උබන්ටු සහ සෑම්ප් - Xampp

 
සෑම්ප් (Xampp) අවශ්‍ය වන්නේ පරිගණකය තුල PHP භාෂාව ධාවනය කිරීමට ය. නමුත් වින්ඩෝස් වල මෙන් පහසුවෙන් ස්ථාපනය කර ගැනීමට නොහැකි වීමට ඉඩ ඇති බැවින් මාධව අදඒ ගැන පුංචි ලිපියක් සම්පාදනය කරන්නේ තමන් දන්නා බව ලොවට පෙන්වීමට ඇති ආසාව නිසාමය.මේ xampp උබන්ටු වන ස්ථාපනය කරන හැටි සහ ඉන් වැඩ ගන්නා ආකාරය සම්බන්ධ ලිපිය ය. 

xampp බාගත කිරීම

What is XAMPP? | TechABU

සෑම්ප් බාගත කිරීමට නම් එහි නිල වෙබ් අඩවියට පිවිස උබන්ටු භාවිතා කරන්නන් සදහා ඇති ලිනක්ස් කොටසින් බාගත කල යුතුය. සබැඳිය පහතින් ඇත.

සබැඳිය - https://www.apachefriends.org/download.html

මෙහි දක්වා ඇති ජායාරූපයේ පරිදි ලිනක්ස් සඳහා ඇති සංස්කරණය බාගත කල යුතුය.

සෙටින්ග්ස් සැකසීම

එය බාගත වූ පසු අදාල desktop ෆෝල්ඩරයේ ඇති සෑම්ප් සඳහා අවශ්‍ය අවසර ලබා දිීම සිදු කලයුතුය. මාධවගේ එය බාගත කරනුයේ ඩෙක්ස්ටොප් මතට උවද පරිශීලකයින්ගේ විවිධ ස්ථාන වලට එය බාගත වීම සිදු විය හැකිය. 

 

එහිදී සෑම්ප් බාගත වූ පසු එය රයිට් ක්ලික් කර පර්මිෂන් ටැබ් එක තුල ඇති Allow Executing File As Program යන්න ටික් කර ඉන් ඉවත්වන්න.

ඉන්පසු එම ෆෝල්ඩරය ටර්මිනල් මගින් විවෘත කරගන්න ඒ සඳහා open as terminal භාවිතා කරන්න.  (ටර්මිනල් ගැන පෙර ලිපිය මෙතනින් ගන්න)

එහි පහත විධානට යොදා එන්ටර් බොත්තම ඔබන්න. ඉල්ලූ විට මුරපදය ලබා දෙන්න.  ඉන්පසු පහත ආකාරයට වින්ඩෝස් වලදී මෙන්ම වින්ඩෝවක් විවෘත වන අතර එහි සුපුරුදු පරිදි ඉදිරියට යන්න.

'

මඳ වේලාවකින් මෙය ස්ථාපනය වීම ඇරඹෙන අතර එය පහත පින්තූරයේ ඇත.

 

මෙය අවසන් වූ පසු පහත ආකාරයේ වින්ඩෝවක් ලැබේ. 

 


වෙනත් අත්‍යවශ්‍ය සැකසුම් සිදු කිරීම

මෙම ලිනක්ස් වල පද්ධතිය ස්ථාපනය කර ඇති දෘඩ තැටියේ හෝ අදාල දෑඩ තැටි පාටිෂන් එක තුල ෆයිල්ස් ෆෝල්ඩර්ස් නිර්මාණය කිරීමට නම් Super User  අවසරය තිබිය යුතුය. Super User යනු කවුද?

"for Knowledge - සුපර් යූසර් හෙවත් සුපරි පරිශීලකයා යනු Administrator ගිණුමක් වන අතර ඔහුට පරිගණකයේ සෑම අංශයක් කෙරෙහිම බලතල පිහිටුවා ඇත. එනයින් සුපර් යූසර් ගිණුම යනු බලවතාය."

ඉතින් මේ සුපර් යූසර් ගිණුම හරහා අවශ්‍ය සැකසුම් සිදු කරගන්නා අකාරය බලමු.

01 පළමුව ගොනු නිර්මාණය කිරීම සඳහා අවසර ලබා දීම

වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ මෙන්ම උබන්ටු වලදී ද මෙම නිර්මාණය කර වෙබ් අඩවි හෝ වෙනත් යෙදවුම් වෙබ් බ්‍රවුසරයෙන් බලා ගැනීමට //localhost භාවිතා කරනු ලැබේ. එහිදී වින්ඩෝස් වල මෙන්ම ගොනු තැන්පත් කල යුතු වන්නේ htdocs නැමති ෆෝල්ඩරයේ ය.

එය ටර්මිනල් හරහා විවෘත කර ගැනීමට පහත විධානය භාවිතා කල හැකිය.

 

විධානය සහ එයට ඉදිරියෙන් අර්ථය දක්වා ඇත.

cd /opt/lampp/htdocs - මෙයින් htdocs ෆෝල්ඩරය විවෘත කර දෙන මෙන් විධාන කර ඇත.

sudo mkdir programs - sudo යනු සුපර්යූසර් වන අතර ඔහු විසින් programs නැමති ෆෝල්ඩරය නිර්මාණය කිරීමට විධාන කර ඇත.

sudo chown -R $USER:$USER programs  - 

මෙයින් අදහස් කරනුයේ programs ෆෝල්ඩරය තුල වෙනත් ෆයිල්ස් සහ ෆෝල්ඩර්ස් සැකසීම සහ අනෙකුත් ඒ සම්බන්ධ කටයුතු උදෙසා සුපිරි යූසර්වරයා විසින් අවසර ලබා දෙන බවයි. මෙය සිදු නොකලහොත් මෙම htdocs වල ගොනු නිර්මාණය කිරීමට අවසර නොමැත.

