විකලාංග සායනයේ සැරහුම් කාමරේ ලඟදි මට ඒ නාකි මනුස්සයව ඉස්සෙල්ලම හමු උනා. අංකෙ කීයද යන්නෙ මහත්තයෝ. ඒ මනුස්සයා ගැහෙන හඬින් අහපුවම මම කිව්ව අංකෙ 7 යන්නේ කියලා. මගේ අංකේ 35 එහෙම කියලා ඒ මනුස්සයා ලොඹුකට පෙන්නලා හිනා උනා. ගැහෙන වෙවුලන ස්වරයෙන් උනත්, චතුර විදියට කතා කරපු ඒ මනුස්සයගෙ ස්වරූපය දිහා බලන්න මට උනන්දුවක් දැනුනෙ ඒ වෙලාවෙ. දෙපයින් හිටගෙන හිටියට ඉස්සරහට මඳක් නැමිලා ඉන්න මේ මනුස්සයගෙ පිටේ ලොකු මොල්ලියක් වගේ දෙයක් පේන්න තිබුනා. ඒ මනුස්සයා බැලූ බැල්මට යමක් තියෙන මනුස්සයෙක් වග ඇඳුමින් පැලඳුමින් පෙනුනත් හුඟක් දුක් විඳපු කෙනෙක් බව මට හැඟුන. මං සවන් දෙන්නෙක් කියලා හිතපු හෝ නොහිතපු ඔහු කතාව පටන් ගත්තා. මම කඩුගන්නාවෙ. ඒ මනුස්සයා අනාරාධිතවම කතාව පටන් අරන්. මන් රස්සාවක් කියලා කලේ සී ජී ආර් එකේ කාර්මික රස්සාවක්. සී ජී ආර් කියන්නෙ මිත්රෝවරුණි දුම් රිය දෙපාර්තමේන්තුව. හොඳේ. සිලෝන් රේල්වේ ඩිපාර්ට්මන්ට්. කොහේද මහත්මයා වැඩ කරපු ඉස්ටේෂම? මන් එහෙම ඇහැව්වම කිව්වෙ අන්තිමට වැඩ කලේ මරදානෙ කියලා. ඉතින්.......... මට ඉන්නවා දුවලම තුන්දෙනෙක්. එක්කෙනෙක් අනාථ වෙලා ඉඳලා මමයි පවුලයි හදාගන්න ගත්ත කෙනෙක්. ඒ හැමෝගෙම ජීවිත ගෙනියන්න මගේ රස්සාව ඇති උන. ඒ කාලේ. අපි හොඳට කෑව බිව්ව. ඒත් පස්සෙ පස්සෙ හරිම අමාරු උනා. චන්ද්රිකා මැඩම්ගෙ කාලෙ අපේ අතිකාලත් අයින් කලා කාලයක්. සල්ලි නැතුව දස අතේ හිරවුන නිසා ඉතින් මං ගොඩ රස්සා කලා. සමහර දාට මරදානේ ඩියුටි ඉවර වෙලා නාට්ටාමි රස්සාව කලා. සමහර දාට රේස් තුණ්ඩු ලිව්වා. නාට්ටාමි කම ලාබ නිසා පස්සෙ ඒකටම යොමු උනා. තරුණ කාලේ නෙව. මහත්තයා කොටුවෙ නාට්ටාමි එම්.ජී ආර්. දන්නවද? ප්රසිද්ධ ධනවත් නාට්ටාමි උන්නැහේව වීඩියෝ කීපෙකින් දැකලා තිවුන මට එක සැරේටම එයාව මතක් උනා. මම හිස වනලා දුන්නෙ ඔව් කියන උත්තරේ. ඒ ගමන් කල්පනාවට ආවේ රාජ්ය සේවයේ යෙදෙන දුම් රිය කාර්මිකයෙක් හැන්දෑවට නාට්ටාමි රස්සාවකට යාම ඇත්තටම ගෞරවනීය දෙයක්. රාජ්ය සේවයේ අපේ එකෙක් ගෞරවනීය නාට්ටාමි රස්සාව කරනවා ජීවත් වෙන්න. නාට්ටාමි රස්සාවෙන් රාජ්ය සේවකයෙක් ජීවත් වෙනවා කිව්වම හිතන්නකෝ ඉතින්..
