CHAT GPT ගැන තවත් දේවල් ටිකක්


 

මාධව මේ ගැන කලින් ලියුමක දිග කතාවක් කිව්ව නෙව. අද කියන්ට යන්නේ CHAT GPT විසින් කොච්චර ඉල්ලීමක් කලත් ඉටු නොකරන දේවල් කීපයක් ගැන. මොකද සදාචාරය සහ පරිශීලකයින්ගේ ආරක්ෂාව උදෙසා මේ ආකාරයට ඔහු විසින් ලබා දෙන අණ ප්‍රතික්ෂේප කරන අවස්ථා කීපයක්ම තියනවා. මාධවත් ඉන් කීපයක්ම උත්සහ කලත් ඔහු දිගින් දිගටම ඒවා ප්‍රතික්ෂේප කරනවා මිස එයට යහපත් ප්‍රතිචාරයක් ලබා දෙන්නෑ.

 

මීට පෙර ලියූ ලිපිය

කෘතිම බුද්ධිය සමඟ - Chat GPT from Open AI


මුලින්ම කියන්නෝනි මෙම CHAT GPT කියන්නෙ සෙවුම් යන්ත්‍රයක් හෙවත් Search Engine එකක් නොවන බව. ඒ දෙකේ ලොකු වෙනසක් තියනවා.

what is search engine?  

The Top 11 Search Engines, Ranked by Popularity

අන්තර්ජාලයේ web Pages පිරික්සීමෙන් පරිශීලකයාට අවශ්‍ය තොරතුරු සොයා දීමේ වෙබ් අඩවි මෙම සෙවුම් යන්ත්‍ර ලෙස හඳුන්වනවා. මේවා මෘදුකාංගයක් වගේ. සෙවුම් යන්ත්‍ර වලට ඇතුලත් කර ඇති කේත මගින් ඉතා වේගයෙන් අන්තර්ජාලය පිරික්සීමෙන් පසු පරිශීලකයා වෙත ඔහු ඉල්ලුම් කල දේවල් වලට අදාල සමාන හෝ දේවල් සබැඳි ලැයිස්තුවක් ලෙස වෙබ් පිටුවක පෙන්වන්න මේ සෙවුම් යන්ත්‍ර වලට පුලුවන්.

මේ දෙකේ වෙනස - Chat GPT Vs Search Engine 

upload.wikimedia.org/wikipedia/commons/thumb/0/04/...

මෙහිදී අන්තර්ජාලයේ web Pages පිරික්සීමෙන් පරිශීලකයාට අවශ්‍ය තොරතුරු සොයා දීමේ වෙබ් අඩවි මෙම සෙවුම් යන්ත්‍ර ලෙස කියද්දී මෙම Chat GPT වලට හැකියාවක් නෑ බාහිර වෙබ් අඩවි සමඟ සම්බන්ධ වෙලා තොරතුරු සොයන්න. ඇත්තටම Chat GPT වලට පුලුවන් වෙලා තියෙන්නෙ ඔහුව නිර්මාණය කරද්දි ඔහුට ඇතුලත් කරපු දත්ත ආශ්‍රයෙන් පිළිතුරු දෙන්න පමණයි. නමුත් ඔහු දක්ෂ ලෙස එය සිදු කරන බව පේනවා.

වැරදි සිදු උනත් බොහෝ විට ඔහුගේ උත්තර නිවැරදි බවයි විශ්ලේෂණ අදහස් වලින් පෙනී යන්නේ.කෙසේ වෙතත් මාධවගේ පරීක්ෂාවන් බොහෝ විට සිංහල භාෂාවෙන් සිදු කරලා බැලුවම පේන්න තිබුනෙ මූට සිංහල බෑ. හැබැයි බර වචන ටිකක් කවුදෝ මේකට ඇතුලත් කරලා කියලා.

ඉතින් වෙනස ඒකයි. සෙවුම් යන්ත්‍ර අන්තර්ජාලයේ සෙවීම් කරලා පරිශීලකයාට උත්තර ලබා දෙද්දි මෙම Chat GPT කරන්නෙ සංවාදාත්මක ලෙස තමන් සතු දත්ත පමණක් භාවිතා කරලා පරිශීලකයාට උදව් කරන එකයි. ආන්න ඒකයි වෙනස.

ඉතින් මේ විදියට මාධව කලිනුත් කිව්වා වගේම මේ Chat GPTකියන හාදයව පුලුවන් නෙව පුද්ගලික සහකරු විදියට තියා ගන්නත්. ආන්න ඒම කිව්වම මූ ගොට්ටා වගේ කියන හැම දේටම හා කියන්නෙත් නෑ.

Chat GPT  3.5 සංස්කරණය විවිධ කාරණා ආශ්‍රිතව කටයුතු කිරීම ප්‍රතික්ශේප කරනවා.

