Google ගැන කතාන්දර

අම්මා අප්පා ගැන දන්නවාටත් වඩා හොදට අද කාලයේ මිනිසුන් Google ගැන දන්නේය.  එය යහපත් තත්වයක්ය. මාධව අද කියන්නට යන්නේ Google ගැන කතාන්දර ටිකක්ය. මිනිස්සුන්ට සේවා නොමිලේ ලබා දෙමින් ගූගල් එන්නේ මොකාටද කියාද මාධව සිතන්නේය. නොමිලේ ලබා දෙන පහසුකම් සහ සේවා ආවාට ගියාට නොව හොඳින් පරිශීලනය කිරීමේ අවස්ථාව පරිශීලකයාට ලබා දෙන ගූගල් ලංකාවෙන් පමණක් ඒක්කාසු කරන් තිබෙන්නා වූ පින් කන්දරාව සුලු පටු නොවන්නේය. ඒ හා සමානවම ලාංකිකයින් තමන් සතු තොරතුරු සෑහෙන කන්දරාවක් මේ ගූගල් සර්වර වලට පූජා කරලාය. ඒ අස්සේ සෙක්ස් - Sex සොයා පළමු තැනද ගන්නේ ලංකාවේ උන්ය. ජය වේවාය. ඒම හරි ලෝකය ජය ගැනීම ගුණදායක ය. වැඩදායක ය!

ඉතා පහසුවෙන් සකසා ගත හැකි නොමිලේ ලබා දෙන විද්‍යුත් ලිපිනය භාවිතයෙන් මනා ලෙස ඉදිරිපත් කරනා සේවා රැසක්  මුදල් ගෙවීමකින් තොරව අන්තර්ජාල සබඳතාවය සහ ස්මාර්ට් උපකරණයක්  පමණක් ඇත්තෙකුට පරිශීලනය කිරීමට හැකි වීම මෙම ගූගල් සේවා වල විශේෂත්වයයි. කුමක් දෝ නිසාවෙන් මුල් කාලයේදී “යා හූ  - yahoo” සමග තරඟයක සිටි Google අවසානයේ ජයගෙන ඇති බව මාධවගේ මතයයි. 

මක් නිසාද යත් Google විසින් ලබා දෙන සේවා අසලටවත් පැමිණීමට අද වන විට “යා හූ  - yahoo” සමාගමට නොහැකි බව ඔප්පු වී ඇති නිසාය. ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය සහිතව පැමිණි දුරකථන නිසාම ගූගල් සමාගමට ලැබුනු ප්‍රසිද්ධිය සහ අනෙකුත් තත්වයන් සුලු පටු නැත. ඔවුන් ඇල්ලූ නිලය පරිශීලකයාට දැනෙන්නම ඇල්ලූ මිරිකූ එකක් වූ බව මාධව කියන්නේය. ඇපල් සමාගමේ දුරකථන මිලට ගැනීමට නොහැකි මිනිසුන්ට ස්මාට් දුරකථනයක හිමිකාරීත්වය ලැබීමට සහ සමාජ තත්වය උසස් කර ගැනීමටද (දුරකථන පඩ ෂෝ) හැකියාව ලැබී ඇත්තේද ගූගල් විසින් සිදු කල විප්ලවීය කටයුත්ත නිසාය. එමගින් ගොඩ ගිය සැම්සුන්ග් වැනි ජංගම දුරකථන සමාගම් අද ලෝකය සොලවා සිටින්නේය. ජනේලය (වින්ඩෝස් - ලුමියා මෙහෙයුම් පද්ධතිය ) එක්ක නැගිටින්න ගොස් කෙලින් කටින් ඉන්න බැරිව බිමටම සමතලා උනු නෝකියා නම් කාලයක් දුරකථන ලොවේ යෝදයා ද අද ඇන්ඩ්‍රොයිඩ් පිහිටෙන් මාර ගේමක් දී ඉහලට එන්නේය. අනික් දුරකථන හා කරට කර ඉන්නේය. එනයින් ගූගල් කරපු ඒ දේ ලේසි දෙයක් නොවන බව කාට කාටත් පැහැදිලි විය යුතුය. 

හැබැයි මේවා අත පිසදාගෙන නිකන් ඉන්න කරන ඒවා නොවන්නේය.  

කෙසේ වුවත් මාධව මෙම ලිපියෙන් කියන්නට යන්නේ ගූගල් සේවා පිළිබදවය. දෙවනුව අනික් කතාන්දර වලටය. 

ඉතින් ගූගල් අඩවියට යාම සඳහා www.google.com ලිපිනය භාවිතා වන බව කවුරුත් දන්නේය. ඒ ලිපිනයෙන් පිවිසෙන්නේ ගූගල් සෙවුම් යන්ත්‍රය වෙතටය.   