ඔහු කියවාගෙන යනවා... එම් ජී ඒ කාලේ හැන්ඩියා. තරුණයා. ඒ රැහේට මාත් වැටුනා. සමහර දාට කොලේ හොඳයි. විශේෂෙන් අනුරාධපුරෙන් හාල් එහෙම එන කාලෙට කොලේ හොඳයි. යුද්ධෙ කාලෙ නිසා දෙමළ නාට්ටාමිලාට හිරි හැර වෙද්දි අපිට නිකන්ම තැන හැදුනා. දෙමළුන්ට වැඩ දෙන්න මුදලාලිලාත් කැමති උනේ නෑ. මොකද හිටි ගමන් එකෙක් දෙන්නෙක් අල්ලන් යනවා කොටි කියල. එම්.ජීල කොලඹ දෙමලු. උන්ට අවුලක් නෑ. අපි වගේ අහසින් පාත් වෙන මිනිස්සු අතර දෙමළු උන්නොත් උන්ට තමා වැඩ නැත්තෙ. තමා සිංහල වීම ගැන මනුස්සයට තිබ්බෙ ගර්වයක්. සුවයං ගර්වයක්. මට නං දැනුනෙ ලාංකික බවේ අසමත් කම.ඒත් මං නිහඬවම කතාව ඇහැව්වා. බේත් පෝලිමේ මොනා කොරන්නද වෙන! අවුරුදු ගාණක් කෝච්චි එක්ක ඔට්ටු වෙලා මන් පැන්සොන් ගිහින් ගෙදර ගම රට ආව. ඒ වෙද්දි කෙල්ලෝ ඉගෙනගෙන කසාද බන්දන වයසේ. පැන්සන් එකට හම්බුන සොච්චම උන්ගෙ වැඩවලට මදී කියලා හිතුනා. කොලඹ ඉඳල මරිසියකට අහු වෙලා උන්නු මොහොමඩ් හම්බුනේ අහම්බෙන් නුවර මාරකැට්ටුවේදි. ගෝනියක් කරගහගෙන යද්දි පොලීසියෙන් පන්නලා අල්ලගෙන බලද්දි ඒ ගෝණිය පුරෝලා ගංජා. සේරම අමතක කරපු මොහොමඩ් එතනින් මට්ටක්කුලියේ මුඩුක්කු පැත්තට පැනගෙන මහ රෑම නුවර ඇවිල්ලා කඩේක වැඩට එක්කහු වෙලා. මිනිහා මාව ආයෙම නාට්ටාමි රස්සාවකට දැම්මා. දරුවෝන්ට ලැජ්ජා වෙයි කියලා මම නුවර හුඟ කල් වැඩ නොකර කොලඹටම සේන්දු උනා. මොහොමඩ් හොයලා දුන්න කොල්ලුපිටිය පැත්තේ වත්තක නතර වෙන්නත් ලැබුනා. ඉතින් මහත්තයෝ සල්ලි හම්බුනාට මොකද හැබැයි නාට්ටාමි රස්සාව කරද්දි සමහර දාට උදේට කෙලින් ඉන්න පණ නෑ. විශ්රාමික ජීවිතය සුවසේ ඉන්නවා කියලා හිතුවට ගත්තු ණය, ගෙවන්න තියෙන බිල් මතක් වෙද්දි නිකන් ඉන්න හිතුනෙ නෑ. කෙල්ලො තුන්දෙනෙක්ට දෑවැදි හොයන්නත් ඒ කාලෙම සෑහෙන්න වෙර දැරුව. නාට්ටාමි රස්සාවෙන් දවසට රු 1000- 1500ක් හොයාගන්න හැකි උනා. ඒ නිසා විශ්රාම අරගෙනත් ඒ රස්සාව කලා. ළමයි තුන්දෙනාම බන්දලා දුන්න. උන්ට අකුරු ඉගෙනුම නම් පිහිටලා තිබුනෙ නෑ. ඒත් දෙයියන්ගෙ පිහිටෙන් දැන් මට ඉන්නවා