මාධව ඉස්සෙල්ලාම පරිගණකයක් අත ගෑවේ 2001 දීය! ඒ පාසලේ පුංචි ළමයින් සඳහා පැවැත්වූ පාඨමාලාවකට සහභාගී වීමෙන් ය. ඒ කාලයේ සිට මාධව වටා බැඳුනු අපූරු පුවත් නොස්තැල්ජියාවක් ලෙස හෙවත් ජීවිතයේ අතීතය හා බැඳුනු සිදුවීම් වල මතක ඇතුලත් අතීතකාමයක් ලෙස හැඳින්වීමට හැකියාව ඇත.
කෙසේ වෙතත් පරිගණක සීග්‍රෙයන් දියුණු වන යුගයක, මාධවලා එකල ඇසු දුටු දුටු කාරණා දැන් ඉන්නා පුංචි උන් දැකලා හිතලාවත් නැත. මේ කතාන්දර පරිගණක ඉතිහාසයේ එක් යුගයක කතාව ලෙස හුවා දැක්වීමට ද මාධවට හැකියාව ඇත.
මේ මාධවගේ කොම්පිටුටර නොස්තැල්ජියාවේ කතාන්දර අතුරින් කොටසක් ය!
වින්ඩෝස් 98 සහ Desktop පරිගණක
ඉස්සර තිබුනේ ගෙඩි මොනිටර හෙවත් CRT මොනිටර වන අතර මාධව 2009 ටෙක් එකට යද්දීත් එහි භාවිතා උනේ ඒවාය. පළමු වරට 2011 දී පමණ අමිල ටොමියා සමඟ එස් බී දිසානායකගේ කාර් එකේ ගිහිං ගෙනාව LCD මොනිටරය මාධව පළමු වරට භාවිතා කරපු LCD එක වන්නේය. ඒක තාමත් අර්ධ තත්වයෙන් ක්‍රියා කරමින් මාධව ළඟ ඇත්තේය.
එසේම එකල මාධව සතුව තිබුනු පරිගණකයේ තිබුනේ වින්ඩෝස් XP වන අතර ඒක අපූරු මෙහෙයුම් පද්ධතියක් විය. සිස්ටම් දැමීම නිතරම පාහේ සිදු කෙරුනේ කොහෙන් හෝ වෙරසයක් පාත් වීම නිසාවෙනි. කෙසේ වුවද පරිගණකයේ දෘඩ තැටිය 80 GB එකක් විය. ඒ පරිගණකයෙන් මාධවලා එකල ලොකු වැඩ සිදු කලෝය.
පරිගණක සඟරා
පරිගණක නැමති මුද්‍රිත සඟරාව සහ රූ නැමති සීඩී තැටියක අඩංගු සඟරාව එකල ජනප්‍රිය එකකි. පරිගණක සඟරාව තාමත් මුද්‍රණය වන අතර එයින් ලබා ගත් පුංචි පුංචි ටිප්ස් ඔස්සේ විශාල ලෙස දැනුම හොයා ගැනීමටත් පරිගණකය තුලට ප්‍රෙව්ශ වීමටත් මාධවට හැකියාව ලැබුනේය. අදටත් අහඹු ලෙස පරිගණක සඟරාව ලැබුනු විට පිටුවක් දෙකක් කියවා බලනුනේ ආසාවටත් වඩා එහි ඇති ඇතැම් ටිප්ස් අපූරු ලෙස නව මං පෙත් විවර කරන බැවිනි.
ඩේන්ජරස් ඩේව්
ඩේන්ජරස් ඩේව් මාධව ආසාවෙන් සෙල්ලම් කරන ක්‍රීඩාවක්. සම්පූර්ණයෙන් ඩොස් පාදක කරගෙන පැමිණි ක්‍රීඩාවක් වූ මෙම ඩේන්ජරස් ඩේව් දැන් වැඩිදියුණු කොට microsoft Store හි තිබෙනවා අවැසි අයට භාගත කර ගන්න. ඇත්තටම ඒක ඇබ්බැහිවන සුලු ක්‍රීඩාවක් විදියටයි මාධව දකින්න කැමති. අපූරුවට කුලික් කුලික් ශබ්ද නගමින් පැන පැන යන ඩේව් ව කුසලානය කරා රැගෙන නිරුපද්රිත්රව ගෙනියන්න උවමනයි. තවමත් මාධව ඒ ක්‍රීඩාව ආසාවෙන් ගහනවා.
හැබැයි ඩොස් වලදි දැනුන ත්‍රිල් එක නං දැන් දැනෙන්නෑ. කෙසේ වෙතත් ඒ අතීතය අපූරුයි
IGI 1 ඇතුළු පරිගණක ක්‍රීඩා
Project I am going in නොහොත් Project IGI, MAX PAYNE, ROAD RASH, DELTA FORCE ආදී පරිගණක ක්‍රීඩා මාධව ලැබුනෙ පිලිවෙලින් කොකා, සහ බක චින්තක ගෙන්. ඇත්තටම උන් දැන් ක්ෂේත්රයේ නැති උනත් ඒ කාලෙේ ඉඳන් පරිගණක වලට ඇබ්බැහි වෙලා උන්නු එවුන්. හැකි සෑම විටම මාධවගේ පරිගණකයෙන් ගේම් එකක් සෙල්ලම් කරන්න බක චින්තක පැමිණියා. පසු කලෙක මල් කොල්ලාත්, ඌට පෙර කොකාත් ඒ කටයුතු වලට සහභාගී උනා. මාධවට මතකයි කොකා සතුව තිබුනා ඌ ගහල ඉවර කරපු ගේම් වල ලැයිස්තුවකුත්. GTA Vice සිටි කියන්නෙ ඒම ගහපු අදටත් ගහන ගේම් එකක් උනාට මාධව පස්සෙ කාලෙක වඩාත් ප්‍රිය කලේ NFS Most Wanted ක්‍රීඩාවට. එතනින් පස්සෙ විවධ ඒවා සෙල්ලම් කලාට ( far cry 1 ආදී ලෙස) හිත ගිය සෙල්ලමක් ඒ අතර තිබුනෙ නෑ. පහුගිය කොවිඩ් කාලේ නිවසේ සිට රාජකාරී කරන්න සිදු උන කාලේදි මාධව මේ අතීතයේ සෙල්ලම් කල සමහර ක්‍රීඩා ආයෙම සෙල්ලම් කලා.