දැන් මූලික කටයුතු සූදානම් ය.

අපාචි සර්වර්ය සහ අනිකුත් පහසුකම් පණගැන්වීම

 

sudo /opt/lampp/./manager-linux-x64.run මගින් ඉහත පින්තූරයේ පරිදි සෑම්ප් විවෘත කර ගත හැකිය. 

 

 ඉන්පසු Manage Servers ගොස් Start All ලබා දීමෙන් සියලු පහසුකම් පණ ගැන්වේ. 

  1. Apache web server  - මෙමගින් පරිගණකයේ නිර්මාණය කරන යෙදවුම් දියත් කිරීමට සහ php පරිගණක භාෂාව ධාවනය වීමට අවශ්‍ය පහසුකම් නිර්මාණය කරයි.
  2. MySql Database - අවශ්‍ය විටෙක දත්ත පද්ධති නිර්මාණය කර ගැනීම සඳහා පහසුකම් ලබා දී ඇත. 

සියල්ල සාර්ථකව සිදු වූයේ නම් පහත රූපයේ පරිදි සියලූම පහසුකම් කොල පාටින් දිස්වී ධාවනය වනු ඇත.

 

windows මෙහෙයුම් පද්ධති වලදී නම් ලැබෙනුයේ පහත පරිදි window එකක්ය.

 How to install XAMPP on Windows ? - GeeksforGeeks

පරීක්ෂාව

සියල්ල නිවැරදි නම් ධාවනය කර පරීක්ෂා කර බැලිය යුතුය. මේවා සියල්ල සිදු කල යුත්තේ සෑම්ප් ස්ථාපනය කිරීමේදී පමණකි. ඉන්පසු මෙම සැකසුම් අවශ්‍ය නැත. අවැසි විටෙක මෙම apache server, My SQL වැනි පහසුකම් නවතා දැමීම සහ ආරම්භ කිරීමට පරිශීලකයාට අවස්ථාව ඇත.

apache server පරීක්ෂාව - 

ඒ සඳහා ඔබගේ පරිගණකයේ ඇති බ්‍රවුසරය තුල පහත පරිදි ලිපිනය යොදන්න. වින්ඩෝස් වලදී https:// යෙදීම අත්‍යවශ්‍ය නැති නමුත් මෙම උබන්ටු වලදී බොහෝ විට එය යෙදීම අවශ්‍ය වේ.

https://localhost/dashboard

apache server සාර්ථකව ධාවනය වේ නම් මෙවැනි පිටුවක් දිස්වේ.

MySql server පරීක්ෂාව - 

https://localhost/phpmyadmin/ ලිපිනය යෙදීමෙන් පසු පහත ආකාරයට පිටුවක් ලැබේ නම් My Sql ද නිවැරදිව ධාවනය වන අතර දැන් මෙම සෑම්ප් නිවැරදිව ස්ථාපනය වී ඇත.


පළමු වැඩසටහන ධාවනය කිරීම

පළමු වැඩසටහන මාධව නිර්මාණය කලේ index.php නමැති ගොනුවක් htdocs හි programs නැමති ෆෝල්ඩරය තුලය.

Visual Studio Code මගින් මාධව මෙසේ පළමු php වැඩසටහන නිර්මාණය කරන ලදී.

 

<?php
    echo ("welcome to php in ubuntu");
?>

දැන් එය බ්‍රවුසරය හරහා ධාවනය කර බැලීමේදී පහත ආකාරයට ලැබේ නම් සාර්ථකව php භාෂාව ධාවනය වන අතර ඉදිරියේදී වැඩසටහන් හා වෙබ් යෙදවුම් සංවර්ධන කටයුතු සඳහා පරිගණකය සූදානම්ව ඇත.

https://localhost/programs/index.php


සාරාංශය 

PHP with MySQL | Skill Development Courses

php පරිගණක භාෂාව සමඟ mysql දත්ත පද්ධති එක්කාසු කොට නිර්මාණය කරන යෙදවුම් බොහෝ සේ නිර්මාණය කෙරේ. විවිධ ආකාරයේ frameworks මෙම මෘදුකාංග සංවර්ධන ක්ෂේත්‍රයේ බිහිවී තිබුනද මෙම php සහ mysql අතර සබඳතාව තවමත් එසේමය. මාධව මෙය උගත්තේ 2010 තරම් වූ ඈත කාලයක වුවද කාලයෙන් කාලයට පැමිණ නැති වී යන frameworks හමුවේ වුවද මෙම php සහ my Sql පාදක කොට නිර්මාණය කරන යෙදවුම් තවමත් නිර්මාණය කරන අතර භාවිතා ද කෙරේ. එබැවින් මේවා ඉගෙනීම අපතේ නොයන කාරණාවක් වනු ඇත.

php සහ My Sql සම්බන්ධව පාඩම් මාලාවක් මාධව අතින් ඉදිරියේදී ලියවීමට බොහෝ සෙයින් ඉඩ ද ඇත.

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form