මුණුබුරාලම 5ක්. ඒත් කොච්චර සල්ලි හෙව්වත් කිලෝ පනහක හැටක බර හාල් ගෝනි, සිමෙන්ති මිටි, යකඩ බට වල බරට මගේ කොන්ද ඉක්මණින් කුදු ගැහුනා. කොඳුඇට, ඉල ඇට කියන්නෙ යකඩ නෙමෙයිනෙ. ඇරත් යකඩත් මලකඩ කන්නැහේ මට මොනවා නොවෙයිද? අවුරුදු ගාණක් බර කර ගහපු මං අන්තිමට මේක නැවැත්තුවේ, ඇත්තම කිව්වොත් නවත්තන්න උනේ මැනිං මාරකැට්ටුව මැද්දෙන් උස්සන් ගිය මහ පත තක්කාලි ගෝණියක් එක්ක මම බිමටම පත බෑ උන වෙලාවෙ. එදා මං තේරුන් ගත්තා මගේ ජීවිතේ ශක්තිය ඉවරයි කියලා. මිනිහගෙ කතාව අහගෙන ඉඳපු මට හිතුනෙ ලංකාව වගේ රටක මේ මනුස්සයට විශ්රාමයක්වත් නැතුව දුක් විඳින්න උනේ ඇයි කියන දේ විතරයි.. අපි හැමෝම කා වෙනුවෙන් හරි බරක් ඇදලා අන්තිමට ඒ බරටම කඩාගෙන බිමට වැටෙනකම් හැල්මේ දුවනව. බර බිමින් තියන්න ලෑස්ති නෑ. බිමින් තියන්න ඉඩකුත් නෑ. මේ මනුස්සයාගේ කොන්ද වක ගැහුනෙ මුට්ට බරට නෙමෙයි, දුවලගෙ බරට! මේ කතාව අහද්දි මට දැනුනෙ එහෙම දෙයක්. දෑවැද්ද, විසාල මඟුල් ගෙවල්, ණය වෙලා හදන ගෙවල්, සමාජ ක්රමය.. මේ හැමදේම නිසා කොන්ද කුදු වෙලා විතරක් නැවතුනොත් ඇති. ඉතින් ඒ අස්සේ මේ මිනිහගෙ හෑල්ල අහගෙන ඉන්න වෙලේ පටන් මගේ ඇහැට තවත් අමුත්තක් පෙනුනා. වට පිට ඇහැගැස්සෙව්වහම දැක්කේ මේ මනුස්සයා වගේම අනික් හැමෝම දැන් මට පේන්නෙ වකගැහිලා. ඈත පුටුවක වාඩි වෙලා ඉන්න මගේ තාත්තත් වක ගැහිලා. ඒ ජීවිත කාලයක් මාවයි අම්මවයි සමහර විට එයාගෙ අවිවාහක අක්කලාවයි දරාගෙන ඉඳපු නිසා වෙන්නැති. බේත් ජාති අත දරා කඩිනමින් එහෙ මෙහෙ යන හෙද නිලධාරිනී නෝනලාත් කුදු වෙලා. ගෙදර දරුවො, සැමියා සමහර විට අම්මලා තාත්තලා, ලෙඩ්ඩු! ඒ හැමෝම නිසා හෙදියො ටික වක ගැහිලා. කඩිසර ලෙස ලෙඩ්ඩු බලන හිත හොඳ දොස්තරල පවා එහෙමයි. වක ගැහුණු මොල්ලි පිට දරාගෙන ඉන්න දොස්තරලා. කවුළු විවෘත වෙලා තියන ජනෙල් පෝලිමේ එක පලුවක වීදුරුවෙන් මම දැක්කෙ මගේම ප්රතිබිම්බය. මෙච්චර වෙලා කෙලින් ඉඳපු මමත් වක ගැහුණු මිනිහෙක් කියලා මට පේනවා. ඇත්තටම බලන් ගියාහම මේ රටේ අපි හැමෝම වක ගැහුණු මිනිස්සු!
