මිහිදුම වැකි
කබරගල ශිඛරය
මුල විසිරුණු
නුඹේ කැබැලිති
සිහිනයෙන් විත්
කියාපාවී මැදියමේ
උඹේ හිත් පොඩි
බිඳපු හැටි ගැන
කියාපාවී මැදියමේ
උඹේ හිත් පොඩි
බිඳපු හැටි ගැන
වේදනයි නෙව
හුගක් ඔය හිතට
මියැදිලා වත් නොමැත
සැනසීම සොඳුරියට
ඇවිලුනා වාදයක්
කඳු ශිඛර මුදුනේ
දැල්වුවා හිතේ ගිනි
මීදුමක් මැද්දේ
මදිවුනා කඳුලු බිඳු
නිවන්නට ලසෝගිනි
නැතිවුනා සිනහවන්
හඩනගයි ඉකිබිඳුම්
පුංචි පා පොඩි ඉතින්
දිවගියා හනි හනික
සුලං රැලි ඉරාගෙන
පැන්නෙ ඇයි නුඹ සොඳුර
ඉවසුවා නම් බිඳක්
ඇත්ත දැනගන්නතෙක්
දැනගත්තු දාට නුඹ
සිනාහවෙයි කප්පරක්
ගැස්සිලා ඇහැරෙනා
සිහිනයකි හැමදාම
කියනවා නුඹ ඇවිත්
"දුෂ්ඨයා" උඹ තාම!
පාලුයිද තාමත්
නොවැලලුනු ශරීරෙට
රහස නොම දන්නා
පුංචි සුරඟන නුඹට!