මගේ මුව අද්දරට

 

නුඹ ඇවිල්ලා

නතර වූ එදවස

මගේ මුව අද්දර

තෙතබරිත දෙතොලින් යුතුව!

 

මෙදවස හැන්දෑවේ

මලහිරු බසිනා විටෙක

නුඹ ඉන්නවා 

සැලෙන දෙතොලින් යුතුව 


කියන්න කෙලෙසද

අයුරු සිඳී ගිය පෙම් ගංගාව

කාලයක ඇවෑමෙන්

නුඹ මා අතර ගලා ගිය

 

සිප ගත් අයුරු

ඔය දෙතොල

මල හිරු බසින

අවසන් හැන්දෑවේදී

 

අමතක නොකර 

පපුතුර පතුලේම

තැන්පත් කර ගන්න

ඒ තෙතබරිත හාදුව

 

ඉතින් යලි කිසිදාක

නුඹ නොම ඒවි

මගේ මුව අද්දරට

තෙතබරිත දෙතොලින් යුතුව!


Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form