වෙළඳ දැන්වීම් සහ ඒකොලොස්වැනි ජනේලය සහ අනාගතය

 

Windows 11 නව Update සමඟින් වෙළඳ දැන්වීම් ලැබීම පරිශීලකයාව මැඩවීමක් දක්වා ඉහල ගොස් ඇති බවට Microsoft හි පෝරමයන් පරීක්ෂාවේදී දැක ගත හැකිය. මේ ඒ් ගැන කෙටි කතාවක් සහ ඒ් වෙනුවෙන් කල යුතු දේ ය.

Google ආයතනයේ බොහෝ පහසුකම් සමඟ දැන් Advertising දැකීමට පුලුවන් ය. උදාහරණ ලෙස Youtube  හි දැන් මුදල් ගෙවූ විට Ads නොමැතිව වීඩියෝ බැලීමට හැකියාව ඇත. බොහෝ අයට මහත් හිරිහැරයක් ලෙසින් AD පෙන්වීමට දැන් යූ ටියුබ් පුරුදු කර ඇත්තේය.

ඒ ආකාරයටම Microsoft Windows 11 හි ද දැන් Ad පෙන්වීමට පටන් අරගෙනය. ජනේලයේ 11 වැනි නව සංස්කරණයට යාවත්කාලීන උනු පසු බොහෝ දෙනාට Notification ලෙසින් සහ Bing  සෙවුම අනුව Advertisement වල බලපෑම දැනී ඇත.

හම්බ කරනා මුදල් ප්‍රමාණය මදිකමට හෝ මෙවැනි දෑ කරන්නේ යැයි සිතිය හැකිය. කෙසේ වෙතත් මුදල් ගෙවා මිලදී ගන්නා මෙහෙයුම් පද්ධතියකින් මෙවැනි බාල ගණයේ වැඩ බලාපොරාත්තු නොවන්නේය. මාධව නම් උබන්ටු භාවිතා කරන නිසා මෙම ගැටළුවට මුහුණ පා නොමැති නමුදු බොහෝ වින්ඩෝස් පරිශීලකයින් දැන් දැන් වින්ඩෝස් වලින් ඈත් වෙමින් යන්නේ මේ කියන කරදරකාරී තත්වය නිසාය.

Microsoft Windows හි පෝරම වල පෙන්වා ඇති අන්දමට බොහෝ දෙනාට එය කරදරයක් වී ඇත.

පළමු රූපය

 

දෙවන රූපය

ඒ් අනුව  මෙම කරදරකාරී තත්වයන් සඳහා Group Policy වෙතින් සහ වෙනත් ක්‍රම වලින් විවිධ කුම වලින් නවතා ලිය හැකි බවට විවිධ අය මත දරා ඇති නමුත් පොදුවේ එය කරදරයක් බව සලකන්නෝ බොහෝය. එනයින් මාධව යෝජනා කරන්නේ සියලූම දෙනා වෙත පුද්ගලිකත්වය ගරු කරන Linux වෙත මාරු වීම යහපත් බව ය.

පෝරමයේ උත්තර දී තිබුනේ ලිනක්ස් වෙත මාරු වන්න යනුවෙනි.

 

Ubuntu, Linux Mint වැනි මෙහෙයුම් පද්ධති වින්ඩෝස් හා සමානව නැතත් සාමාන්‍ය වැඩ කටයුතු සහ Web Developing, App Developing වැනි කටයුතු වල නිරත වන්නන්ට පහසුවක් ගෙන දෙන මෙහයෙුම් පද්ධති නිසා මෙම වදකාර වූ AD මේනියාවෙන් ගැලවීමට එකම විසඳුම ලෙස මාධවට නං පෙනී යන්නේ ලිනක්ස් පාදක මෙහෙයුම් පද්ධති වලට මාරු වීම ය.


සියලූම පෝරම විස්තර https://answers.microsoft.com/en-us වෙතින් ලබා ගෙන ඇත.

2 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. ගුණපාල මලලසේකරOctober 28, 2024 at 11:49 AM

    ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කරගන්නා ආකාරය ගැන සරලව සිංහල භාෂාවෙන් ලිපියක් පල කරන්න පුළුවන් නං එය මහත් මෙහෙවරක් ලෙස දකිමි.

    ඔබතුමාගේ බ්ලොග් ආවියේ ලිපි කියවා පරිඝනක ආශිත්‍ර බෝහි ගැටළු විසඳගෙන ඇති බවද සදහන් කරන්නේ මහත් වූ ස්තුති පුර්වකවය.

    බොහොමත් ස්තුතියි මහත්මයා.

    ReplyDelete
    Replies
    1. ඒ සම්බන්ධව පැහැදිලි කිරීමක් දෙන්නම් මහත්මයා නුදුරේදීම

      Delete
Previous Post Next Post

Contact Form