Canava සහ එවැනි දෑ ගැන කතන්දරය


 

පරිගණක ආශ්‍රිත ග්‍රැෆික් නිරමාණකරණය අතිශය ජනප්‍රිය සහ රැකියා බහුල ක්ෂේත්‍රයක් ය. එහිදී වෘත්තීයවේදීන් සඳහා වර්තමානයේදී විවිධ ආකාරයේ ග්‍රැෆික් නිර්මාණකරණයට අවශ්‍ය යෙදවුම් බොහෝ ඇත.

මේ කියන්නට යන්නේ එවැනි මාර්ගගත යෙදවුම් පිලිබඳව ය. 


පළමුව කිව යුත්තේ මේවා සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දෙන පහසුකම් නොවන බවත් සාමාන්‍ය තත්වයේ පහසුකම් නොමිලේ ලැබෙන බවත් වැඩිදියුණු කල පහසුකම් ලැබෙනුයේ අදාල මිලදී ගන්නා පැකේජය අනුව බවත්ය.

එසේම හොඳ අන්තර්ජාල පහසුකම් ඇති පරිගණකයක් මෙම කටයුතු සඳහා ප්‍රමාණවත් වන්නේය.

ග්‍රැෆික් නිර්මාණකරනයේදී නිර්මාණශිල්පියාට අවශ්‍ය ආකාරයේ තොරාගැනීම් වලට මෙම යෙදවුම් වල ඉඩ ලබා දී ඇති අතර එමගින් නිර්මාණශිල්පියාට කටයුතු පහසු කරයි.

එනම් නිර්මාණය කරන නිර්මාණය කුමන කටයුත්තක් සඳහාද (ඉදිරිපත් කිරීමක්, ලෝගෝවක්, බිලක්, දැනුම්දීමක් හෙවත් දැන්වීමක් ආදී....) යන්න තේරීමෙන් ඔහුට අවශය පරිදි මුදල් ගෙවා හෝ නොමිලේ හෝ ලබා ගැනීමට සාම්පල් දහස් ගණනින් ඇත.

එසේම වෙබ් අඩවි සඳහා අතුරු මුහුණත්, යෙදවුම් සඳහා අතුරු මුහුණත් නිර්මාණය සඳහා ද අවස්ථාව ලබා දී ඇත. එසේම සිත්ගන්නා සුළු අයුරින් ඉදිරිපත් කිරීම් නිර්මාණය කර ගැනීමට, පිට කවර ආදිය නිර්මාණය කිරීමට ද මෙම යෙදවුම් වල අවස්ථාවන් ඉදිරිපත් කර ඇති අතර ලැබෙන පහසුකම් නිසා ඉතා සීග්‍රයෙන් මෙම යෙදවුම් ජනප්‍රිය වෙමින් පවතී.

මෙවායේ විශේෂත්වය වනුයේ අන්තර්ජාල පහසුකම් තිබේ නම් කාර්යසූරත්වය අඩු පරිගණක වලදී පවා ඉතා උසස් තත්වයේ නිර්මාණසිදු කර ගැනීමේ හැකියාව තිබීමයි. එසේම බ්‍රවුසරය හරහා මෙම යෙදවුම් භාවිතා වන නිසාත්, පරිගණකයට කිසිදු මෘදුකාංගයක් ස්ථාපනය කිරීම අනවශ්‍ය නිසාත් සැබැවින්ම පරිගණකයට අනවශ්‍ය බරක් යෙදීමෙන් තොරව නිර්මාණකරණයේ යෙදීමට හැකිවීම ඉතා ඉහල අවස්ථාවකි.එසේම මගපෙන්වීම් සහ උපකාර ඇත. තවද නවකයින්ට සහ ග්‍රැෆික් කරණය සිදු නොකරන පරිශීලකයින්ට පවා වෘත්තීය මට්ටමේ නිර්මාණයන් සිදු කර ගැනීමට හැකි වීම අගනා කරුණක් බව මාධව ප්‍රකාශ කරන්නේ සතුටිනි.

පහත දැක්වෙන්නේ මාර්ගගතව ඉතා ආකර්ශනීය ලෙස ග්‍රැෆික් නිර්මාණ සිදු කල හැකි වෙබ් අඩවි සහ යෙදවුම් කීපයකි.

Canava


වර්තමානයේ අතිශය ප්‍රසිද්ධ මාර්ගගත ග්‍රැෆික් නිර්මාණය සඳහා ඉඩ සලසන වෙබ් අඩවියක් වන අතර ඔස්ට්‍රෙිලියාව ප්‍රධාන මධ්‍යස්ථානය කර ගනිමින් බිහිවී ඇත. එසේම බොහෝ සාම්පල් අඩංගු වන අතර ඔබගේ නිර්මාණයන් උඩුගත කල හැකිය. 

ලබා දෙන පහසුකම් අතර 

  •     ඉදිරිපත් කිරීම් නිර්මාණය
  •     ආකර්ශණීය දැන්වීම් නිර්මාණය
  •     පසුතලයන් ඉවත් කිරීම 
  •     චලන රූප (Animation) නිර්මාණය

            ආදී අවස්ථාවන් දැක්වීමට හැකිය

එසේම මෙහිදී මිලදී ගැනීමකින් තොරව යම් යම් සීමාවන්ට යටත්ව නිර්මාණකරණයේ යෙදීමේ පැකේජයක් සමඟ සම්පූර්ණ පහසුකම් සහිත නිර්මාණකරණයේ යෙදීමේ පැකේජයක් අඩංගු වේ.

