Happy Birthday Google!

 

ගූගල් ට අද වන විට වසර 25කි. ඒක අපූරුය. මීට  වසර 25 කට පෙර යන්තම් මේල් ටිකක් යැවීමට හැකියාව ලබා දුන් 15GB  මේල් සර්වර්යක් සමග සෙවුම් යන්ත්‍රයක් ලබා දුන් ගූගල් අද ඉන්නේ කොතරම් ඉදිරියෙන්ද?

මාධව මීට පෙරද ගූගල් පිලිබඳව සහ ගූගල් ගැන ලිපියක් ලිව්වේය. මේ තියෙන්නේ ඒකය.

ගූගල් ගැන කතාන්දර

ඉතින් මේ කියන්නට යන්නේ දිග කතාවක් නොවේය. ගූගල් වර්තමානයේ ඇති තැන ගැන පුංචි කතා ටිකක්ය.

sundar pichai මේ වන විටත් ගූගල් හි CEO  තනතුර දරන පුද්ගලයාය. 

 

ඇන්ඩ්‍රොයිඩ ජංගම දුරකථන මෙහෙයුම් පද්ධතියේ ලොකු වැඩකොටසක් සිදු කරනුයේ ගූගල් විසිනි.


youtube යනු ගූගල්ගේ ජනප්‍රියම වෙබ් අඩවියකි. එහි දිනකට මිලියන ගණන් වීඩියෝස් නැරඹීම් සිදුවනු ඇත. දැන් එහි මුදල් ගෙවා මිලදී ගත යුතු වෙලඳ දැන්වීම් දිස් නොවන යෙදුමක්ද ඇත.

50 million

 

google ප්ලස් යනු facebook සමඟ තරඟ කිරීමට ගූගල් විසින් නිර්මාණය කල යෙදුම වූ අතර එය April 2, 2019 දින වසා දමන ලද්දේ අසාර්ථකත්වය නිසාවෙනි.

Google+ - Wikipedia

මාර්ගගතව වැඩ කල හැකි Google Office package (Docs, Sheets, Slides) සහ Google Forms, Google Drive වැනි අතිශය ජනප්‍රිය පහසුකම් සමඟ අතීතයේ සිට ආ Gmail සමඟ එක්කාසු කර ඇති අතර ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථනය සෘජුවම  google හා බැඳී ඇති හෙයින් පරිශීලකයින් උදෙසා මහඟු සේවයක් ගූගල් මගින් ඉටු වන බව මාධවගේ මතයයි.

 

මූල්‍ය තත්වය  -

 

ඉහත කී ආකාරයේ සේවාවන් රැසක් පරිශීලකයින්ට ලබා දෙන ගූගල්හි වර්තමාන වටිනාකම $1,359 billion වන අතර Alphabet සමාගම එහි හිමිකාරීත්වය දරන අතර දිනක ආදායම ඩොලර් මිලියන පනහ ඉක්මවන බව ගණන් බලා ඇත.

GPRS වලින් මාධවලා අතීතයේ අන්තර්ජාලයට පිවිසීමේදී ගූගල් සෙවුම් යන්ත්‍රය භාවිතා කල අතර එදා සිට අද දක්වාද පහසුවෙන් එහි ප්‍රයෝජන ලබා ගනී. එම සෙවුම් යන්ත්‍රයේ සාර්ථකත්වය මත පදනම් වෙමින් විවිධ දෑ සමඟ නව්‍යකරණය වෙමින් දිගු ගමනක් පැමිණි ගූගල් සැබැවින්ම තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ සිදු කර ඇති විප්ලවය සුලු පටු එකක් නොවන්නේය. එය තවමත් සංවර්ධනය වන්නේය. මේ කී කරුණු මෙන්ම නොකී කරුණුද බොහෝ ඇති බැවින් මේ ලිපිය මෙතනින් නවතා දමන අතර ගූගල්ට සුභ පැතීම අනිවාර්යයෙන්ම සිදු කල යුතු වන්නේය.

ඉතින් Happy Birthday Google!

#google

මාධවගේ කතා වෙතින් සුභපැතුම් එක්කරන්නේ මෙසේය......!

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form