පුංචි මල් කිනිත්තක් අගදී

 

මල් වත්තේ ඒ මල වට

නුඹ සරනවා පේනවාද

බඹරෝ නුඹ දන්නවාද

ඇය වෙත දෙබරෙක් එන බව

 

මී මැසි පෙම යදින ඇයට

බරපතලයි දෙබර පෙමක්

එහෙව් කලෙක නුඹ මොකටද

පෙම් කරන්නෙ ඇය වෙත දැන්?

 

පෙමක් වුවුද මඳකුදු රළු

නොවන විටදි වෙයි නීරස

මීමැසි පෙම මෙන් සියුමැලි

නොවන නමුත් මගෙ ප්‍රේමය

 

දෙබර පෙමට වඩා ලපටි

වෙයි බිඳුවක් සැනසෙන්නට

ඒක නිසා මම වෙන්නෙමි

පෙම් කුමරා පෙම පුදදෙන

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form