 

LEN - www.lankaenews.com | Ignoring Crime Prevention is a Sri Lankan Policy  -by Basil Fernando

මාධව ඒ කිව්ව දෙයින් අදහස් වෙන්නෙ Chat GPT ට තේරුන් ගන්න පුලුවන් පරිශීලකයා ඉල්ලන දේ වර්තමානයේ පවතින නීති රාමුවලට යටත් ද කියන දේ. ඒ වගේම මනුස්සකම් වලට නිවැරදි දේ කුමක්ද කියන දේත් තේරෙනවා වෙන්නෝනි. වැරදි දේ වැරදිමයි කියලා පොදු උත්තරයක් තමා නිකුත් කරන්නෙ. කෝම වෙතත් පළමු උදාහරණය ලෙස සයිබර් අපරාධයක් වන පරිගණක වෛරසයක් සඳහා කේත ලබා දෙන්න කිව්වම ඔහු ඒක ප්‍රතික්ශේප කරනවා.

සියදිවි නසාගැනීම්, ලිංගික අපරාධ, කුණුහරුප හෝ එවැනි දෑ කෙරෙහිද ඔහුගේ ප්‍රතිචාරය වෙනසක් නෑ. ලෝකය හොඳ තැනක් කිරීමේ අභිළාෂයක් ඔහුට ඇති. කෙසේ වෙතත් මාධව වරක් විමසා උන්නා ඔහුට සිය දිවි නසා ගන්න පුලුවන්ද කියලා.

ඔහු එයට පිලිතුරු දීම ප්‍රතික්ශේප කලා ඒ වෙලාවේ...

පරිගණක ආශ්‍රිත වෙනත් හානිකර කටයුතු සිදු කරන බව පේනවනම් ඒකටත් ඔහු විරුද්ධ වෙනවා. එසේම ඔහුට 2021 වසරෙන් පසු දේවල් වලට තවමත් පිළිතුරු දෙන්න බෑ. ඒ ඔහුට ලබා දී ඇති දත්ත 2021 වර්ශය වන තෙක් සීමා වී ඇති නිසා.

තවද ඔහුට ක්‍රීඩාවන්ගේ හෝ දේශපාලනික කරුණු වල ජය පරාජයන් පිලිබඳව අනාවැකි කියන්නට දත්ත ලබා දී නැහැ. ඇතැම් විට ඒම පුලුවන් නම් රට රටවල් වල ජන්ද ව්‍යාපාර වලට දැඩි බලපෑමක් මෙන්ම ක්‍රීඩා ක්ෂේත්‍රයම බුකී ග්‍රහණයට නතු වෙන්න තිබුනා කියලා මාධව හිතනවා.

එසේම වෛරී ප්‍රකාශ සඳහා ඔහු ප්‍රතිචාර දක්වන්න කැමති නැහැ. තවද අපචාරාත්මක සහ දුෂණය සම්බන්ධ ප්‍රකාශ සඳහාද ඔහුගේ ප්‍රතිචාරය ප්‍රතික්ෂේප කරන සුලු එකක්.

ඉතින් මාධව කියන්ට කැමතියි මෙවැනි කරුණු කාරනා සම්බන්ධයෙන් ඔහු ලබාදෙන පිළිතුර බොහො විට සමාන එකක් බව.

තවද ඔහුට පරිශීලකයා විසින් ඉල්ලුම් කරන තොරතුරු වලට අදාලව ප්‍රමාණවත් ලෙසින් පැහැදිලි නොවුනොත් ඔහු උත්තර දෙන්න බෑ කියලා කියනවා. උදාහරණයක් ලෙස ඔහුට සංචාරකයින් සඳහා නිවාඩු නිකේතනයකට වෙබ් අඩවියක් උවමනයි කිව්වටම බෑ. වැකියෙන් වැකිය පැහැදිලි කරලා දීල කිව්වම තමා වැඩේ බබා වගේ සිද්ධ කරලා දෙන්නෙ.

ඒකත් අපූරුයි.


 

 

 

කෝම වෙතත් මෙම Chat GPT විසින් කාර්යයක් හෝ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කරන මොහොතේ ලබා දෙන පණිවුඩය සරලව කියවගත්තොත් මෙහෙම එකක්. ඔහු කියන්නෙ "මා ඔබේ කීකරු වහලා වුවද මේ සඳහා උපකාර කල නොහැකිය "  යන්නයි.

ඔබටත් chat GPT ගිණුමක් තිබේ නම් උත්සහ කරල බලන්න මෙවැනි අරුම පුදුම දේවල්. ඒම කලාය කියලා අමුතුවෙන් වෙන්න දෙයක් නෑ නෙව!

සුභ දවසක් මිත්‍රවරුණි!

1 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form