව ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක උන්නැහේට ස්තූති වන්ත විය යුතුය. බිමල් සිය කටයුත්ත හොඳින් කරනු පෙනේ. මීට පෙර සිටි ගොරවා බුරා වැටෙන උන්ට සහ ඇඟ බේරාගන්නා උන්ට වඩා යහපත් ප්‍රවණතාවයක් ලෙස මාධව එ තත්වය දකින්නේය.
කෙසේ වෙතත් පණ නැති විපක්ෂයක් ඇති නිසා ආණ්ඩුවට බැට් කිරීම පහසු වී ඇති බවත් නිරීක්ෂණය වේ. විවිධ පුද්ගලයින් විවිධ චෝදනා නගන විට පිළිතූරු දීම නිසි පරිදි සිදු කරත් එය ආණ්ඩුකරණයට ප්‍රමාණයත් උනත් රට තුල ඇති වනුයේ වෙන අදහසක් බව මාධවගේ සිතුවිල්ලයි.
පුවත්පත් සහ මාධ්‍ය ගැන චෝදනා
පසුගිය දිනෙක ජනමාධය අමාත්‍යවරයා අරුණ පුවත්පතට සහ හිරු නාලිකාවට චෝදනා කලේ අසත්‍ය වපුරන බව කියා පාමිනි. කෙසේ වෙතත් ඒසේ ප්‍රසිද්ධියේ චෝදනාව වක්‍රාකාරයෙන් සමහරුන් වර නගන්නේ මාධ්‍ය මර්ධනයක ස්වරූපයක සෙවනැලි මතුවන බව පවසමිනි. කෙසේ වෙතත් මාධ්‍ය ද සිය වගකීම සිදු කිරීම නිසි පරිදි සිදු කිරීමත් මාධ්‍ය සමඟ අනවශ්‍ය ගැටුමකට නොයෑමත් ආණ්ඩුවට හිතකර වනු ඇත. අතීතයේ ආණ්ඩුකරණයන් වලින් පාඩම් අවශ්‍ය නම් ඉගෙන ගත හැකිය.
වේදිකාවල කියූ කතා සහ දැන් කියන කතාන්දර වල පරස්පරය
මාධව ද ආණ්ඩුව පත් කිරීම වෙනුවෙන් සිය ජන්දය ලබා දුන් අයෙකි. මාධව ඇතුළු බොහෝ අයද ඒසේය. මාධවට හමු වුනු ඇතැම් පිරිස් ජන්දය භාවිතා කර නොතිබුනේ පොහොට්ටුව, යූ ඇන් පීය හෝ සජබය පරාජය වන බව දන්නා නිසා මිස ජවිපෙට හෝ එන් පී පීයේ ජයග්‍රහණය ප්‍රාර්ථනාවෙන් නොවේය. බහුතරයක් රනිල් 2048 දී රට හදන කම් බලාගෙන ඉන්නත් හිත හදාන ඉන්න ආව උන්ය.
කෙසේ වෙතත් NPP වේදිකාවල ඇසුනු ඉන්ධන මිල, විදුලි බිල, සහ වැට් බදු ගැන කතා දැන් අමතකව ගොස් ඇති සෙයක් පෙනී යන්නේ කියන කරන ඒවා නිසාය. කෙසේ වෙතත් රනිල් ගිය මඟ යාම හොඳ යැයි මාධව ද විශ්වාස කරන්නේ වෙන මඟක් නැති නිසාය. වැල් පාලමේ ගමන් කරන රනිල්ගෙන් ලංකාව නැමති දරුවා උදුරාගෙන අනුරගේ අත තබන්නේ රනිල් ගැන විශ්වාස නොමැති නිසාම නොව අනුර ගැන විශ්වාසයක් ගොඩ නැගී තිබුනු නිසාය. දැන්.....
දැන් ඒ විශ්වාසය බිඳ වැටෙමින් තියනවාදෝ කියා මාධව ට නං සිතෙන්නේය.
මහා කළු ගල් වුවද කාලයාගේ ඇවෑමෙන් දිය වී යන්නේය. මහා පරුවතයක් සේ ගොඩ නැඟුනු රාජපක්ෂ රෙජිමය සහ කුජීත පොහොට්ටු ආණ්ඩු මහජන නැගිටීම් සහ ප්රජාතන්ත්රවාදය හමුවේ දියවී ගියේ කෙසේදැයි අනුර ඇතුළු ආණ්ඩුවට අමතක නොවිය යුතුය. ඒබැවින් වහාම සිදු කල යුතු දේවල් ලෙස මාධව දකින්නේ පහත දේවල් ය.
ජන ජීවිතය ඉහල දැමීම සඳහා භාණ්ඩ හා සේවා පහසුවෙන් ලබා ගැනීමට හැකි පරිදි නියාමනයන් සහිත වෙළදපලක් සැකසීම.
දූෂණය පිටු දැකීමට නව ක්‍රමවේද ගෙන ඒම, නීති සැකසීම සහ මහජන දේපල කොල්ල කෑ පුද්ගලයින්ට ඉක්මණීන් නඩු අසා දඩුවම් දෙන ක්‍රමයක් ඇති කිරීම. ඔවුන්ගේ දේපල සියල්ල රජයට පවරාගැනීමට කටයුතු කිරීම. එහිදී තරාතිරම නොබලා දඩුවම් පැමිණවීමෙන් දූෂණයට වැට බැඳීම.
පසුගිය ආණ්ඩු වල සිදු වූ අපරාධ පිලිබඳව සොයා බැලීම සහ ඒවාට අවශ්‍ය නීති මාර්ගික කටයුතු සිදු කර අපරාධකරුවන් නීතියෙන් දඩුවම් පැමිණවීම. ඉදිරියේදී එවැනි දේවල් සිදු නොවීමට තත්වයක් ඇති කිරීම
ඵලදායී සහ ශක්තිමත් රාජ්‍ය සේවයක් ඇති කිරීම සහ ඒ පිලිබඳව මහජනතාවගේ තෘප්තිමත් බව ඉහල නැංවීම.
රජයේ දේපල අල්ලාගෙන ඉන්නා දේශපාලන තක්කඩීන් ඒවායින් පන්නා දමා එම ඉඩම් සහ දේපල ඵලදායී ආයෝජන බවට පත් කර ගැනීම.
පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීම සහ මහජනතාව එයට ආකර්ෂණය කර ගැනීම.
අධිකරණ ක්‍රියාවලිය වේගවත් කිරීමෙන් වසර ගණනාවක් යුක්තිය අහිමි වී සිටින පුරවැසියන්ට සාධාරණය ඉටු කිරීම.
දිගුකාලීන ප්‍රතිපත්ති නිර්මාණය කිරීම මගින් ස්ථාවර භාවය ඇති කිරීම
තව වසරක් ඇතුළත විධායක ජනාධිපති ධූරය අවසන් කිරීම.