canva පිලිබඳව මාධව මීට පෙරද ලිපියක කෙටි හැඳින්වීමක් ලියා ඇත. මේ ලිපියෙන් ඒ ගැන වැඩිදුර විස්තර ටිකක් කියන්ට යන්නේය. මාර්ගගත සේවා භාවිතා කිරීම ප්‍රචලිත කල යුතු සමයක් නිසා මාධව වැඩි වැඩියෙන් තාක්ෂණික ලිපි ලියනුයේ ඒවා ගැන විය හැකිය.
මේ Canva ගැන දෙවැනි ලිපිය ය.
Canva භාවිතා කිරීමට නම් ඔබට කැනාවා පිලිබඳව අවබෝධය තිබුනාටම මදිය. නිර්මාණාත්මකව කාර්යයන් කිරීමේ කලා හැකියාව ද අත්‍යවශ්‍ය වේ. එනයින් කලාව ඇගේ ඇති උන්ට මෙන්ම උගෙන ගන්නා අයවලුන්ට ද මේ Canva අපූරු වෙබ් අඩවියක් ය.
Canva සහ Canva Pro යනුවෙන් අවස්ථා දෙකක් ඇති අතර Canva Pro යනු මිලදී ගත යුතු පහසුකම් රැසකින් යුතු ගිණුම වන අතර Canva හි ගිණුම නොමිලේ ලබා දෙන නමුත් පහසුකම් සීමිත වේ. එසේ වුවද දක්ෂයෙක් සඳහා අවශ්‍ය බොහෝ පහසුකම් එහි නොමිලේ ලබා දී ඇත. දැනගත යුතු ප්‍රධාන කාරණාව වන්නේ මෙය අන්තර්ජාලය මත පදනම් නිසා ඔබගේ නිර්මාණය සෑම විටම ඔවුන්ගේ පද්ධතියේ තැන්පත් වන අතර අවශ්‍ය විටෙක සම්පූර්ණ කල නිර්මාණය බාගත කල හැකිය.
මෙහි සිදු කල හැකි නිර්මාණ වලට සීමාවක් නැති බව මාධවගේ අදහසයි. විවිධ පෙර සැකසුම් ලබා දී තිබුනද ඒවා නැතිව අමුවෙන්ම කැන්වසය මත අඳින්නා සේ නිර්මාණ කරීමට ද අවකාශ ලබා දී තිබේ.
Canvaවලින් කල හැකි දේ
පළමුව Canva වලින් සිදු කල හැකි දේවල් කිහිපයක් සලකා බැලිය හැකිය
- වදන් සැකසුම් - ලිපි, රචනා සහ එවැනි typesettings ආශ්‍රිත කටයුතු
- පෝස්ටර් නිර්මාණය - බැනර්, පෝස්ටර්, අත් පත්‍රිකා, ආදී.....
- අයදුම් පත්‍ර / CV / Resume නිර්මාණය
- පොත් කවර සහ සඟරා කවර ආදී නිර්මාණ / ආරාධනා පත්‍ර
- Presentations - කදා - ඉදිරිපත්කිරීම් / Slides
- ජායාරූප සංස්කරණය ආශ්‍රිත කටයුතු
- ලෝගෝ නිර්මාණය
- කැලැන්ඩර් නිර්මාණය
- වෙබ් අඩවි සහ මෘදුකාංග සඳහා පෙනුම නිර්මාණය
නිර්මාණාත්මක හැකියාවන් ඇති අයට මෙයින් එයාට ගොස් අපූරු නිර්මාණ සිදු කර ගත හැකියාව ඇත.
Canva වලට පිවිසීම සහ ගිණුම නිර්මාණය කර ගැනීම
https://www.canva.com/ ලිපිනයෙන් මෙම වෙබ් අඩවියට පිවිසීමට හැකියාව ඇත. ඉන්පසු Sign up වෙත ගොස් අදාල විස්තර ලබා දී ඔබගේ ගිණුම නිර්මාණය කර ගත හැකිය. වඩාත් පහසු වන්නේ ඔබගේ gmail සමඟ ගිණුම නිර්මාණය කිරීමය.