 

 

@gmail ඩොමේන් සහිතව ඔබටත් විද්‍යුත් ලිපිනයක් ඒසේත් නැතිනම් ජී මේල් ලිපිනයක් තිබේ නම් ගූගල් සේවා බොහොමයක පරිශීලක තත්වයන් ඔබට නොමිලේම හිමිවන්නේය. 

අද භාවිතා වන ඇන්ඩ්‍රොයිඩ් සහිත දුරකථනයක හිමිකරුවෙක් නම් අනිවාර්යයෙන්ම ජී මේල් ලිපිනයක් අවශ්‍ය බැවින් ජීමේල් වලට ලැබී ඇති ඉල්ලුම සුලු පටු නොවන්නේය.

කෙසේ වුවත් ජී මේලය සාදා ගත් සැනින් ඔබට ගූගල්  පහත සඳහන් සේවාවන් නොමිලේම යම් යම් සීමා සහිතව හිමි වන්නේය.

  1. ජී මේල්  - gmail  - 15 GB ඉඩක් සහිතව විද්‍යුත් ලිපිනයක්  - ඔබට අවශ්‍ය සියලූම විද්‍යුත් ලිපි යැවීම්, ‌ගෙන්වා ගැනීම්, ලැබුනු ලිපි පරීක්ෂා කොට පිළිතුරු සැපයීම් සහ වෘත්තීය ලෙස විද්‍යුත් ලිපි ගනුදෙනු කිරීම දක්වාම කටයුතු සිදු කර ගත හැකිය.  

     

     


  1. Google drive -  ගූගල් මේඝයෙන් ඉඩක් (15 GB) -  පරිශීලකයාගේ  තොරතුරු ඇතුලත් ලිපිගොනු, ජායා රූප, වෙනත් පරිඝණක ගත කරන ලද තොරතුරු ආදී දෑ මෙහි තැන්පත් කල හැකිය. අන්තර් ජාල සම්බන්ධතාවය සහ ස්මාට් උපකරණයක් ඔබ සතුව තිබේ නම් ලෝකයේ ඔනෑම ස්ථානයක සිට මෙම Google drive හි පහසුකම් ලබා ගැනීමට හැකියාව ඇත. Google drive මගින් සිදු කර ගත හැකි කටයුතු සම්බන්ධව වෙනමම ලිපියක් ලිවීමට මාධව බලාපොරොත්තු වන්නේය.

     File:Google Drive icon (2020).svg - Wikimedia Commons

     


  1. Youtube Account – youtube වීඩියෝ වෙබ් පිටුවේ ගිණුමක්  - ඔබට අවශය වූ විටක ඔබ විසින් සැකසූ හෝ කැමරා මගින් ලබා ගත් වීඩියෝ දර්ශන අන්තර්ජාලයට ඒක් කිරීමට ‌සහ අන්තර්ජාලයෙන් මුදල් සෙවීමේ කටයුතු සඳහා මෙන්ම විනෝදාස්වාදය සහ අධ්‍යාපනික කටයුතු උදෙසා මෙම Youtube වෙබ් අඩවිය භාවිතා කල හැකිය. ඔබ සතුව ජී මේලයක් තිබේ නම් ඔබට Youtube හි ගිණුමක් නිතැනින්ම හිමි වේ. වර්තමානයේදී වෙලඳ දැන්වීම් පෙන්වීමෙන් තොර මුදල් ගෙවා ලබා ගැනීමේ සංස්කරණයක්ද ඇත. එමෙන්ම ළමුන් සඳහා youtube Kids ඇත.

    YouTube Brand Resources and Guidelines - How YouTube Works
    YouTube Icon

     

     

    YouTube Kids - Apps on Google Play
    YouTube Kids Icon

     


  1. Google Office facilities -  ගූගල් විසින් නිර්මාණය කරන ලද online office පැකේජය භාවිතා කිරීමේ හැකියාව  - මුදල් ගෙවා ලබා ගැනීමට නොහැකි වූ විට සහ පරිඝණකයේ office පැකේජයක් නොමැති විට ක්ෂණික විසඳුම වන්නේ ගූගල් office ය. අන්තර් ජාල සම්බන්ධතාවය සහ ස්මාට් උපකරණයක් ඔබ සතුව තිබේ නම් මෙම පහසුකම් පරිශීලනය කිරීමට ඔබට අවස්ථාව හිමිවන අතර මුදල් ගෙවා හෝ නොමිලේ ලබා දෙන විවෘත මෘදුකාංග මෙන්ම පහසුවෙන් සිය කාර්යාලයේ ලිපිගොනු කටයුතු සිදු කර ගැනීමට මෙම පහසුකම් ප්‍රමාණවත්ය. මේ පිළිබඳවද මාධව ඉදිරියේදී ලිපියක් ලිවීමට  බලාපොරොත්තු වන්නේය. 