විකලාංග සායනයේ සැරහුම් කාමරේ ලඟදි මට ඒ නාකි මනුස්සයව ඉස්සෙල්ලම හමු උනා. අංකෙ කීයද යන්නෙ මහත්තයෝ. ඒ මනුස්සයා ගැහෙන හඬින් අහපුවම මම කිව්ව අංකෙ 7 යන්නේ කියලා.
මගේ අංකේ 35 එහෙම කියලා ඒ මනුස්සයා ලොඹුකට පෙන්නලා හිනා උනා. ගැහෙන වෙවුලන ස්වරයෙන් උනත්, චතුර විදියට කතා කරපු ඒ මනුස්සයගෙ ස්වරූපය දිහා බලන්න මට උනන්දුවක් දැනුනෙ ඒ වෙලාවෙ.
දෙපයින් හිටගෙන හිටියට ඉස්සරහට මඳක් නැමිලා ඉන්න මේ මනුස්සයගෙ පිටේ ලොකු මොල්ලියක් වගේ දෙයක් පේන්න තිබුනා. ඒ මනුස්සයා බැලූ බැල්මට යමක් තියෙන මනුස්සයෙක් වග ඇඳුමින් පැලඳුමින් පෙනුනත් හුඟක් දුක් විඳපු කෙනෙක් බව මට හැඟුන. මං සවන් දෙන්නෙක් කියලා හිතපු හෝ නොහිතපු ඔහු කතාව පටන් ගත්තා.
මම කඩුගන්නාවෙ. ඒ මනුස්සයා අනාරාධිතවම කතාව පටන් අරන්. මන් රස්සාවක් කියලා කලේ සී ජී ආර් එකේ කාර්මික රස්සාවක්. සී ජී ආර් කියන්නෙ මිත්රෝවරුණි දුම් රිය දෙපාර්තමේන්තුව. හොඳේ. සිලෝන් රේල්වේ ඩිපාර්ට්මන්ට්.
කොහේද මහත්මයා වැඩ කරපු ඉස්ටේෂම?
මන් එහෙම ඇහැව්වම කිව්වෙ අන්තිමට වැඩ කලේ මරදානෙ කියලා.
ඉතින්..........
මට ඉන්නවා දුවලම තුන්දෙනෙක්. එක්කෙනෙක් අනාථ වෙලා ඉඳලා මමයි පවුලයි හදාගන්න ගත්ත කෙනෙක්. ඒ හැමෝගෙම ජීවිත ගෙනියන්න මගේ රස්සාව ඇති උන. ඒ කාලේ. අපි හොඳට කෑව බිව්ව.
ඒත් පස්සෙ පස්සෙ හරිම අමාරු උනා. චන්ද්රිකා මැඩම්ගෙ කාලෙ අපේ අතිකාලත් අයින් කලා කාලයක්. සල්ලි නැතුව දස අතේ හිරවුන නිසා ඉතින් මං ගොඩ රස්සා කලා. සමහර දාට මරදානේ ඩියුටි ඉවර වෙලා නාට්ටාමි රස්සාව කලා. සමහර දාට රේස් තුණ්ඩු ලිව්වා. නාට්ටාමි කම ලාබ නිසා පස්සෙ ඒකටම යොමු උනා. තරුණ කාලේ නෙව. මහත්තයා කොටුවෙ නාට්ටාමි එම්.ජී ආර්. දන්නවද?
ප්රසිද්ධ ධනවත් නාට්ටාමි උන්නැහේව වීඩියෝ කීපෙකින් දැකලා තිවුන මට එක සැරේටම එයාව මතක් උනා. මම හිස වනලා දුන්නෙ ඔව් කියන උත්තරේ. ඒ ගමන් කල්පනාවට ආවේ රාජ්ය සේවයේ යෙදෙන දුම් රිය කාර්මිකයෙක් හැන්දෑවට නාට්ටාමි රස්සාවකට යාම ඇත්තටම ගෞරවනීය දෙයක්. රාජ්ය සේවයේ අපේ එකෙක් ගෞරවනීය නාට්ටාමි රස්සාව කරනවා ජීවත් වෙන්න.
