Homeකවිය කොණ්ඩය කතෘ -මාධව විදුරංග -Tuesday, October 29, 2024 ඉස්සෙල්ලම ආව පුංචි බුබුල කැක්කුම නැති සිනිදු බිබිල ටිකෙන් ටික කලු පාට වෙද්දි කරන්නට නැහැ දෙයක් ඉතුරුව කඳුලු පිසලා කිමෝ තෙරපියට සැරසිලා අපි කැපුවා කොණ්ඩය සුවඳ දෙන දිගු වරලස අවුරුදු සැණකෙලියේදී නුඹට දිනුම දුන්නු කේශ කල්‍යාණිය නාඩන්න සුදු මැණික කොණ්ඩය නැතත් තේරුම් ගන්න මට නුඹව අවැසි බව! Facebook Twitter
සැලෙන කෙස්රොද වගේ නැති සිතක්!
ReplyDelete