මෙහිදී අනිවාර්යය කරුණ වනුය් ඔබට මෙහි පරිශීලක ගිණුමක් නිර්මාණය කර ගත යුතු වීම ය.

https://www.canva.com/

Using canva for various library purposes | MAHESH PALAMUTTATH

 

ආරම්භය - 2012 වසරේදීය

 

Adobe Express

 Social media software and apps | Adobe

Canava වෙනුවට භාවිතා කල හැකි අපූරු යෙදවුම් සහිත වෙබ් අඩවියක් වන අතර බොහෝ පහසුකම් අඩංගු ය.මෙහිදීද මාර්ගගත ගිණුමක් ඔබගේ විද්‍යුත් ලිපිනය භාවිතයෙන් නිර්මාණය කර ගැනීමෙන් පසු නොමිලේ භාවිතා කිරීමට පහසුකම් සැලසේ. මෙහිදී ලබා දෙන පහසුකම් අතර ඉහල තත්වයේ ග්‍රැෆික් නිර්මාණ සකසා ගැනීම, ලෝගෝ සැකසීම, ජායාරූප සංස්කරණය ආදී ලක්ෂණ ජනප්‍රිය ය.එසේම පසුතලයන් ඉවත් කිරීම ආදියද ලබා දේ.

https://new.express.adobe.com/sp/

Adobe launches Creative Cloud Express, an update to Adobe Spark | TechCrunch

 

Visme

Visme Desktop App for Mac and PC - WebCatalog

මෙම Visme නැමති යෙදුම ජනප්‍රිය වී ඇත්තේ ඉදිරිපත් කිරීම් නිර්මාණය කිරීමට ය. ඉතා අපූරු සහ වෘත්තීය මට්ටමේ ඉදිරිපත් කිරීම් මෙන්ම, වීඩියෝ නිර්මාණ, අලෙවිකරණය සඳහා අවශ්‍ය අත් දැන්වීම් සහ තොරතුරු පත්‍රිකා නිර්මාණයට මනා පහසුකම් මෙහි ලබාදී ඇත. නොමිලේ ලබා දෙන සංස්කරණයේ මාසයකට ව්‍යාපෘති 05ක් සිදු කිරීමට අවශ්‍ය පහසුකම් ලබා දෙන අතර සාම්පල ඉතා විශාල ප්‍රමාණයක් අඩංගුවී ඇති යෙදුමකි.

https://www.visme.co/


Visme Interface: Presentation


Stencil

Stencil | Facebook

ඉතා ඉහල තත්වයේ නිර්මාණ සිදු කිරීමටඅවශ්‍ය පහසුකම් රැසක් අඩංගු වර්තමානයේ ජනප්‍රියතම යෙදුමක් වන අතර ඔබගේ නිර්මාණ ඉතා ඉහල තත්වයේ මුද්‍රණ කටයුතු සඳහාද සුදුසු පරිදි බාග. කර ගැනීමට අවකාශ ලබා දී තිබීම ඉතා හොඳ ය. සාම්පල් ගණනාවක් අඩංගු මෙම Stencil යෙදුමේ නොමිලේ දෙන සංස්කරණයේ මසකට ව්‍යාපෘති 05කට නොඅඩු සංඛ්‍යාවක් ඉටු කර ගත හැකිය.

මෙහි අතුරුමුහුණත Canava සමඟ බොහෝ සමානකම් දක්නට ඇති අතර මෙහිදීද පරිශීලකයාට ගිණුමක් නිර්මාණය කර ගත යුතු වන්නේය.


https://getstencil.com/ 

How To Use Stencil App To Create Custom Images and Graphics (2023)


Snappa

Snappa - Best Content Creation Apps 2022 

මාර්ගගත ගිණුමක් නිර්මාණය කර ගැනීමෙන් පසු මෙම  snappa වෙත පිවිස දහස් ගණනක් වූ ජායාරූප සහ ග්‍රැෆික් රූපක තෝරා ගැනීමට අවකාශ ඇති මෙම snappa හි අපූරු නිර්මාණයන් සිදු කර ගැනීමට අවස්ථාව ලබා දී ඇත.

එසේම මෙහිදී ඔබට පසුතලයන් ඉවත් කිරීමේ පහසුකම් මෙන්ම වෙනත් යෙදවුම් වල ඇති අනෙකුත් පහසුකම් එලෙසින්ම භුක්ති විඳිමට අවස්ථාව ලබා දී ඇත. වඩාත් සුන්දර පෙනුමැති ලෝගෝ නිර්මාණයට මෙම යෙදුම භාවිතා කල හැකිය.නොමිලේ ලබා දෙන පැකේජය මෙන්ම මුදල් ගෙවා ලබා ගැනීමට ද පැකේජ කිහිපයක් ඇත. සමාජ මාධ්‍යයන් සඳහා ග්‍රැෆික් නිර්මාණ සිදු කිරීමට ද අවස්ථාව ලබා දී ඇත.

https://snappa.com/

 Videoguide - Create Graphics Free, Easy and Fast Using Snappa Web App,  Without Software Download - YouTube


ඉතින් මෙම ග්‍රැෆික් නිර්මාණකරණය සඳහා ඇති වෙබ් අඩවි පිලිබඳ ලිපිය කිසිවෙකුට හෝ වැදගත් වන්නේ නම් මාධවට ද අවැසි වන්නේ එච්චරමය. එබැවින් අද ලිපිය මෙච්චරය. ඊළග ලිපි වලින් අනික්වා බලමු ය.

එච්චරය!

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form