නාට්ටාමි රස්සාවෙන් රාජ්ය සේවකයෙක් ජීවත් වෙනවා කිව්වම හිතන්නකෝ ඉතින්..
ඔහු කියවාගෙන යනවා...
එම් ජී ඒ කාලේ හැන්ඩියා. තරුණයා. ඒ රැහේට මාත් වැටුනා. සමහර දාට කොලේ හොඳයි. විශේෂෙන් අනුරාධපුරෙන් හාල් එහෙම එන කාලෙට කොලේ හොඳයි. යුද්ධෙ කාලෙ නිසා දෙමළ නාට්ටාමිලාට හිරි හැර වෙද්දි අපිට නිකන්ම තැන හැදුනා. දෙමළුන්ට වැඩ දෙන්න මුදලාලිලාත් කැමති උනේ නෑ. මොකද හිටි ගමන් එකෙක් දෙන්නෙක් අල්ලන් යනවා කොටි කියල.
එම්.ජීල කොලඹ දෙමලු. උන්ට අවුලක් නෑ. අපි වගේ අහසින් පාත් වෙන මිනිස්සු අතර දෙමළු උන්නොත් උන්ට තමා වැඩ නැත්තෙ. තමා සිංහල වීම ගැන මනුස්සයට තිබ්බෙ ගර්වයක්. සුවයං ගර්වයක්.
මට නං දැනුනෙ ලාංකික බවේ අසමත් කම.ඒත් මං නිහඬවම කතාව ඇහැව්වා. බේත් පෝලිමේ මොනා කොරන්නද වෙන!
අවුරුදු ගාණක් කෝච්චි එක්ක ඔට්ටු වෙලා මන් පැන්සොන් ගිහින් ගෙදර ගම රට ආව. ඒ වෙද්දි කෙල්ලෝ ඉගෙනගෙන කසාද බන්දන වයසේ. පැන්සන් එකට හම්බුන සොච්චම උන්ගෙ වැඩවලට මදී කියලා හිතුනා.
කොලඹ ඉඳල මරිසියකට අහු වෙලා උන්නු මොහොමඩ් හම්බුනේ අහම්බෙන් නුවර මාරකැට්ටුවේදි. ගෝනියක් කරගහගෙන යද්දි පොලීසියෙන් පන්නලා අල්ලගෙන බලද්දි ඒ ගෝණිය පුරෝලා ගංජා. සේරම අමතක කරපු මොහොමඩ් එතනින් මට්ටක්කුලියේ මුඩුක්කු පැත්තට පැනගෙන මහ රෑම නුවර ඇවිල්ලා කඩේක වැඩට එක්කහු වෙලා.
මිනිහා මාව ආයෙම නාට්ටාමි රස්සාවකට දැම්මා. දරුවෝන්ට ලැජ්ජා වෙයි කියලා මම නුවර හුඟ කල් වැඩ නොකර කොලඹටම සේන්දු උනා. මොහොමඩ් හොයලා දුන්න කොල්ලුපිටිය පැත්තේ වත්තක නතර වෙන්නත් ලැබුනා.
ඉතින් මහත්තයෝ සල්ලි හම්බුනාට මොකද හැබැයි නාට්ටාමි රස්සාව කරද්දි සමහර දාට උදේට කෙලින් ඉන්න පණ නෑ. විශ්රාමික ජීවිතය සුවසේ ඉන්නවා කියලා හිතුවට ගත්තු ණය, ගෙවන්න තියෙන බිල් මතක් වෙද්දි නිකන් ඉන්න හිතුනෙ නෑ. කෙල්ලො තුන්දෙනෙක්ට දෑවැදි හොයන්නත් ඒ කාලෙම සෑහෙන්න වෙර දැරුව. නාට්ටාමි රස්සාවෙන් දවසට රු 1000- 1500ක් හොයාගන්න හැකි උනා. ඒ නිසා විශ්රාම අරගෙනත් ඒ රස්සාව කලා. ළමයි තුන්දෙනාම බන්දලා දුන්න. උන්ට අකුරු ඉගෙනුම නම් පිහිටලා තිබුනෙ නෑ. ඒත් දෙයියන්ගෙ පිහිටෙන් දැන් මට ඉන්නවා මුණුබුරාලම 5ක්.
