Gemini AI - ගූගල් කෘතිම බුද්ධි වැඩසටහන


 

ජෙමිනි AI කියන්නෙ ගූගල් සමාගමේ කෘතීම බුද්ධි වැඩසටහන. වර්තමානයේ ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථන සහ ඇන්ඩ්‍රොයිඩ් අඩංගු උපාංග බහුතරයක මෙම පහසුකම ලබා දීලා තියනවා. ඒ වගේම වර්තමාන‌යේ සෙවුම් කීරීමේදී ගූගල් භාවිතයෙන් ඉස්සෙල්ලම ජෙමිනි AI ගෙ අදහසත් ලබා දෙනවා ඉහලින්ම.

කොහොම හරි අනික් AI Chatbot වගේම මේකත් දැන් ජනප්‍රිය වීගෙන එනව.

 

මේ රූපයේ  තියෙන්නෙ Gemini AI LOGO  එක.


ඉතින් මේ කියන ජෙමිනි
AI වලට පුලුවන් ගොඩක් දේවල් කරලා දෙන්න. CHAT GPT, CLAUDE AI  වගේම මෙයාගෙත් විවිධ පහසුකම් අඩංගු වෙනවා. උදාහරණ ලෙස ඔන්න ඔය පහල තියන විදියට සරල කවියක් ලියන්න පුලුවන්. මාධවගේ ඉල්ලීමට එයා ලියපු කවිය තියනවා පොටෝ ඒකේ.‍

 

මෙයාට පුලුවන් දෙයක් ස්ටෙප් බයි ස්ටෙප්, ඒ කියන්නෙ පියවරෙන් පියවරට දෙයක් විස්තර කරන්න. උදාහරණ ලෙස පරිශීලකයාට පහත පරිදි ඉල්ලීමක් කරන්න පුලුවන් නම්, ඒයා පියවර ආකාරයට උත්තරය ලබා දෙනවා.

 

ඉතින් මේ විදියට තියන Gemini AI සතුව පහත සඳහන් හැකියාවන් අඩංගුයි.

01 - රචනා ආදිය ලිවීම සහ වචන හරඹ

02 - පින්තූර සහ වෙනත් ග්‍රැෆික්ස් රූපක අඳුනාගන්න පුලුවන්. විශ්ලේෂණයත් කරන්න පුලුවන්

03 - ශබ්ද - ශබ්ද හඳුනාගන්න, ශබ්ද වල ඇති දේවල් විග්‍රහ කරන්න පුලුවන්

04 - රූපක (වීඩියෝ)   - වීඩියෝවක ඇති දේවල් විග්‍රහ කරන්න පුලුවන්

05 - පරිගණක වැඩසටහන් ලිවීම  - පරිගණක වැඩසටහන් සඳහා කේත ලිවීමට හැකියාව ඇත.

Gemini AI වෙත ප්‍රවේශ වීමට පහත දීලා තියන ලිපිනයෙන් පුළුවන්. ඒම නැතුව උනත් දැන් වර්තමානයේ තියන බොහෝ ඇන්ඩ්‍රොයිඩ් උපාංග වල මේ පහසුකම ඇප් එකක් විදියටම තියනවා. මෙම Gemini AI වෙතින් නොමිලේ පහසුකම් මෙන්ම Gemini AI Advanced  සංස්කරණයක් මුදල් ගෙවා ලබා ගන්න පුලුවන්.

 https://gemini.google.com/ - මෙම ලිපිනයෙන් ඔබට පුලුවන් කෙලින්ම මෙම Gemini AI වෙතට පිවිසෙන්න.

ඒසේම ගූගල් ගිණුමට ඇතුල්වීමෙන් ගූගල් සේවා වෙත පිවිස ඔබගේ Gemini AI විවෘත කර ගන්න පුලුවන්.

ඒසේම Gemini AI වෙතින් අනෙකුත් කෘතීම බුද්ධි වැඩසටහන් මෙන්ම ඔබගේ chat තැන්පත් කරගෙන තබා ගන්න පුලුවන්. ඒසේම මෙම Gemini AI ට‌  හැකියාව තියනවා ගූගල් වල වෙනත් සේවාවන් සමඟ සම්බන්ධ වෙන්න. මේක අනෙකුත් AI වැඩසටහන් වල නැති පහසුකමක් වෙනවා. ගූගල් මැප්ස්, ගූගල් හොටෙල්ස්, යූ ටියුබ් වැනි වැඩසටහන් සමඟ සම්බන්ධ වෙලා කටයුතු කිරීමේ හැකියාව තියනවා මේ Gemini AI ට.

ඉතින් නිකම් හිතුන වෙලාවක මාධව ලිව්ව මේ කෙටි ලිපිය මෙතනින් අවසන් කරනවා. AI  - Artificial Intelligence  ගැන කුතුහලයෙන් සොයා බලන මාධව අතින් ඉදිරියේදීත් මෙම කෘතිම බුද්ධිය සහ ඒ ආශ්‍රිත වැඩසටහන් ගැන ලිපි ලියවෙනු ඇත.


Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form