බංගසාල වීදිය..

ඉඟ නලවා නුඹ එන විට
බංගසාල වීදි කොනෙන්
මං ඉන්නවා හැමදාමත්
මල් අරගෙන නුඹ බලන්න

නුඹ යනවා වෙනද වගේ
ඔරවාගෙන හරි අපුලෙන්
හිත රිදෙනවා හරියට මට
බෙහෙත් නොමැති කැක්කුම එය

අලුත්ම පිහි හරි මුවහත්
තෙවැනි හරස් පාරේ ඇති
මං ගත්තා අලුත් එකක්
හොඳට කැපෙන යසට ඇනෙන

අදත් ඉඳිමි මං හවසට
උඹ එනකම් ඇස් දල්වා
මල් පොකුරක් වෙනුවට මං
අද මවනවා රුහිරු රටා...........




1 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form