ඒත් කොච්චර සල්ලි හෙව්වත් කිලෝ පනහක හැටක බර හාල් ගෝනි, සිමෙන්ති මිටි, යකඩ බට වල බරට මගේ කොන්ද ඉක්මණින් කුදු ගැහුනා. කොඳුඇට, ඉල ඇට කියන්නෙ යකඩ නෙමෙයිනෙ. ඇරත් යකඩත් මලකඩ කන්නැහේ මට මොනවා නොවෙයිද? අවුරුදු ගාණක් බර කර ගහපු මං අන්තිමට මේක නැවැත්තුවේ, ඇත්තම කිව්වොත් නවත්තන්න උනේ මැනිං මාරකැට්ටුව මැද්දෙන් උස්සන් ගිය මහ පත තක්කාලි ගෝණියක් එක්ක මම බිමටම පත බෑ උන වෙලාවෙ.
එදා මං තේරුන් ගත්තා මගේ ජීවිතේ ශක්තිය ඉවරයි කියලා.
මිනිහගෙ කතාව අහගෙන ඉඳපු මට හිතුනෙ ලංකාව වගේ රටක මේ මනුස්සයට විශ්රාමයක්වත් නැතුව දුක් විඳින්න උනේ ඇයි කියන දේ විතරයි..
අපි හැමෝම කා වෙනුවෙන් හරි බරක් ඇදලා අන්තිමට ඒ බරටම කඩාගෙන බිමට වැටෙනකම් හැල්මේ දුවනව. බර බිමින් තියන්න ලෑස්ති නෑ. බිමින් තියන්න ඉඩකුත් නෑ.
මේ මනුස්සයාගේ කොන්ද වක ගැහුනෙ මුට්ට බරට නෙමෙයි, දුවලගෙ බරට! මේ කතාව අහද්දි මට දැනුනෙ එහෙම දෙයක්. දෑවැද්ද, විසාල මඟුල් ගෙවල්, ණය වෙලා හදන ගෙවල්, සමාජ ක්රමය.. මේ හැමදේම නිසා කොන්ද කුදු වෙලා විතරක් නැවතුනොත් ඇති.
ඉතින් ඒ අස්සේ මේ මිනිහගෙ හෑල්ල අහගෙන ඉන්න වෙලේ පටන් මගේ ඇහැට තවත් අමුත්තක් පෙනුනා. වට පිට ඇහැගැස්සෙව්වහම දැක්කේ මේ මනුස්සයා වගේම අනික් හැමෝම දැන් මට පේන්නෙ වකගැහිලා. ඈත පුටුවක වාඩි වෙලා ඉන්න මගේ තාත්තත් වක ගැහිලා. ඒ ජීවිත කාලයක් මාවයි අම්මවයි සමහර විට එයාගෙ අවිවාහක අක්කලාවයි දරාගෙන ඉඳපු නිසා වෙන්නැති. බේත් ජාති අත දරා කඩිනමින් එහෙ මෙහෙ යන හෙද නිලධාරිනී නෝනලාත් කුදු වෙලා. ගෙදර දරුවො, සැමියා සමහර විට අම්මලා තාත්තලා, ලෙඩ්ඩු! ඒ හැමෝම නිසා හෙදියො ටික වක ගැහිලා. කඩිසර ලෙස ලෙඩ්ඩු බලන හිත හොඳ දොස්තරල පවා එහෙමයි. වක ගැහුණු මොල්ලි පිට දරාගෙන ඉන්න දොස්තරලා. කවුළු විවෘත වෙලා තියන ජනෙල් පෝලිමේ එක පලුවක වීදුරුවෙන් මම දැක්කෙ මගේම ප්රතිබිම්බය. මෙච්චර වෙලා කෙලින් ඉඳපු මමත් වක ගැහුණු මිනිහෙක් කියලා මට පේනවා.
ඇත්තටම බලන් ගියාහම මේ රටේ අපි හැමෝම වක ගැහුණු මිනිස්සු!