නුඹේ මතක පිරුණු හීන

 


නුඹේ මතක
පිරුණු හීන
රෑ මැදියම
හිත රිද්දන
හෙන ගුගුරා
ඇස් ඇහැරෙන
රුධිරය නැති
වණයකි එය
 
අපි ගිය තැන
වියනක් උන
නීල වර්ණ
හිස් අහසක

සැරිසරන්න
ආයෙ එන්න
බැරි බව දැන
බලා ඉන්න
 
කලුවර ඇස්
බොඳ කරමින්
සුදු අරලිය
මල් පිබිදුන
 
හැන්දෑවක
නුඹට ගෙනා
ලිලී කුසුම
තියලා යමි
 
නීල වර්ණ 
කඳු පාමුල
වල් බිහි උන
සුසානයක..................

1 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. සුසානසේ අවසන් කටයුතු කළාට සපු වේදනාව කාලය පිළිබඳ ප්‍රශ්නයක් විතරයි.

    ReplyDelete
Previous Post Next Post

Contact Form