     

    Google Slides Icon #235738 - Free Icons Library 



  1. Google maps and Street view facilities  -  ගූගල් සිතියම්  සහ වීදි සංචරණය නැමැති පහසුකම් - ලෝකයේ බොහෝ ස්ථාන වල පිහිටීම සිතියම් මගින් බලා ගැනීමට ඇති හැකියාව මෙන්ම, ගමන් මාර්ගයන් සොයා ගැනීම මෙමගින් සිදු කර ගත හැකිය.  ලංකාවේද ඉතා සාර්ථකව භාවිතා වේ. සම්පූර්ණයෙන්ම නොමිලේය. ඔබට වැය යන්නේ ඩේටා කාඩ් ඒකක වියදම පමණක්ය.

     

    Google maps - Free social media icons 


  1. ගූගල් සම්බන්ධතා - google contacts - පරිශීලකයාගේ  ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයේ හෝ වෙනත් ස්මාට් උපකරණයක ඇති සම්බන්ධතා  (දුරකථන අංක, විද්‍යුත් ලිපින තහ අනෙකුත්) මෙහි තැන්පත් කල හැකි අතර පරිශීලකයාගේ  උපකරණයට හානි වූ පසුද මෙම දත්ත ලබා ගැනීමේ පහසුව පවතී. අවශ්‍ය වන්නේ ජී මේලය පමණි. 

     

    File:Google Contacts icon.svg - Wikimedia Commons 


  1. Google translate  -  ගූගල් පරිවර්තකය  - මෙමගින් ලෝකයේ ඇති බොහෝ භාෂා අතර පරිවර්තනය හැකි පමණ සාර්ථකව සිදු කර ගැනීමේ හැකියාව ඇත. නිරවද්‍ය තාව පිළිබදව ගැටලු ඇතත් බොහෝ විට 80%කට එහා ගිය නිරවද්‍යතාවක් ඇතැයි මාධව සිතන්නේය. වර්තමානයේදී ඔබ සතු Word excel වැනි ගොනුවක් උඩුගත කර විනාඩි කිහිපයකින් ආපසු එම ගොනුවේ පරිවර්තනය කල පිටපත භාගත කර ගැනීමට ද අවස්ථාව ඇත.

    File:Google Translate Icon.png - Wikimedia Commons 



  1. ගූගල් දිනපොත සහ කැලැන්ඩරය  - google calander  - පරිශීලකයාගේ   දින සටහන් තබා ගැනීමට සහ දින කළමණාකරණය කර ගැනීමට භාවිතා කර හැකිය. අදාල දිනයට හිමි ඔබගේ කටයුතු ඔබට අවශ්‍ය ස්මාට් උපකරණය වෙත ලබා ගැනීමටද පහසුකම් ඇත.

    File:Google Calendar icon (2020).svg - Wikimedia Commons 


  1. Google App store  - google Play -  ගූගල්  මෘදුකාංග  ගබඩාව / වෙළදපොල  පරිශීලනය කිරීමේ හැකියාව - ඇන්ඩ්‍රොයිඩ් ස්මාට් උපකරණ සඳහා මෘදුකාංග , ක්‍රීඩා ආදිය ලබා ගැනීමට ගූගල් විසින් ඉදිරිපත් කර ඇති වේදිකාව මෙය වන්නේය. ඔබගේ ජී මේලය භාවිතයෙන් මෙයට ප්‍රවේශ වී නොමිලේ ලබා දෙන ක්‍රීඩා සහ මෘදුකාංග - (apps)  බා ගත කිරීමට අවකාශය ඇත. ඒමෙන්ම හැකියාව තිබේ නම් මුදල් ගෙවා ලබා ගැනීමට චිත්‍රපට සහ ක්‍රීඩා පවා මෙහි අඩංගු වේ. 

     google play store icon logo symbol 22613026 PNG

     

    Google Play Store logo, Google Play App Store Android, wallets, text,  label, logo png | PNGWing 


ඉතින් ගූගල් ගැන මාධව විසින් ලියූ පළමු ලිපිය මෙතනින් අවසන් ය. ගූගල් පිලිබඳව ලියන තවත් ලිපි ඉදිරියේදී මාධවගේ කතා තුල පල කෙරෙනු ඇත. 

ඉතිම් ඔබ සැමට ජය වේවාය!

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form