මේ තියෙන්නෙ ඒම අවස්ථාවක්
JET AUDIO and Win AMP සහ Windows Media Player Skins
එකල වඩාත් ජනප්‍රිය වූයේ Win AMP ය. මාධවලා ක්‍රැක් උගත්තේද ඒකෙන් ය. මාධව සතුව තිබූ ක්‍රියේටිව් සබ් වූෆරය කදිම ගැලපීමක් විය. එසේම වින් ඈම්ප් වල සහ ජෙට් ඔඩියෝ හි සංලකනය අපූරු එකක් විය. වින්ඩෝස් වල විවිධ කෙරුම් අත්හදා බැලූ මාධවලාට windows media player තීම් යනු එකල ඒ සා වූ අපූරු අත්දැකීම් ය.
පළමු වරට Ubuntu වල පහස ලැබීම
හේමාල් ගුරුමහතා විසින් මාධවලාගේ පියා වෙතට ලබා දුන් අපූරු CD තැටිය කුමක්දැයි සොයා බැලීමට කොකා සමඟ සිදු කල එක්ස්පෙරිමන්ට් එක දුර දිග ගිය අතර පළමු වරට උබන්ටු Live සීඩී එකක් ධාවනය කර බැලුවේ එදාය. එදා සිදු වුනු ඇබ්බැහිය අදටත් අතැරී නැති අතර මාධව තවමත් උබන්ටු භාවිතා කරන අතර පෙරට වඩා එහි දියුණුව හොඳින්ම අත්දැක ඇත්තේය.
මේ කියන Live CD එක ලැබෙද්දී මාධව උන්නේ 12 වසරේය. එනම් 2006 වසරය.
පළමු වරට ඉන්ටනෙට් පහස
මාධව සතුව පලමුවරට තිබූ ජංගමය වූයේ නොකියා 3110C වර්ගයේ දුරකථනය වූ අතර එයින් මාධව සෑහෙන වැඩ ගත්තේය. කොටින්ම කිව්වොත් එහි ෆයර්ෆොක්ස් පවා තිබුනේය. මුහුණු පොත යෙදුමද තිබුනේය. Nokia Symbion OS අඩංගු වූ එහ USB මගින් පරිගණකයට සම්බන්ධ කොට මාධවලා GPRS තාක්ෂණයෙන් අන්තරජාලය භාවිතා කලේ ජංගමයෙන් පිවිසෙනවාට අමතරවය. එකල දැන් සේ විවිධ පැකේජ නොතිබූ අතර පසුව ඉතා ඉක්මණින් රු 25, රු 125 ආදී මුදලකට මෙගා බයිට් සුලු ගණනාවක පැකේජ පවා ලැබුනි. එකල බොහෝ වේගයෙන් අන්තර්ජාලය ප්‍රචලිත වීමට හේතුව ලෙස මාධව දුටුවේ මුහුණු පොතේ පැතිරීමයි!
වර්තමානය
ඩොලරය අවපාත වීමත් සමඟ සිරි ලංකාවේ සියලු දේ නැවත රාවණා යුගයට යන බවක් මාධවට නං පෙනී යන්නේය.
එච්චරයි!
මම ඉස්සෙලම කම්පියුටරයක් අත ගෑවේ 1994 දි විතර...ඒ කාලේ තිබ්බෙ 286, 386, P1, P2 ,P3 පස්සෙ කාලෙක මම කොම්පුටුරයක් ගන්න කොට 1999 දි විතර .ඔය වින්ඩොස් සක්‍රීන් එක තමයි තිබ්බෙ..... සකන්ඩ් හෑන්ඩ් කම්පියුටරයක්..ගොඩක් ස්ලෝ _ Mayya
ReplyDeleteඅම්මෝ! මට අවුරුදු හයයි! අහලවත් නෑ ඒ කාලේදි! ඉස්සලේලම දකිනකොට බය හිතුනා. අහලා තිබ්බෙ ලස්ස ගානින් වටින උපකරණයක් කියලා විතරයිනේ!
Deleteමම මුලිංම කොම්පියුටරයක් අතපත ගෑවෙ 96 විතර ටෙක් ශ්‍රී ලංකා එකේදි. අපරාදෙ කියන්න බෑ ඒ කාලෙ තිබුනෙ ඩොස් විතරයි.
ReplyDeleteඩේව් වගේම ප්‍රින්ස් ඔෆ් පර්සියා කියන්නෙත් නියම ගේමක්.
පින්ස් ඔෆ් පර්සියා ඉන්ස්ටෝල් කරගන්න දන්නෑ ඒ කාලේ! ඒ නිසා ඩේව් තමා ගැහුවේ. ක්ලාස් එකේදි පලවෙනි පාරට වින්ඩෝස් 98 ඇල්ලුවාට ගෙදරට ගෙනාව එකෙ 2004දි තිබුනේ එක්ස් පී!
Delete